bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Peter 1
1 Peter 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 2 →
1
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙක්වූ පේතෘස් විසින් පොන්තස්හිද ගලාතියෙහිද කප්පදොකියෙහිද ආසියාවෙහිද බිතිනියෙහිද විසරගොස් විදේශීව සිටින්නාවූ,
2
ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමෙන් කීකරුවීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත්, පියවූ දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබූවන්ට ලියා එවන වග නම්: අනුග්‍රහයත් සමාදානයත් ඔබ සැමට වැඩිවේවා.
3
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,
4
ඔබ සැම උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලුටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන,
5
ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.
6
ඕනෑව තිබෙන විට ඔබ සැම දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන ඔබ සැම ඉතා ප්‍රීතිවන්නහුය.
7
එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන ඔබ සැමගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.
8
ඔබ සැම උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් ඔබ සැම උන්වහන්සේ කෙරෙහි අදහා,
9
ඔබ සැමගේ ඇදහිල්ලේ තීන්දුව වන ඔබ සැමගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.
10
ඔබ සැමට පැමිණෙන්ට තිබුණු අනුග්‍රහය ගැන අනාගතවාක්‍ය කී අනාගතවක්තෘවරුන් ඒ ගැළවීම ගැන බොහෝසෙයින් විභාගකොට සෙවුවෝය.
11
ඔවුන් තුළෙහිවූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේට නියමවූ වධවිඳීමද ඊට පසු පැමිණෙන තේජසද ගැන කලින් සාක්ෂිදුන් විට, කවර කාලයක් නොහොත් කොයි ප්‍රකාර කාලයක් හැඟවූසේක්ද කියා ඔව්හු සෙවුවෝය.
12
ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව ඔබ සැමට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය ඔබ සැමට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.
13
ඉන්නිසා ඔබ සැමගේ සිත් නැමති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ඔබ සැම වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට ඔබ සැමගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.
14
ඔබ සැමගේ නොදන්නාකමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවී, කීකරුකමේ දරුවන් මෙන්,
15
ඔබ සැම කැඳවූ තැනන්වහන්සේ ශුද්ධව සිටින්නාක්මෙන් ඔබ සැමත් ඔබ සැමගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටින්න.
16
මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් ඔබ සැමත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.
17
තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්රියාවේ ප්‍රකාර විනිශ්චයකරන තැනන්වහන්සේට පියාණෝය කියා ඔබ සැම යාච්ඤාකරන්නහු නම්, ඔබ සැමගේ විදේශීව සිටීමේ කාලය භයින් පසුකරන්න.
18
මක්නිසාද ඔබ සැමගේ පියවරුන්ගෙන් ලැබූ ඔබ සැමගේ නිෂ්ඵල හැසිරීමෙන් ඔබ සැම මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව,
19
කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව ඔබ සැම දන්නහුය.
20
ලෝකය මැවීමට පළමුවෙන් නියමකරනු ලැබූ උන්වහන්සේව මළවුන්ගෙන් නැගුටුවා, උන්වහන්සේට මහිමය දුන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි උන්වහන්සේ කරණකොටගෙන අදහන්නාවූ ඔබ සැම උදෙසා,
21
උන්වහන්සේ කාලවල කෙළවරදී ප්‍රකාශකරනු ලැබූසේක; මෙසේ ඔබ සැමගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි ඇත්තේය.
22
සහෝදරයන්ට අවංකකමින් ප්‍රේමකරන පිණිස සත්‍යතාවට කීකරුවීමෙන් ඔබ සැමගේ ආත්ම පිරිසිදු කරගත් බැවින් සිතින් එකිනෙකාට උනන්දුලෙස ප්‍රේමකරන්න.
23
මක්නිසාද ඔබ සැම කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.
24
කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ.
25
නුමුත් ස්වාමීන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය. මේ වනාහි ඔබ සැමට දේශනාකරනලද ශුභාරංචි වචනයය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 2 →
All chapters:
1
2
3
4
5