bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
1 Peter 5
1 Peter 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
1
ඉතින් වැඩිමහල්ලෙක්ද ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව්වෙන්ට තිබෙන තේජසට පංගුකාරයෙක්ද වන මම, ඔබ සැම අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනාකරමි.
2
ඔබ සැම අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,
3
ඔබ සැමගේ භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව ඔබ සැමම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලාගන්න.
4
එවිට ප්‍රධාන එඬේරාණන් ප්රකාශවන කල්හි ඔබ සැම තේජසේ නොමැළවෙන්නාවූ ඔටුන්න ලබන්නහුය.
5
එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, ඔබ සැම සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.
6
එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී ඔබ සැම උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;
7
උන්වහන්සේ ඔබ සැම ගැන සලකන බැවින් ඔබ සැමගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න.
8
සිහි ඇතිව, අවදිව ඉන්න. ඔබ සැමගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.
9
ලෝකයෙහි සිටින ඔබ සැමගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, ඔබ සැමගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.
10
එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට ඔබ සැම කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, ඔබ සැම ස්වල්ප කලක් දුක්වින්ද පසු, ඔබ සැම සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.
11
උන්වහන්සේට සදාකාලේටම පරාක්‍රමය වේවා. ආමෙන්.
12
මෙය දෙවියන්වහන්සේගේ සැබෑ කරුණාව බවට මම සාක්ෂිදෙමින්ද අනුශාසනාකරමින්ද අපේ විශ්වාස සහෝදරයෙක්යයි මා සලකන සිල්වානස් අත ලුහුඬින් ඔබ සැමට ලියා එව්වෙමි. එහි ස්ථිරව පිහිටා සිටින්න.
13
ඔබ සැම සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි සිටින තැනැත්තී ඔබ සැමට ආචාරකරන්නීය; මාගේ පුත්‍රවූ මාර්ක් එසේම ඔබ සැමට ආචාරකරයි.
14
ප්‍රේමයේ සිඹීමකින් එකිනෙකාට ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින ඔබ සැම සියල්ලන්ට සමාදානය වේවා.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
All chapters:
1
2
3
4
5