bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Thessalonians 2
2 Thessalonians 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
1
සහෝදරයෙනි, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමද උන්වහන්සේ වෙතට අපගේ රැස්වීමද ගැන,
2
ස්වාමීන්වහන්සේගේ දවස ළංවී තිබේයයි ආත්මයෙන්වත් වචනයෙන්වත් අපෙන් ලැබුණාක්මෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකැලඹෙන හැටියටද අපි ඔබ සැමගෙන් උදක්ම ඉල්ලමුව.
3
කිසිවෙකුට කිසිසේත් ඔබ සැම රවටන්ට ඉඩ නාරින්න. මක්නිසාද ඇදහිල්ලෙන් වැටීයාමත් විනාශයේ පුත්‍රයා වන පාපයේ මනුෂ්‍යයා එළිදරව්වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපැමිණෙන්නේය.
4
ඔහු, දෙවියන්වහන්සේයයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාරකරනු ලබන්නාවූ සියල්ලන්ට විරුද්ධව සිට, ඒ සියල්ලන්ට වඩා තමාම උසස්කරගෙන, දේවමාළිගාවෙහි වාඩිවී හිඳ, තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය.
5
මා ඔබ සැම සමඟ සිටියදීම මේ කාරණා ඔබ සැමට කී බව ඔබ සැමට මතක නැද්ද?
6
ඔහු තමාගේම කාලයේදී එළිදරව්වෙන පිණිස දැන් වලක්වන්නේ කිමෙක්ද කියාත් ඔබ සැම දනිහුය.
7
මක්නිසාද නොපනත්කමේ අභිරහස දැනටම ක්‍රියාකරන්නේය. නුමුත් තමා පහකරනු ලබන තුරු දැන් වලක්වන්නාවූ කෙනෙක් සිටී.
8
එවිට නොපනත්කම් කරන්නා එළිදරව්වන්නේය. ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ මුඛයේ හුස්මෙන් ඔහු නසා, තමන්වහන්සේගේ ඊමේ ප්‍රකාශවීමෙන් නාස්තිකරනසේක.
9
ඔහුගේ ඊට සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර ආශ්චර්ය වලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද,
10
විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.
11
මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්නවූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස,
12
බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුළාවේ ක්රියාකිරීමක් ඔවුන්ට එවනසේක.
13
නුමුත්, ස්වාමීන්වහන්සේ විසින් ප්‍රේමකරනු ලබන සහෝදරයෙනි, ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමද සැබෑව ඇදහීමද කරණකොටගෙන ඔබ සැම ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ පටන්ගැන්මේ සිට ඔබ සැම තෝරාගත් නිසා ඔබ සැම ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව.
14
අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තේජස ලබාගැනීම පිණිස උන්වහන්සේ අපේ ශුභාරංචිය කරණකොටගෙන ඔබ සැම ඊට කැඳෙවුසේක.
15
එබැවින්, සහෝදරයෙනි, ඔබ සැම ස්ථිරව සිට අපගේ වචනයෙන් හෝ ලියුමෙන් හෝ ඔබ සැමට ඉගැන්වූ ගුරුකම් තදින් අල්ලාගෙනම සිටින්න.
16
තවද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේමද අපට ප්‍රේමකොට, සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත් අනුග්‍රහය කරණකොටගෙන අපට දුන් අපගේ පියවූ දෙවියන්වහන්සේද,
17
ඔබ සැමගේ සිත් සනසා, සියලු යහපත් ක්‍රියාවලද වචනවලද ඔබ සැම ස්ථිරකරනසේක්වා.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
All chapters:
1
2
3