bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
2 Thessalonians 3
2 Thessalonians 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
1
ඉතින්, සහෝදරයෙනි, ඔබ සැම අතරෙහි සිද්ධවුණාක්මෙන් [වෙන තැන්වලත්] ස්වාමීන්වහන්සේගේ වචනය පතළවී ගොස් ගෞරවයට පැමිණෙන පිණිසද,
2
හිතුවක්කාර නපුරු මනුෂ්‍යයන්ගෙන් අප ගළවනු ලබන පිණිසද අප උදෙසා යාච්ඤාකරන්න; මක්නිසාද සියල්ලන්ටම ඇදහීම නැත.
3
නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඔබ සැම ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක.
4
තවද අප ආඥාකරන දේ ඔබ සැම කරනවාය කියාද මතුත් කරනවා ඇත කියාද ඔබ සැම ගැන ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමුව.
5
ස්වාමීන්වහන්සේද ඔබ සැමගේ සිත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත් ක්‍රිස්තුස්වහන්සේගේ ඉවසීමටත් පමුණුවන සේක්වා.
6
තවද, සහෝදරයෙනි, අපෙන් ලැබූ නියෝග ප්‍රකාරයට නොව, අනියම් ලෙස හැසිරෙන්නාවූ සියලු සහෝදරයන්ගෙන් වෙන්ව සිටින මෙන් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපි ඔබ සැමට අණකරමුව.
7
මක්නිසාද අප අනුවයන්නෝ වෙන්ට ඕනෑ කෙසේද කියා ඔබ සැමම දනිවුය. මක්නිසාද අපි ඔබ සැම අතරෙහි අනියම් ලෙස නොහැසිර,
8
කාගෙන්වත් කෑම නිකමට නොකා, ඔබ සැමගෙන් කාටවත් බරක් නොවන පිණිස වීර්යය හා වෙහෙසින් යුක්තව රෑ දාවල් වැඩකළෙමුව.
9
එසේ කළේ බරක් වෙන්ට අපට අයිතිවාසිකම නැති නිසා නොව, අපම ඔබ සැමට ආදර්ශයක් වන පිණිසත් ඔබ සැම අප අනුවයන්නන් වන පිණිසත්ය.
10
මක්නිසාද යමෙක් වැඩකරන්ට කැමති නැත්නම් ඔහු කෑම නොකා සිටීවා කියා අපි ඔබ සැම සමඟ සිටිද්දීම පවා ඔබ සැමට අණකෙළෙමුව.
11
ඔබ සැම අතරෙන් සමහරු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට මැදිවෙමින්, අනියම්ලෙස හැසිරෙන බව අපි ඇසීමුව.
12
ඉඳින් නිශ්චලකමින් වැඩකරමින්, තමුන්ම ලබාගත් කෑම කන හැටියට අපි එබඳු අයට ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ආඥාකොට අවවාදකරමුව.
13
නුමුත්, සහෝදරයෙනි, ඔබ සැම යහපත කිරීමට මැළි නොවෙන්න.
14
යමෙක් මේ ලියුමේ අපේ වචනයට කීකරු නොවන්නේ නම්, ඔබ සැම ඔහු බලාගෙන, ඔහු ලජ්ජාවන පිණිස ඔහු සමඟ සමාගම් නොපවත්වා සිටින්න.
15
නුමුත් ඔහු සතුරෙකු මෙන් ගණන්නොගෙන, සහෝදරයෙකුට මෙන් දැනමුතුකම් දෙන්න.
16
සමාදානයේ ස්වාමීන්වහන්සේම ඔබ සැමට නිතරම සියලු ආකාරයෙන් සමාදානය දෙනසේක්වා. ස්වාමීන්වහන්සේ ඔබ සැම සියල්ලන් සමඟ සිටිනසේක්වා.
17
පාවුල් යන මාගේම අතින් ලියන ආචාරකිරීමය, ඒ වනාහි සියලු ලියුම්වලට ලකුණය; එසේ ලියමි. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව ඔබ සැම සියල්ලන් සමඟ වේවා.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
All chapters:
1
2
3