bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Colossians 2
Colossians 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
1
එසේය, ඔබ සැම උදෙසාත් ලවොදිකයෙහි සිටින්නන් උදෙසාත් මාංසාකාරයෙන් මාගේ මුහුණ නුදුටු සියල්ලන් උදෙසාත් කොපමණ මහත් පොරඇල්ලීමක් මට තිබේද කියා ඔබ සැම දැනගන්නවාට කැමැත්තෙමි.
2
ඒ වනාහි ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධවී, තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නැමති සියලු සම්පත භුක්තිවිඳිමින්, ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත්, දෙවියන්වහන්සේගේ රහස වන ක්‍රිස්තුස්වහන්සේ දැනගන්නා පිණිසත්ය.
3
ඒ තැනන්වහන්සේ තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර ඇත්තේමය.
4
මෙසේ මා කියන්නේ සිත් ප්‍රසන්න කරන කථාවෙන් කිසිවෙකු විසින් ඔබ සැම මුළා නොකරන පිණිසය.
5
මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් ඔබ සැම සමඟ සිට, ඔබ සැමගේ පිළිෙවළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන ඔබ සැමගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.
6
එබැවින් ඔබ සැම ස්වාමීවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව,
7
ඔබ සැමට ඉගැන්නූ ලෙසම ඔබ සැමගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.
8
ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන ඔබ සැම කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.
9
මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසයකරන්නේය.
10
සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ ඔබ සැම පූර්ණව සිටින්නහුය.
11
අතින් නොකළ චර්මඡේද්‍යයක් වන මාංසයේ ශරීරය පහකිරීම නැමති ක්‍රිස්තුස් වහන්සේගේ චර්මඡේද්‍යයෙන් උන්වහන්සේ තුළ ඔබ සැම චර්මඡේද්‍ය කරනු ලැබුවහුය.
12
ඔබ සැම උන්වහන්සේ සමඟ බව්තීස්මයෙහි තැන්පත්කරනු ලැබ, උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුවාවූ දෙවියන්වහන්සේගේ ක්‍රියාකිරීම කෙරෙහි ඇදහීම කරණකොටගෙන, උන්වහන්සේ සමඟ නැගුටුවනු ලැබුවහුය.
13
ඔබ සැමගේ වරදවලද මාංසයේ අචර්මඡේද්‍යයෙහිද මැරී සිටියාවූ ඔබ සැම, උන්වහන්සේ සමඟ ජීවත්කරවූසේක. එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමාකළසේක;
14
අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක.
15
උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලයලත්තන්ද පහකොට, ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා, කුරුසිය කරණකොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශකළසේක.
16
එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් ඔබ සැම විනිශ්චයකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න.
17
ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය; නුමුත් සිරුර ක්‍රිස්තුස්වහන්සේගේය.
18
පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම ඔබ සැමගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,
19
මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැදී සිටින්නේය.
20
ඔබ සැම ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ මැරුණහුනම්, ලෝකයෙහි ජීවත්වන්නාක් මෙන් මනුෂ්‍යයන්ගේ ශික්ෂා හා ධර්ම අනුව:
21
අල්ලන්ටවත් රසබලන්ටවත් අතගසන්ටවත් එපාය යන නියෝගවලට යටත්වන්නේ මක්නිසාද?
22
මේ සියල්ල පාවිච්චිකිරීමෙන් දිරායන්ට තිබේ.
23
ඒ දේවල් වනාහි කැමතිලෙස නමස්කාර කිරීමෙන්ද පහත්වීමෙන්ද ශරීරයට හිංසාකරගැනීමෙන්ද ඥානවන්තකමක් මෙන් පෙනේ; නුමුත් මාංසයේ තෘෂ්ණා වැලැක්වීම සඳහා ඒවායේ කිසි වටිනාකමක් නැත.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
All chapters:
1
2
3
4