bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Colossians 3
Colossians 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
1
ඉඳින් ඔබ සැම ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගුටුවනලද්දහු නම් උසස් තැන්හි තිබෙන දේවල් සොයාන්න. එහි ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ වැඩහිඳිනසේක.
2
පොළොවේ තිබෙන දේ නොව උසස්තැන්හි තිබෙන දේම සලකන්න.
3
මක්නිසාද ඔබ සැම මළහුය, ඔබ සැමගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.
4
අපේ ජීවනය වන ක්‍රිස්තුස්වහන්සේ ප්රකාශවන කල, ඔබ සැමත් උන්වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශවන්නහුය.
5
එබැවින් පොළොවේ තිබෙන ඔබ සැමගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත් අපිරිසිදුකමත් කාමරාගයත් නපුරු තෘෂ්ණාවත් රූපවැදීමවූ තණ්හාවත් නසන්න.
6
මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.
7
ඔබ සැමත් පසුගිය කාලයෙහි ඒ දේවල ජීවත්වූ කල ඒවායෙහි හැසුරුණහුය.
8
නුමුත් දැන් ඔබ සැම ඒ සියල්ලකෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දාකිරීම, ඔබ සැමගේ මුඛයෙන් නික්මෙන කැත කථාව-පහකරන්න.
9
එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද ඔබ සැම පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,
10
අලුත් මනුෂ්‍යයාව මැවූ තැනන්වහන්සේගේ රූපය ලෙස සම්පූර්ණ දැනගැන්ම සඳහා අලුත්කරනු ලබන ඒ අලුත් මනුෂ්‍යයාව පැළඳගත්තහුය.
11
එහි ග්‍රීකයෙක්වත් යුදෙව්වෙක්වත් චර්මජේද්යයෙක්වත් අචර්මඡේද්‍යයෙක්වත් ම්ලේච්ඡයෙක්වත් ස්කිතියෙක්වත් දාසයෙක්වත් නිර්දාසයෙක්වත් සිටිනවා නොව, ක්‍රිස්තුස්වහන්සේ සියල්ලව, සියල්ලන් තුළ සිටිනසේක.
12
එබැවින් දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ප්‍රේමවන්තවූ තෝරාගත්තවුන් මෙන් දයාබර හිතක්ද ගුණවන්තකමක්ද යටත්කමද මෘදුකමද ඉවසිලිවන්තකමද පැළඳගෙන,
13
එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ ඔබ සැමට කමාවුණාක්මෙන් ඔබ සැමත් කරන්න.
14
මේ සියල්ල උඩින් ප්‍රේමය නැමති සම්පූර්ණකමේ බැම්ම බැඳගන්න.
15
ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය ඔබ සැමගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස ඔබ සැම එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න;
16
ක්‍රිස්තුස්වහන්සේගේ වචනය ඔබ සැම තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. ඔබ සැම ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, ඔබ සැමගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීගයන්න.
17
තවද ඔබ සැම වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක්කරතත්, සියල්ලම ස්වාමීවූ යේසුස්වහන්සේගේ නාමයෙන් කරමින්, උන්වහන්සේ කරණකොටගෙන පියවූ දෙවියන්වහන්සේට ස්තුතිකරන්න.
18
භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස, ඔබ සැමගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.
19
පුරුෂයෙනි, ඔබ සැමගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවී ඔවුන්ට ප්‍රේමකරන්න.
20
දරුවෙනි, සියලු කාරණාවලදී මවුපියන්ට කීකරුවෙන්න, මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේට ප්‍රසන්නය.
21
පියවරුනි, ඔබ සැමගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න.
22
දාසයෙනි, මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හිතේ අවංකකමෙන්, මාංසාකාරයෙන් ඔබ සැමගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරුවෙන්න.
23
ඔබ සැමට ඔබ සැමගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන,
24
ඔබ සැම කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. ඔබ සැම සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.
25
මක්නිසාද අයුක්තිය කරන්නා තමා කළාවූ අයුක්තියේ ඵල ලබන්නේය. තරාතිරම් බැලීමක් නැත්තේය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
All chapters:
1
2
3
4