bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jonah 2
Jonah 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
1
එකල යෝනා මත්ස්‍යයාගේ බඩේ සිට තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරමින් මෙසේ කීවේය:-
2
මාගේ පීඩාව නිසා ස්වාමීන්වහන්සේ ට හඬගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන් සේක; පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූසේක.
3
ඔබ මුහුද මධ්‍යයේ ගැඹුරට මා හෙළූසේක, ජලධාරාවද මා වටකර තිබුණේය; ඔබගේ රැළ හා ඔබගේ ජලකඳු සියල්ල මට උඩින් ගලාගියේය.
4
එවිට මම: ඔබගේ ඇස් හමුයෙන් පහකරනු ලැබීමි; එහෙත් ඔබගේ ශුද්ධ මාළිගාව දෙස නැවත බලන්නෙමියි කීමි.
5
ජලයෝ ප්‍රාණ හානිය දක්වා මා වටකරගත්තෝය; ගැඹුර මා වටේට පැමිණියේය; මුහුද පන් මාගේ ඉස වටේ එතුණේය.
6
කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක.
7
මා තුළ මාගේ ආත්මය ක්ලාන්තවූ විට මම ස්වාමීන්වහන්සේ සිහිකෙළෙමි. මාගේ යාච්ඤාව ඔබ වෙතට, ඔබගේ ශුද්ධ මාළිගාවට, පැමිණියේය.
8
බොරු නිරර්ථක දේවල් සලකන්නෝ තමුන්ගේම රක්ෂස්ථානය හැර දමති.
9
එහෙත් මම ස්තුති හඬකින් ඔබට පූජා ඔප්පුකරන්නෙමි; බාරවූ දේ ගෙවන්නෙමි. ගැළවීම අයිති ස්වාමීන්වහන්සේ ට යයි කීවේය.
10
ස්වාමීන්වහන්සේ මත්ස්‍යයාට කථාකලසේක, එවිට ඌ යෝනා ගොඩට වමාරාලුයේය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 3 →
All chapters:
1
2
3
4
Recommended Reading
Commentary
Jonah Commentaries
→
Devotional
Jonah Devotional Guide
→
Get This Bible
SROV Study Bible
→