bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Jonah 4
Jonah 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
1
නුමුත් යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව, කෝපවිය.
2
ඔහු ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරමින්: අනේ ස්වාමීන්වහන්ස, මාගේ රටේ සිටියදීම මා කීවේ මෙය නොවේද? එබැවින් මම තර්ෂිෂ්ට පලායන්ට ඉක්මන් කෙළෙමි. මක්නිසාද ඔබ දයාවන්තවූ, අනුකම්පා ඇත්තාවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ, විපත්තිය ගැන තැවෙන්නාවූ දෙවිකෙනෙකු බව දැනගන සිටියෙමි.
3
ඉතින්, ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය මාගෙන් තුරන්කරගත මැනව; ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය.
4
නුමුත් ස්වාමීන්වහන්සේ: කෝපවෙන්ට ඔබට යුතුදැයි කීසේක.
5
යෝනා නුවරින් පිටතට ගොස්, නුවරට නැගෙනහිරෙන් ඉඳගත්තේය, ඔහු එහි පැලක් සාදාගෙන නුවරට මක්වේද කියා බලන පිණිස ඒක යට සෙවණෙහි හිඳගත්තේ.
6
දෙවිවූ ස්වාමීන්වහන්සේ ලබු වැලක් නියමකර, යෝනා ඔහුගේ දුකින් මුදන්ට ඔහුගේ හිසට උඩින් සෙවණක් වීමට ඒක ඔහුට උඩින් යන්ට සැලැස්සූසේක. යෝනා ලබුවැල ගැන ඉතා ප්‍රීතිවුණේය.
7
එහෙත් පසුවදා පහන්වූ විට දෙවියන්වහන්සේ පණුවෙකු නියමකළසේක, ඌ ලබුවැල කෑ විට ඒක වියළී ගියේය.
8
තවද ඉර උදාවූ කල දෙවියන්වහන්සේ ග්‍රීෂ්මය ඇති පෙරදිග හුළඟක් නියමකළසේක; අව්ව යෝනාගේ ඉසට වැදී, ඔහු ක්ලාන්තවී, තමාගේ ප්‍රාණය හානිවෙන ලෙස ඉල්ලා: ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය.
9
ලබුවැල ගැන කෝපවෙන්ට ඔබට යුතුදැයි දෙවියන්වහන්සේ යෝනාට කීසේක. මැරෙන තරම් කෝපවෙන්ට මට යුතුයයි ඔහු කීවේය.
10
එවිට ස්වාමීන්වහන්සේ: ඔබේ මාන්සිවීමක්වත් වැවීමක්වත් නැතුව රාත්‍රියකින් හටගෙන රාත්‍රියකින් නැතිවීගිය ලබුවැල කෙරෙහි ඔබ අනුකම්පාකෙළෙහිය.
11
එසේ නම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු නොවේදැයි කීසේක.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
All chapters:
1
2
3
4