bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Revelation 11
Revelation 11
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 12 →
1
සැරයටියක් වාගේ බටදණ්ඩක් මට දෙනලද්දේය. එවිට කෙනෙක් මට කථාකරමින්: නැගිට දෙවියන්වහන්සේගේ මාළිගාවද පූජාසනයද එහි නමස්කාරකරන්නන්ද මනින්න.
2
මාළිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍යජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමැන අත්හරින්න. ඔව්හු ශුද්ධවූ නුවර සතළිස් දෙමාසයක් පයින් පාගාදමන්නෝය.
3
තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝයයි කීවේය.
4
මොව්හු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට සිටින ඔලීව ගස් දෙකද පහන් රුක් දෙකද වෙති.
5
යමෙක් ඔවුනට අනතුරුකරන්ට කැමතිවේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශකරයි. යමෙක් ඔවුන්ට අනතුරුකරන්ට කැමතිවන්නේ නම් ඔහු මෙලෙස මරනු ලබන්ට ඕනෑය.
6
තමුන්ගේ අනාගතවාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස අහස්තලය පියන්ට මොවුන්ට බලය තිබේ. වතුර කෙරෙහි කැමති විටක වතුර ලේ කරන්ටත් සියලු පීඩාවලින් පොළොවට පහරදෙන්ටත් ඔවුන්ට බලය තිබේ.
7
ඔවුන් තමුන්ගේ සාක්ෂිය නිමකළ විට පාතාලයෙන් නැගී එන මෘගයා ඔවුන්ට විරුද්ධව යුද්ධකොට, ඔවුන්ගෙන් ජයගෙන ඔවුන් මරන්නේය.
8
ඔවුන්ගේ මළකඳන් වනාහි සොදොම සහ මිසරයත්යයි ආත්මික අර්ථයෙන් කියනු ලබන, ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ කුරුසියෙහි ඇණගසනලද මහත් නුවර වීතියේ තිබෙනවා ඇත.
9
සෙනඟගෙන්ද ගෝත්රයන්ගෙන්ද භාෂාවන්ගෙන්ද ජාතීන්ගෙන්ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මළකඳන් දෙස දවස් තුනහමාරක් බලා සිටිමින්, මළකඳන් සොහොනක තබන්ට ඉඩ නොදෙති.
10
මේ ප්‍රොපේතවරුන් දෙදෙන පොළොවේ වසන්නන්ට වධකළ නිසා, පොළොවේ වසන්නෝ ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂවෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය.
11
ඒ දවස් තුනහමාරට පසු ජීවන හුස්ම දෙවියන්වහන්සේගෙන් ඔවුන් තුළට පැමිණ, ඔව්හු නැගිට සිටියෝය; ඔවුන් දුටුවන් කෙරෙහි මහත් භය පැමුණුණේය.
12
මෙහි නැගී එන්නැයි ස්වර්ගයෙන් තමුන්ට කියන මහත් හඬක් ඔවුන්ට ඇසුණේය. ඔව්හුද වලාකුළෙන් ස්වර්ගයට නැගී ගියෝය; ඔවුන්ගේ සතුරෝද ඔවුන් දුටුවෝය.
13
එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.
14
දෙවෙනි දුක පසුවිය. බලව, තුන්වෙනි දුක ඉක්මනින් එන්නේය.
15
සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.
16
දෙවියන්වහන්සේ ඉදිරිපිට තමුන්ගේ සිංහාසනවල වාඩිව ඉන්න වැඩිමහල්ලන් විසිහතරදෙනා මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාරකොට,
17
සිටින්නාවූ, සිටියාවූ, සර්පවරාක්රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලය රැගෙන ඔබ රජකම්කළ බැවින් අපි ඔබට ස්තුතිකරමුව.
18
ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ට විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණේයයි කීවෝය.
19
එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22