bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Revelation 21
Revelation 21
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 22 →
1
අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය.
2
තවද තමාගේ පුරුෂයාට සරසනලද මනමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි.
3
තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක.
4
උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඩීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.
5
සිංහාසනය පිට වැඩහුන් තැනන්වහන්සේ කථාකොට: බලව, සියල්ල අලුත්කරමියි කීසේක. තවද උන්වහන්සේ කථාකොට: ලියන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීසේක.
6
උන්වහන්සේ මට කථාකොට: ඒවා ඉෂ්ටවුණේය. මම අල්ඵා සහ ඕමෙගාය, පටන්ගැන්ම හා අන්තිමය. පිපාසාය ඇත්තාට මම ජීවන-වතුර-උල්පතෙන් නොමිලයේ බොන්ට දෙන්නෙමි.
7
ජයගන්නා මේ දේවල් උරුමකරගන්නේය; මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුත්‍රයා වන්නේය.
8
නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.
9
අන්තිම පීඩා සත සහ පාත්‍රා සත දැරූ දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනක් ඇවිත් මා සමඟ කථාකොට: මෙහි එන්න, බැටළුපැටවාණන්ගේ භාර්යාව වන මනමාලී ඔබට පෙන්වන්නෙමියි කීවේය.
10
ඔහු මහත්වූ උස්වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මා ගෙනගොස්, ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය.
11
ඇගේ ආලෝකය ඉතා අනර්ඝවූ මාණික්‍යයකට සමානය; එනම් පළිඟු මෙන් පැහැදිලිවූ සූර්යකාන්ති ගලක් වාගේය.
12
මහත්වූ උස්වූ පවුරක්ද දොරටු දොළොසක්ද ඊට තිබුණේය, දොරටු ළඟ දේවදූතයෝ දොළොස් දෙනෙක් සිටියෝය; ඒපිට නාම ලියා තිබුණේය, ඒ නාම වනාහි ඉශ්රායෙල් පුත්‍රයන්ගේ දොළොස් ගෝත්‍රයන්ගේ නාමවල්ය.
13
නැගෙනහිරින් දොරටු තුනක්ද, උතුරෙන් දොරටු තුනක්ද, දකුණෙන් දොරටු තුනක්ද, බස්නාහිරින් දොරටු තුනක්ද තිබුණේය.
14
නුවර පවුරට අත්තිවාරම් දොළොසක් තිබුණේය, ඒවා පිට බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාම දොළොස ලියා තිබුණේය.
15
මා සමඟ කථාකළ තැනැත්තාට නුවරද එහි දොරටුද එහි පවුරද මනින පිණිස මිම්මක් කොට රන් දණ්ඩක් තිබුණේය.
16
නුවර සතරැස්ව පිහිටා තිබේ, එහි දිගද පළලේ ප්‍රමාණයට තිබේ. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය පර්ලොං දොළොස් දහසක්ය. එහි දිගත් පළලත් උසත් එක සමානය.
17
ඔහු එහි පවුර මැන්නේය, ඒක මිනිහෙකුගේ එනම් දේවදූතයෙකුගේ මිම්මෙන් එකසිය හතළිස්හතර රියනක්ය.
18
එහි පවුර සූර්යකාන්තිවලින් ගොඩනඟා තිබුණේය. නුවරද පවිත්‍ර වීදුරුවලට සමානවූ පවිත්‍ර රන්ය.
19
නුවර පවුරේ අත්තිවාරම් සියලු ආකාර අනර්ඝ ගල්වලින් සරසා තිබුණේය. පළමුවෙනි අත්තිවාරම සූර්යකාන්තියය; දෙවෙනි එක නීලකාන්තියය; තුන්වෙනි එක වර්ණකාන්තියය; සතරවෙනි එක මරකතයය;
20
පස්වෙනි එක නාඛමාණික්‍යය; සවෙනි එක ලෝහිතංකයය; සත්වෙනි එක රන්කාන්තියය; අටවෙනි එක වෛදූර්යය; නවෙනි එක පුෂ්පරාගයය; දසවෙනි එක ගෝමේදයය; එකළොස්වෙනි එක පද්මරාගය; දොළොස්වෙනි එක අඹතෙස්ය.
21
දොරටු දොළොස මුතු දොළොසක්ය; එක එක දොරටුව එක එක මුතුඇටයකින් සාදා තිබුණේය. නුවර වීථිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත්‍ර රන්ය.
22
මම එහි දේවමාළිගාවක් නුදුටිමි. මක්නිසාද සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේද බැටළුපැටවාණෝද එහි දේවමාළිගාවය.
23
දෙවියන්වහන්සේගේ තේජසින් නුවර ආලෝකවූ බැවින්ද බැටළුපැටවාණන් එහි පහන වන බැවින්ද එහි බැබළීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත.
24
ජාතීහු එහි එළියෙහි ඇවිදිති. පොළොවේ රජවරු තමුන්ගේ තේජස ඊට ගෙනෙති.
25
එහි දොරටු දවාලේ කිසිසේත් වසනු නොලබන්නේය. මක්නිසාද එහි රාත්‍රියක් නොවන්නේය.
26
ඔව්හු ජාතීන්ගේ තේජසත් ගෞරවයත් ඊට ගෙනෙනවා ඇත.
27
බැටළුපැටවාණන්ගේ ජීවන-පොතෙහි ලියනලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය.
← Chapter 20
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 22 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22