bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Romans 10
Romans 10
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 11 →
1
සහෝදරයෙනි, ඔවුන් උදෙසා මාගේ සිතේ ආශාවත් දෙවියන්වහන්සේට කරන කන්නලව්වත් නම් ඔවුන් ගැළවෙන පිණිසය.
2
මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂිදෙමි. නුමුත් එය දැනගැම්ම ඇතුව නොවේ.
3
මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.
4
මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.
5
මක්නිසාද ව්‍යවස්ථාවෙන් වූ ධර්මිෂ්ඨකම ගැන නම්: මේ දේ කරන තැනැත්තා එයින් ජීවත්වන්නේයයි මෝසෙස් ලියා තිබේ.
6
නුමුත් ඇදහිල්ලෙන් වූ ධර්මිෂ්ඨකම කථාකොට,--ක්‍රිස්තුස්වහන්සේව බස්සවාගන්න පිණිස-‘ස්වර්ගයට නගින්නේ කවුද කියාවත්,-
7
ක්‍රිස්තුස්වහන්සේව මළවුන්ගෙන් ගෙනෙන පිණිස,--‘පාතාලයට බසින්නේ කවුද කියාවත් ඔබේ සිතින් නොසිතන්නැයි කියන්නේය. තවත් කුමක් කියන්නේද?
8
වාක්‍යය ඔබ ළඟය, ඔබේ මුඛයේද ඔබේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය.
9
කුමක්හෙයින්ද යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි ඔබේ මුඛයෙන් ප්‍රකාශකරන්නෙහිනම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගළවනු ලබන්නෙහිය.
10
මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.
11
උන්වහන්සේ කෙරෙහි අදහන කවරෙක්වත් ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ල කියන්නේය.
12
මක්නිසාද යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන්වහන්සේ සියල්ලන්ට ස්වාමිව, උන්වහන්සේට යාච්ඤාකරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටිනසේක.
13
මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය.
14
එසේ නම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?
15
(සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.
16
නුමුත් ඔවුන් සියල්ලම ඒ යහපත් ආරංචියට ඇහුම්කන්දුන්නේ නැත. මක්නිසාද: ස්වාමිනි, අපේ දැන්වීම විශ්වාසකළේ කවුදැයි යෙසායා කියයි.
17
මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.
18
නුමුත් ඔව්හු නොඇසුවෝදැයි මම අසමි. එසේය, සැබවින්, ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.
19
නුමුත් ඉශ්රායෙල් නොදැන සිටියේදැයි අසමි: ජාතියක් නොවන්නන් කරණකොටගෙන ඔබ සැම ජ්වලිතකරවන්නෙමි, තේරුම් නැත්තාවූ ජාතියක් කරණකොටගෙන ඔබ සැම කෝපකරවන්නෙමියි පළමුකොට මෝසෙස් කියයි.
20
ඇරත් යෙසායා ඉතා නිර්භීතව කථාකරමින්: මා නොසෙවුවන්ට සම්බවීමි; මා ගැන විභාග නොකළවුන්ට ප්‍රකාශවීමියි කියයි.
21
නුමුත් ඔහු ඉශ්රායෙල් ගැන කථාකොට: අකීකරුවූ විරුද්ධවාදීවූ සෙනඟකට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගෙන සිටියෙමියි කියයි.
← Chapter 9
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 11 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16