bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Romans 15
Romans 15
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 16 →
1
ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය.
2
අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා.
3
මක්නිසාද: ඔබට නින්දාකළවුන්ගේ නින්දා මා පිටට පැමිණියේයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස්වහන්සේද තමන්ම සතුටුකර නොගත්සේක.
4
මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.
5
ඔබ සැම එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස,
6
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස ඔබ සැම එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.
7
එහෙයින් දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස ක්‍රිස්තුස්වහන්සේ ඔබ සැම පිළිගත් ලෙසම ඔබ සැමත් එකිනෙකා පිළිගන්න.
8
මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ සත්‍යතාව උදෙසා චර්මඡේද්‍යයේ මෙහෙකරුවෙක් වූසේකැයි කියමි. කුමටද, පියවරුන්ට දුන් පොරොන්දු ස්ථිරකරන පිණිසත්,
9
අන්‍යජාතීන් විසින් දෙවියන්වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරවකරන පිණිසත්ය. ඒ හැටියට: එබැවින් අන්‍යජාතීන් අතරේ ඔබ වර්ණනාකරන්නෙමි, ඔබගේ නාමයට ගීතිකා කියන්නෙමියි ලියා තිබේ.
10
නැවතත්: අන්‍යජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවෙන්නැයි කියා තිබේ.
11
නැවතත්: සියලු අන්‍යජාතීනි, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න; සියලු වර්ගයෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියා තිබේ.
12
නැවතත් යෙසායා: යෙස්සේගේ මුලවූද අන්‍යජාතීන් කෙරෙහි රජකම්කරන්ට නැගිටින්නාවූද තැනන්වහන්සේ එනසේක; උන්වහන්සේ කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තුවන්නෝයයි කියයි.
13
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් ඔබ සැම අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද ඔබ සැම පූර්ණකරනසේක්වා.
14
මාගේ සහෝදරයෙනි, ඔබ සැමම යහපත්කමින් පිරී, සියලු දැනගැන්මෙන් පූර්ණව, එකිනෙකාට දැනමුතුකම් දෙන්ට පොහොසත්වූ අය බව මමම ඒකාන්තයෙන්ම දනිමි.
15
එහෙත් මා විසින් ඔබ සැමට නැවත සිහිකරවන්ට මෙන් වඩා නිර්භීතකමින් තරමක් දුරට ලියන්නේ, අන්‍යජාතීන් නමැති පූජාව ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ශුද්ධ කරනලදුව පිළිගත යුතු වන පිණිස,
16
දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.
17
එහෙයින් දෙවියන්වහන්සේට අදාළ කාරණා ගැන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ පාරට්ටු කරගැනීමක් තිබේ.
18
මක්නිසාද අන්‍ය ජාතීන්ගේ කීකරුවීම පිණිස වචනයෙන්ද ක්‍රියාවෙන්ද, ලකුණුවල සහ පුදුමවලත් බලයෙන්ද, ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්ද,
19
ක්‍රිස්තුස්වහන්සේ විසින් මා කරණකොටගෙන කරවනලද කාරණා ගැන මිස, අන් කිසිවක් ගැන කථාකරන්ට සිතටවත් නොගතිමි. එසේම යෙරුසලම පටන් ඉල්ලුරිකය දක්වා අවට රටවල ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සම්පූර්ණ වශයෙන් දේශනාකෙළෙමි.
20
එසේය, වෙන කෙනෙකුගේ අත්තිවාරම පිට ගොඩ නොනගන පිණිස ක්‍රිස්තුස්වහන්සේගේ නාමය සඳහන්කරනු ලැබූ තැන්වල නොව:
21
උන්වහන්සේ ගැන ආරංචි නොලැබූ අය දකින්නෝය, උන්වහන්සේ ගැන නෑසූ අය තේරුම්ගන්නෝයයි ලියා තිබෙන ලෙස, ශුභාරංචිය දේශනාකරන්ට අභිප්‍රායකෙළෙමි.
22
ඔබ සැම ළඟට මාගේ ඊම කීප වරක් වැලකුණෙත් ඒ නිසාය.
23
නුමුත් දැන් මේ රටවල මට තවත් ඉඩක් නැති බැවින්ද, බොහෝ අවුරුදු ගණනක පටන් ඔබ සැම ළඟට එන්ට මහත් ආශාවක් මට තිබෙන බැවින්ද,
24
මම ස්පාඤ්ඤයට යන කල එන්නෙමි. (මක්නිසාද ගමෙන්දී ඔබ සැම දකින්ටත්, ඔබ සැම එක්ව සමාගම්වීමෙන් තරමක් දුරට තෘප්තියට පැමුණුණායින් පසු ඔබ සැම විසින්ම එහාට ඇරලනු ලබන්ටත් බලාපොරොත්තුවෙමි.)
25
නුමුත් දැනට මම ශුද්ධවන්තයන්ට උපස්ථාන කරන පිණිස යෙරුසලමට යමි.
26
මක්නිසාද යෙරුසලමෙහි සිටින ශුද්ධවන්තයන් අතරෙහිවූ දිළිඳුන් උදෙසා සම්මාදමක් කිරීමට මකිදෝනියෙත් අකායෙත් සභාවෝ ප්‍රසන්නවූවෝය.
27
එසේය, එය ඔවුන්ගේ ප්‍රසන්නය වූයේය; තවද ඔව්හු ඔවුන්ගේ ණයකාරයෝය. මක්නිසාද අන්‍යජාතීහු ඔවුන්ගේ ආත්මික දේවල පංගුකාරයෝ වූවෝ නම්, මාංසික දේවලින් ඔවුන්ටත් සේවයකිරීමට ඔව්හු ණයව සිටිති.
28
එහෙයින් මම මෙය ඉෂ්ටකර, මේ ඵලය ඔවුන්ට මුද්‍රාකොට දුන් ඉක්බිති, ඔබ සැම ළඟින් ස්පාඤ්ඤයට යන්නෙමි.
29
මා ඔබ සැම ළඟට එන කල ක්‍රිස්තුස්වහන්සේගේ ආශීර්වාදයේ පූර්ණත්වය ඇතුව මා එන බව දනිමි.
30
සහෝදරයෙනි, යුදයෙහි සිටින අකීකරුවන්ගෙන් මා ගළවනු ලබන ලෙසත්, යෙරුසලම උදෙසා මා කරන උපස්ථානය ශුද්ධවන්තයන්ට ප්‍රසන්න වන ලෙසත්,
31
දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන සතුටින් ඔබ සැම ළඟට ඇවිත් ඔබ සැම සමඟ නිවාඩු ලබන ලෙසත්,
32
ඔබ සැම මා උදෙසා දෙවියන්වහන්සේට කරන ඔබ සැමගේ යාච්ඤාවලදී මා සමඟ බලවත්ලෙස වීර්යකරන හැටියට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසාද ආත්මයාණන්වහන්සේගේ ප්‍රේමය නිසාද ඔබ සැමගෙන් ඉල්ලමි.
33
ඉඳින් සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ සැම සියල්ලන් සමඟ සිටිනසේක්වා. ආමෙන්.
← Chapter 14
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 16 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16