bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Corinthians 11
2 Corinthians 11
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 12 →
1
මාගේ සුළු අනුවණකමක් ගැන ඉවසන මෙන් ඉල්ලමි. ඔබ ඉවසන බවට මට සැකයක් නැත.
2
නිර්මල කන්‍යාවක වැනි ඔබ, ක්‍රිස්තුන් වහන්සේ වන එක ම ස්වාමියා හට සරණ පාවා දීම පිණිස මා ගිවිසුම් දුන් බැවින්, මම දිව්‍යමය හිතවත්කමකින් ඔබ ගැන හිතවත් වෙමි.
3
එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.
4
යමෙක් ඔබ වෙත පැමිණ අප ප්‍රකාශ නොකළ වෙන ජේසුස් කෙනෙකුන් ප්‍රකාශ කරයි නම්, ඔබ කලින් නොලැබූ වෙනත් ආත්මයක් හා ඔබ නොපිළිගත් වෙන සුබ අස්නක් ඉදිරිපත් කරයි නම්, එවැන්නෙකු පිළිගැනීමට ඔබ සූදානම් ය. එය හරි කදිම යි!
5
එහෙත් ඔබ මහ ඉහළින් සලකන ඔය ප්‍රේරිතයන්ට වඩා මම කිසිසේත් පහත් යයි නොසිතමි.
6
මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි. මේ බව හැම අවස්ථාවක දී, හැම අන්දමකින් ම ඔබට පැහැදිලි ලෙස දැක්වීමි.
7
ඔබ උසස් කරනු පිණිස මා පහත් වීමෙන් ද දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට නොමිලයේ දේශනා කිරීමෙන් ද මා කළේ වරදක් ද?
8
ඔබට සේවය කරන පිණිස, අන් සභාවලින් පැහැරගන්නා සේ ඔවුන්ගෙන් වැටුප් ගතිමි.
9
තවද, ඔබ අතර සිටිය දී, අගහිඟකම් ඇති වූ විට කිසිවෙකුට බරක් නොවීමි. මසිදෝනියාවෙන් ආ සහෝදරයෝ මාගේ අගහිඟකම් පිරිමැසූ හ. සියල්ලෙහි දී ඔබට බරක් නොවී සිටීමට ඉටාගතිමි. මතු ද එසේ කරන්නෙමි.
10
ග්‍රීසියේ පෙදෙස්වල මා මේ කරන පාරට්ටුව නිහඬ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබමි යි ක්‍රිස්තුන් වහන්සේගේ සත්‍යය මා තුළ ඇති සේ ම දිවුරා කියමි.
11
මෙසේ කියන්නේ මා ඔබට ප්‍රේම නොකරන නිසා ද? නැත. මා ඔබට ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.
12
අප හා සම තත්ත්වයක් ඇතැ යි පාරට්ටු කරගැනීමට අවස්ථා සොයන අයට කිසි අවස්ථාවක් නොදීම පිණිස මා දැන් කරන දේ මතු ද කරගෙන යමි.
13
එබඳු අය ව්‍යාජ ප්‍රේරිතවරයෝ ය, ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයන් මෙන් වෙස් වළාගත් වංචනික සේවකයෝ ය.
14
එය පුදුමයක් නොවේ. සාතන් පවා ආලෝකයේ දූතයෙකු මෙන් වෙස් වළාගනියි.
15
ඒ නිසා ඔහුගේ සේවකයන් ද, දමිටුකමේ සේවකයන් මෙන් වෙස් වළාගැනීම පුදුමයක් නොවේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියා අනුව සිදු වේ.
16
මම අඥානයෙක් ය කියා කිසිවෙක් නොසිතිය යුතු යයි මම නැවතත් කියමි. ඔබ එලෙස සිතන්නහු නම් මට මඳක් පාරට්ටු කරගැන්මට හැකි වන සේ, අඥානයෙකු ලෙස වුව ද මා පිළිගන්න.
17
සැක නැති ව පාරට්ටු කරගැනීමේ දී මා කියන දේ, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත අනුව නොව අඥානකමකින් මෙන් පවසන්නකි.
18
බොහෝ දෙනෙකු ලෞකික ලෙස පාරට්ටු කරගන්නාක් මෙන්, මම ද පාරට්ටු කරගනිමි.
19
ඔබ ඥානවන්තයෝ ලූ! එහෙත් අඥානයන් පිළිගන්නහු ය.
20
යමෙකු ඔබ වහල්කොට ගත්තත්, ගසාකෑවත්, කොන්කළත්, හෙළා දැක්කත්, ඔබේ මුහුණට පහර දුන්නත් ඔබ ඉවසන්නහු ය.
21
මෙසේ කිරීමට තරම් මා දුර්වල වී නම් මම ලජ්ජා වෙමි. යමක් ගැන යමෙක් ආඩම්බර වේ නම්, මටත් එලෙස ආඩම්බර විය හැකි ය. මා එසේ කියන්නේ අඥානකමින් ය.
22
ඔව්හු හෙබ්‍රෙව්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ඉශ්රායෙල්වරු ද? මමත් එසේ ම ය. ඔව්හු ආබ්‍රහම්ගේ පෙළපතින් පැවත එන්නෝ ද? මමත් එසේ ම ය.
23
ඔව්හු ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෝ ද? මම ඊටත් වැඩියෙන් උන් වහන්සේගේ සේවකයෙක් වෙමි. මා එසේ කියන්නේ උමතු වූවෙකු මෙනි. ඔවුන්ට වඩා මම බොහෝ සේ වෙහෙසමහන්සි වූයෙමි. වඩා වාර ගණනක් මම සිරගත වූයෙමි. අප්‍රමාණ ව මම කස පහර ලදිමි. බොහෝ විට මරුමුවට පවා ළං වී සිටියෙමි.
24
ජුදෙව්වරුන්ගෙන් මම ‘තිස්නව-කස-පහර’ පස් වරක් ලදිමි.
25
තුන් වරක් මම වේවැල්වලින් තැළුම් කෑවෙමි. එක වරක් ගල් ගසනු ලැබීමි. තුන් වරක් නැව විනාශ වීමේ උවදුරට භාජන වීමි. මුළු රැයක් හා දවාලක් මම මුහුදේ සිටියෙමි.
26
මාගේ අනේක ගමන්වල දී, ගංගා උවදුරුවලට ද සොර උවදුරුවලට ද ස්වජාතික ජුදෙව්වරුන්ගෙන් පැමිණි උවදුරුවලට ද විජාතිකයන්ගෙන් පැමිණි උවදුරුවලට ද නගරවල උවදුරුවලට ද වනයෙහි උවදුරුවලට ද මුහුදේ උවදුරුවලට ද ව්‍යාජ සහෝදරයන්ගෙන් පැමිණෙන උවදුරුවලට ද භාජන වුණෙමි.
27
මහත් දුෂ්කරතා මැද මම වෙහෙස මහන්සි වී වැඩ කෙළෙමි. නොයෙක් විට නිදි නොලැබ සිටියෙමි; සාගින්නෙන් ද පිපාසයෙන් ද පෙළුණෙමි; බොහෝ විට ආහාර ද ඉඳුම්හිටුම් ද ඇඳුම්පැළඳුම් ද නැති ව සිටියෙමි.
28
මේ බාහිර දේ හැර, සියලු සභාවන් ගැන මාගේ සිතේ බරක් දිනපතා ම මට ඇත.
29
යමෙක් දුර්වල නම් ඒ දුර්වලකම මටත් නොදැනේ ද? යමෙක් පාපයට වැටුණොත් මම සංවේගයෙන් නොදැවෙම් ද?
30
පාරට්ටු කරගැනීම අවශ්‍ය ම නම්, මම මාගේ දුර්වලකම සම්බන්ධ කාරණ ගැන පාරට්ටු කරගන්නෙමි.
31
මා බොරු නොකියන බව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ සදහට ම පැසසුම් ලබන දෙවියන් වහන්සේ දන්නා සේක.
32
මා දමස්කයේ සිටිය දී අරෙතස් රජු යටතේ සිටි ආණ්ඩුකාරයා මා අල්ලාගන්නා පිණිස දමස්කස් නගරය මුර කළ නමුත්,
33
මම, කූඩයක බහා, පවුරේ කපොල්ලකින් බස්වනු ලැබ ඔහු අතින් ගැළවී ගියෙමි.
← Chapter 10
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 12 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13