bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Corinthians 12
2 Corinthians 12
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 13 →
1
පාරට්ටු කරගැනීමෙන් වැඩක් නැති වුවත් මට එසේ නොකර ඉන්න බැරි ය. එහෙත් සමිඳාණන් වහන්සේගෙන් මා ලත් දර්ශන හා එළිදරව් කිරීම් ගැන කතා කරමි.
2
දසසතර වසරකට පෙර, තුන් වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබූ කිතුනුවෙකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්ත ව ද, නොහොත් ශරීරයෙන් වියුක්ත ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක.
3
ඒ මිනිසා පාරාදීසයට ඔසවාගනු ලැබ, මිනිස් මුවින් නොපැවසිය යුතු, නොපැවසිය හැකි වචන ඇසූ බව දනිමි.
4
එසේ වූයේ ශරීරය ඇති ව ද ශරීරය නැති ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක.
5
එබඳු මිනිසෙකු ගැන මම පාරට්ටු කරමි. එහෙත් මාගේ ම දුර්වලකම් ගැන මිස, මා ගැන ම පාරට්ටු කර නොගනිමි.
6
පාරට්ටු කරගන්න මා අදහස් කළත්, මා ඇත්ත පවසන නිසා එසේ කිරීම අනුවණ කමක් නොවේ. එහෙත්, මා කරන දේ දැකීමෙන් ද මා ගැන ඇසීමෙන් ද යමෙකුට ඇති වන අදහසට වඩා උසස් අදහසක් මා ගැන ඇති නොවන පිණිස මම එයින් වැළකෙමි.
7
ඒ එළිදරව් කිරීම්වල අති උතුම්කම කරණකොටගෙන, මා හිස උදුම්මා නොගන්නා පිණිස, මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි, ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ ය. එසේ වූයේ මා හිස උදුම්මා නොගන්නා පිණිස ය.
8
එය ඉවත් කරන මෙන් තුන් වරක් මම සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලුවෙමි.
9
උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේ දී බැවින්, මාගේ වරප්‍රසාදය ඔබට සෑහේ”යයි වදාළ සේක. එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස, මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි.
10
එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි.
11
මා අනුවණයෙකු මෙන් කතා කළ බව ඇත්ත ය. එයට වගකිව යුත්තේ ඔබ ම ය. ඔබ කළ යුතු ව තිබුණේ මා ගැන සාක්ෂි දැරීම ය. මා නිකමෙකු වුවත්, මම කිසිසේත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතවරුන්ට දෙ වන තත්ත්වයේ නොවෙමි.
12
සැබැවින් ම ලකුණු ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද ඔබ අතර නොපිරිහෙළා කිරීමෙන්, ප්‍රේරිතවරයෙකුගේ ගුණාංග මට ඇති බව දැක්වීමි.
13
මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න.
14
මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි.
15
ඔබ උදෙසා මට ඇති දේ වියදම් කරන්ටත්, මම මුළුමනින් ම වැය වෙන්ටත් ඉතා සතුටු වෙමි. මා ඔබට අධික ලෙස ප්‍රේම කරන බැවින් ඔබ මට අඩුවෙන් ප්‍රේම කරන්නහු ද?
16
මා ඔබට බරක් නුවූ බව ඔබ පිළිගන්නා අතර, මා කපටියෙකු බැවින් ප්‍රයෝගයෙන් ඔබ අල්ලාගත්තේ යයි යමෙකු කියනු ඇත.
17
මා ඔබ වෙත එවූ අයගෙන් යමෙකු ලවා ඔබගෙන් අයුතු වාසියක් ලබාගතිම් ද?
18
ඔබ වෙත යන ලෙස මා තීතස්ගෙන් උදක් ම ඉල්ලා ඔහු සමඟ ඒ සහෝදරයා එවීමි. තීතස් ඔබෙන් අයුතු වාසියක් ලබාගත්තේ ද? අපි එක ම ආත්මයාණන්ගෙන් මඟපෙන්වීම ලබා, එක ම මාර්ගයේ ගමන් නොකෙළෙමු ද?
19
මෙතෙක් කල් ඔබ ඉදිරියේ අපේ නිදොස් බව දැක්වීමට අපි තැත් කෙළෙමු යයි ඔබට සිතිය හැකි ය. එසේ නොවේ; අප කතා කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි කිතුනුවන් මෙන් ය. ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය.
20
ඔබ වෙත පැමිණි විට, මා සිතනවාට වඩා ඔබ වෙනස් වී ඇද්දෝ කියාත්, ඔබ සිතනවාට වඩා මා වෙනස් වී ඇද්දෝ කියාත් මට බියක් ඇත. යම් විධියකින් ආරාවුල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කෙළාම්, ඕපාදූප, අහංකාරය හා අවුල්වියවුල් ආදිය ද, ඔබ අතර තිබේ දෝ යි මට බියක් තිබේ.
21
මා නැවත ආ කල, මාගේ දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ මා පහත් කරනු ඇද්දැ යි කියා ද, පව්කොට, තමන් කළ අපිරිසිදුකම ද වේශ්‍යාකම ද සල්ලාලකම ද ගැන මෙතෙක් පසුතැවී සිත් හරවා නොගත් බොහෝ දෙනා ගැන මට වැලපෙන්නට වේ දෝ කියා ද බිය වෙමි.
← Chapter 11
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 13 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13