bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
2 Corinthians 8
2 Corinthians 8
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 9 →
1
සහෝදරවරුනි, මසිදෝනියාවේ සභාවන්ට දෙවියන් වහන්සේ දී ඇති වරප්‍රසාදය ගැන අපි ඔබට දන්වනු කැමැත්තෙමු.
2
එනම්, බොහෝ දුක් පීඩා මැද ඔවුන් පරීක්ෂා කරනු ලැබූ නමුත්, ඔවුන්ගේ ප්‍රීතිය කෙතරම් අධික වී ද යත්, ඉතා දිළිඳු වුව ද, ඔවුන්ගේ ත්‍යාගශීලීවන්තකමින් ඔවුන් පොහොසත් වූ බව ය.
3
ඔවුන් සිය කැමැත්තෙන් ම ඔවුන්ට හැකි පමණින් හා ඊටත් වැඩියෙන් දුන් බව මම සහතික කොට කියමි.
4
තවද, සැදැහැවතුන්ට උපස්ථාන කිරීමට පංගුකාර වීමේ වරප්‍රසාදය ඔව්හු අපගෙන් උදක් ම ඉල්ලා සිටියහ.
5
අප සිතූ පමණටත් වඩා, ඔව්හු මුලින් ම සමිඳාණන් වහන්සේටත්, එමෙන් ම දේව කැමැත්ත අනුව අපටත් භාර වූ හ.
6
එබැවින් තීතස්, මුලින් ම පටන්ගත් මේ සහනාධාර සේවය ඔබ අතරෙහි සම්පූර්ණ කරන ලෙස අපි ඔහුගෙන් උදක් ම ඉල්ලා සිටියෙමු.
7
ඇදහිල්ලෙන් ද කතාවෙන් ද දැනගැන්මෙන් ද උද්යෝගිමත්භාවයෙන් ද අප වෙත ඇති ඔබගේ ප්‍රේමයෙන් ද ඔබ පොහොසත් වී සිටින්නාක් මෙන් මේ සහනාධාර සේවයෙහි ද පොහොසත් වී සිටින්න.
8
මා මෙය කියන්නේ අණ දීමක් ලෙස නොව, අනෙකුත් අය ආධාර කිරීමට කෙතරම් උද්යෝගිමත් දැ යි මා ඔබට දැන්වීමෙන් ඔබගේ ප්‍රේමයේ සැබෑකම සෝදිසි කරන පිණිස ය.
9
අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.
10
මේ ගැන මාගේ අදහස මම ඔබට කියමි. ඔබ අවුරුද්දකට පෙර ආධාර දීමට කැමැති වී, එය ක්රියාවේ යෙදවීමට පුරෝගාමී වූවහු ය.
11
ඔබ පටන්ගත් ඒ දේ දැන් අවසාන කළ යුතු ය. එවකට ආධාර දීමට ඔබ උද්යෝගිමත් වූ ලෙස ම එය නිමකරන්නට ද උද්යෝගිමත් වන්න. ඒ සඳහා හැකි පමණට දෙන්න.
12
දීමට උද්යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක.
13
මෙයින් අදහස් කරන්නේ ඔබ අමාරුවේ වැටී අනුන්ට සහනය දීමක් නොව, සාධාරණකමක් ඇති වීමයි.
14
දැන් ඔබගේ වැඩිමනත්කමින් ඔවුන්ගේ අගහිඟකම පිරිමැසෙන්නාක් මෙන්, මතු ඔවුන්ගේ වැඩිමනත්කමින් ඔබගේ අගහිඟකම පිරිමැසෙනු ඇත. මෙලෙස දෙගොල්ල අතර සාධාරණකමක් ඇති වේ.
15
මෙසේ: “වැඩියෙන් ලැබූ තැනැත්තාට වැඩි වූයේ වත්, අඩුවෙන් ලැබූ තැනැත්තාට අඩු වූයේ වත් නැතැ”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබේ.
16
ඔබ ගැන අප දක්වන හිතවත්කම ම, තීතස්ට දැක්වූ දෙවියන් වහන්සේට ස්තුති වේ වා!
17
ඔහු අපගේ ඉල්ලීම පිළිගත්තා පමණක් නොව, සිය කැමැත්තෙන් ම ඔබ වෙත පැමිණීමට ලොකු උනන්දුවක් දැක්වී ය.
18
තවද ධර්මදූත සේවය පිළිබඳ ව සියලු සභාවලින් ප්‍රශංසාව ලබා ඇති සහෝදරයෙකු ද අපි ඔහු සමඟ එවමු.
19
එපමණක් නොව, සමිඳාණන් වහන්සේගේ මහිමය උදෙසා ද අපගේ උද්යෝගයේ සාක්ෂියක් වශයෙන් ද පුදන මේ දීමනාව අප සමඟ ගෙන යන පිණිස අපේ සහකාරයා වීමට සභාවන් මඟින් ඔහු පත් කර ඇත.
20
මේ නොමසුරු දීමනාව සම්බන්ධ ව ක්‍රියා කිරීමෙන් කිසිවෙකුගෙන් දෝෂාරෝපණයක් නොලැබීමට අපි පරෙස්සම් වෙමු.
21
සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පමණක් නොව, මිනිසුන් ඉදිරියෙහි ද අවංක ව ක්‍රියා කිරීම අපේ අරමුණ වේ.
22
තවද අපි ඔවුන් සමඟ තවත් සහෝදරයෙකු එවමු. නොයෙක් විට බොහෝ කාරණවල දී ඔහුගේ උද්යෝගය අපට ඔප්පු වී ඇත. ඔබ සම්බන්ධයෙන් ඇති ඔහුගේ විශ්වාසය නිසා, දැන් ඔහු වඩාත් උද්යෝගිමත් ව සිටියි.
23
තීතස් වනාහි ඔබ උදෙසා හවුල් සේවකයෙකු වන මාගේ සහකාරයා ය. සෙසු සහෝදරයෝ වනාහි ක්‍රිස්තුන් වහන්සේට ගෞරවයක් ව සිටින සභාවන්හි නියෝජිතයෝ ය.
24
සියලු සභාවන් ඉදිරියෙහි ඔබගේ ප්‍රේමය ගැන ද ඔබට ඇති අපගේ පාරට්ටුව ගැන ද ඔවුන්ට සාක්ෂි දක්වන්න.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13