bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joel 1
Joel 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
1
පෙතුයෙල්ගේ පුත් ජෝවෙල් වෙත පැමිණි සමිඳාණන්ගේ පණිවුඩය මෙය වේ:
2
“මහල්ලෙනි, සවන් දෙන්න; දේශයේ සියලු වැසියෙනි, කන් යොමු කරන්න. මෙබන්දක් ඔබේ කාලයේ වත් ඔබේ මුතුන්මිත්තන්ගේ කාලයේ වත් සිදු වී ඇද් ද?
3
ඔබේ දරුවන්ට ඒ ගැන කියන්න; ඔව්හු තමන්ගේ දරුවන්ටත් ඒ ගැන කියත් වා! ඔව්හු ද, මතු පරම්පරාවටත් ඒ ගැන කියා දෙත් වා!
4
පළඟැටි පණුවන් කා ඉතිරි කළ දේ වැඩුණු පළඟැටියෝ කාදැමූ හ. වැඩුණු පළඟැටියන් කා ඉතිරි කළ දේ පනින පළඟැටියෝ කාදැමූ හ. පනින පළඟැටියන් කා ඉතිරි කළ දේ කපන පළඟැටියෝ කාදැමූ හ.
5
සුරා සොඬුනි, පිබිද වැලපෙව්! බේබද්දෙනි, කෑමොරගසව්! මන්ද, මිදිරස ඔබේ මුවින් පහවී ගොස් ඇත.
6
ගිණිය නොහැකි, බලසම්පන්න පළඟැටි සේනාවක් මාගේ රට ආක්‍රමණය කර ඇත. ඔවුන්ගේ දත් සිංහ දත් මෙන් ය. සිංහ ධේනුවකගේ දළ ඔවුන්ට ඇත.
7
උන් මාගේ මිදි වැල් පාළු කර ඇත; මාගේ අත්තික්කා ගස් විකාදමා ඇත; ඒවායේ පොතු ගලවා බිම හෙළා ඇත. එහි අතු දැන් සුදු වී ඇත.
8
සිය යොවුන් වියේ දී විවා බස් දුන් පෙම්වතා මියගිය බැවින් දළ රෙදි හැඳගත් කන්‍යාවක මෙන් හඬා වැලපෙන්න.
9
දේව මාලිගාවේ ආහාර පූජාව ද පානීය පූජාව ද නැත. පූජකවරු, සමිඳුන්ගේ පූජකවරු, වැලපෙන්නෝ ය.
10
කෙත්වතු පාළු වී ගොසින් ය; භූමිය වැලපෙන්නේ ය; මන්ද, ගොයම් වැනසී, මිදි පල වියළී තෙල් හීන වී ගොස් ඇත.
11
ගොවියෙනි, දුකින් තැවෙන්න; මිදි වතුකාරයෙනි, වැලපෙන්න. මන්ද, තිරිඟු ද බාර්ලි ද කෙතේ ගොයම් ද වැනසී ඇත.
12
මිදි වලු පර වී, අත්තික්කා ගස් මැලවී දෙළුම්, තල්, ජම්බු, සියලු ගස් වියළී ඇත. මිනිසාගේ ප්‍රීතිය දුරු වී ඇත.
13
“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.
14
උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.
15
අහෝ! ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත. එය සර්ව පරාක්‍රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත.
16
අප ඇස් හමුයෙහි ම ආහාර පහවී ගොස් නැද් ද? දේව මාලිගාවෙන් ප්‍රීති ප්‍රමෝදය පහවී ගොස් නැද් ද?
17
පස් පිඬලි යට බීජ දිරා යයි; අටු කොටු පාළු වී ඇත; ගබඩා ගරාවැටී ඇත. මන්ද, ගොයම් වියළී ගොස් තිබේ.
18
අනේ! සිවුපා සතුන් කෙඳිරිගාන හැටි! තණකොළ නැති බැවින් ගව රැළ කැළඹී ඇවිදිති; බැටළු රැළ පවා දුක් විඳිති.
19
සමිඳුනි, මම ඔබට අයැදුම් කරමි. මන්ද, කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත; උයන්වල සියලු ගස් ගිනිබත් වී ඇත.
20
වන මෘගයෝ පවා ඔබ දෙස බලා සිටිති. මන්ද, උල්පත් සිඳී ඇත. කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
All chapters:
1
2
3