bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Joel 3
Joel 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
1
“ඒ කාලයේ දී, ඒ දවස්වල දී මා ජුදය හා ජෙරුසලම පුනරුත්ථාපනය කරන විට,
2
මම සියලු ජාතීන් එක්රැස් කර, විනිසුම් යන අරුත් ඇති ජෙහෝෂාපාට් නම් මිටියාවතට පමුණුවා, මාගේ උරුමය වන ඉශ්රායෙල් සෙනඟට කර ඇති සියලු දේ ගැන ඔවුන් විනිශ්චය කරමි. මන්ද, ඔවුන් ඉශ්රායෙල්වරුන් විදේශවල විසුරුවා හැර, මාගේ දේශය ඔවුන් අතර බෙදාගත් බැවිනි.
3
ඔව්හු මාගේ සෙනඟ බෙදාගන්න පිණිස දාදු දැමූ හ. ඔව්හු වේශ්‍යාවක ගැනීම සඳහා පිරිමි ළමයෙකු දුන්නෝ ය. මුද්‍රික පානය බොන පිණිස ගෑණු ළමයෙකු වික්කෝ ය.
4
තීර්, සීදොන් හා පිලිස්තියේ සියලු පළාත්වල වැසියෙනි, නුඹලා මට කරන්න යන්නේ කුමක් ද? නුඹලා මාගෙන් පළිගන්නට බලන්නහු ද? නුඹලා මාගෙන් පළිගන්නට යන්නහු නම්, මට කරන්නට යන දේ විගසින් ම නුඹලාට පල දෙන්නට සලස්වන්නෙමි.
5
මන්ද, නුඹලා මාගෙන් රන් රිදී ගෙන ගොස් ඇත. මාගේ වටිනා වස්තු නුඹලාගේ දේවාලවලට පැහැරගෙන ගොස් ඇත.
6
ජුදාවේ හා ජෙරුසලමේ සෙනඟ දුරබැහැර ගෙන ගොස් ග්‍රීක්වරුන්ට විකුණා ඇත.
7
දැන්, නුඹලා ඔවුන් විකුණා ඇති පළාත්වලින් මම ඔවුන් මුදාගෙන එන්නෙමි. නුඹලා ඔවුන්ට කළ දේ මම නුඹලාට ම පල දෙන්නට සලස්වන්නෙමි.
8
නුඹලාගේ දූ දරුවන් මම ජුදා වැසියන් අතට විකුණන්නෙමි. ජුදා වැසියන් ඔවුන් දුරබැහැර සේබියන්වරුන්ට විකුණනු ඇත. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
9
මේ නිවේදනය ජාතීන් අතර ප්‍රකාශ කරන්න: “යුද්ධයට සැරසෙන්න; බලවතුන් පුබුදුවන්න; භට හමුදා රැස් කරන්න; ඔව්හු ඉදිරියට පැමිණෙත් වා!
10
නඟුල් දැතිවලින් කඩු ද දෑකැතිවලින් හෙල්ල ද තළාගන්න ‘මම බලවන්තයෙක්මි’යි බෙල හීනයා කියාගනී වා!
11
එම්බා අවටින් සිටින සකල ජනයෙනි! කඩිනමින් පැමිණෙන්න; එහි රැස් වන්න.” සමිඳුනි, ඔබේ බලවත් සේනාවන් එවන්න.
12
“ජාතීහු සැරසී ජෙහෝෂාපාට් මිටියාවතට නැඟිට එත් වා! මන්ද, අවටින් සිටින සකල ජාතීන් විනිශ්චය කිරීමට මම එහි අසුන් ගන්නෙමි.
13
අස්වැන්න පැසී ඇති බැවින් දෑකැත්ත යොදන්න; මිදි යන්ත්‍ර පිරී ඇති බැවින් ඇතුළට ගොස් පාගන්න; ඔවුන්ගේ නපුරුකම් අධික බැවින් බඳුන් උතුරා යයි.”
14
කෝටි සංබ්‍යාත මහා ජනකායක් තීන්දු දීමේ මිටියාවතේ රැස් වී සිටිති. තීන්දු දීමේ මිටියාවතෙහි සමිඳුන්ගේ දවස ළං ව ඇත.
15
ඉර හඳ අඳුරු වී ඇත; තරුවල දීප්තිය නිවී ගොස් ඇත.
16
සමිඳාණෝ සියොන්හි ගර්ජනා කරන සේක; ජෙරුසලමේ සිට හඬ නඟන සේක. අහසත් පොළොවත් කම්පා වනු ඇත. එහෙත්, සමිඳාණෝ සිය සෙනඟට රක්ෂා ස්ථානයක් වන සේක. ඉශ්රායෙල් ජනයාට බලකොටුවක් වන සේක.
17
“ඉශ්රායෙල් ජනයෙනි, මෙසේ මා, ඔබේ දෙවි සමිඳුන් බව ඔබ දැනගන්නහු ය. මම සියොන් නම් මාගේ ශුද්ධ කන්දේ වැඩ වාසය කරමි. ජෙරුසලම ශුද්ධ නගරයක් වන්නේ ය. විජාතීහු මින්පසු එය මැදින් නොයන්නාහු ය.
18
ඒ කාලයේ දී, කඳුවලින් මිදියුස වෑස්සෙනු ඇත; හෙල්වලින් කිරි ගලා යනු ඇත. ජුදාහි සියලු ඇල දොළවල වතුර පිරෙනු ඇත. සමිඳුන්ගේ මාලිගාවෙන් උල්පත් නික්ම ෂිට්ටිම් මිටියාවතට වතුර දෙනු ඇත.
19
ජුදා වැසියන්ට බලහත්කාරකම් කොට, ඒ රටේ මිනිසුන් මරාදැමූ නිසා මිසර දේශය පාළුකරයක් වන්නේ ය. ඒදොම් රට මරුකතරක් වන්නේ ය.
20
ජුදාහි සදහට ම ද ජෙරුසලමේ පරම්පරාවෙන් පරම්පරාවට ද සෙනඟ වාසය කරනු ඇත.
21
මන්ද, සමිඳාණෝ සියොන් කන්දේ වැඩ වාසය කරන සේක. සියලු වරදකරුවන්ට මම දඬුවම් දෙමි. ඔවුන්ගේ ලේ වැගිරීමේ වරද ගැන මම පළිගනිමි.”
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
All chapters:
1
2
3