bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Ruth 3
Ruth 3
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
1
එවිට රූත්ගේ නැන්දම්මා වන නයෝමි ඈ අමතා මෙසේ පැවසුවා ය: “මාගේ දුව, ඔබේ ශුභසිද්ධිය සඳහා ඔබට කටයුත්තක් කර දීම මාගේ යුතුකම නොවේ ද?
2
ඔබ සමඟ සිටි සේවිකාවන්ගේ ස්වාමියා වන බෝවස් අපේ කිට්ටු නෑයෙක් නොවේ ද? අද රෑ ඔහු කමතේ දී බාර්ලි ගොයම් පොළන්නේ ය.
3
ඒ නිසා දැන් ඇඟපත සෝදාගෙන, සුවඳ විලවුන් ටිකක් ගල්වාගෙන, හොඳ ම ඇඳුම්වලින් සැරසී ඔහු සිටින කමතට යන්න. ඔහු කා බී ඉවර වන තෙක් ඔබ එහි සිටින බව ඔහුට දැනගන්නට ඉඩ නාරින්න.
4
ඔහු නිදියන්නට සැරසෙන විට නිදියන තැන මැනවින් බලාගෙන, ඇතුළට ගොස් ඔහුගේ පා වසා තිබෙන පොරෝනාව ඉවත් කොට, එහි නිදාගන්න. එසේ කළ පසු කුමක් කළ යුතු දැ යි ඔහු ඔබට කියා දෙනු ඇත.”
5
“ඔබ කී සියල්ලක් ම කරන්නෙමි”යි රූත් නයෝමිට පිළිතුරු දුන්නා ය.
6
මෙසේ රූත් කමතට ගොස් සිය නැන්දම්මා තමාට කී ලෙස සියල්ල කළා ය.
7
බෝවස් කා බී ඉවර වී සතුටු සොම්නසින් සිටියේ ය. ඔහු ගොස් බාර්ලි ගොඩගසා තිබුණ තැන අසලින් නිදාගැනීමට වැතිරුණේ ය. රූත් හෙමිහිට ගොස් ඔහුගේ පා වසා තිබුණ පොරෝනාව ඉවත් කොට නිදාගත්තා ය.
8
ඔහු මධ්‍යම රාත්‍රියේ හදිසියේ අවදි වී හැරී බැලූවිට තම පාද ළඟ ස්ත්‍රියක නිදාගෙන සිටිනු දැක,
9
“ඔබ කවුදැ”යි ඇසී ය. රූත් පිළිතුරු දෙමින්, “මම ඔබේ සේවිකාව වන රූත් ය. ඔබ අපේ ඇවැස්ස නෑයෙකු නිසා ඔබ මා බිරිඳ කොට පාවාගත මැනවැ”යි කීවා ය.
10
“මාගේ දියණියෙණි, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!”යි ඔහු උත්තර දී තවදුරටත් මෙසේ කී ය: “ඔබ පවුලට ඇති පක්ෂපාතකම, ඔබේ නැන්දම්මාට කළ දේවලින් පෙනුණාටත් වඩා දැන් ඔබ කරන මේ ක්‍රියාවෙන් පෙනේ. මන්ද, ඔබ පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයෙකු පස්සේ ගියේ නැත.
11
දැන් ඔබ කිසිවකට බිය වන්න උවමනා නැත. ඔබ සිල්වත් ස්ත්‍රියක බව නගරයේ හැම දෙනෙක් ම දනිති. ඔබ ඉල්ලන කුමන දෙයක් වුවත් කරන්න මම සූදානම් ය.
12
මා ඔබේ ඇවැස්ස නෑයෙකු බව ඇත්තයි. එහෙත්, මට වඩා කිට්ටු තවත් ඇවැස්ස නෑයෙක් ඔබට ඇත.
13
පහන් වන තුරු මෙහි සිටින්න. උදේ ඒ මිනිසා ඔබ රැකබලාගැනීමේ වගකීම භාරගන්නට සතුටු වුවහොත් මැනවි. ඊට ඔහු අකමැති වුවහොත්, මා එම වගකීම භාර ගන්න බවට ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”
14
මෙසේ ඈ අලුයම වන තෙක් ඔහුගේ පය අද්දර සැතපී සිට එකිනෙකා හැඳින ගැනීමට හැකි වන්නට පෙර අවදි වූවා ය. මන්ද, ‘ඈ කමතට ආ බව කිසිවෙකු දැන නොගත යුතු ය’යි බෝවස් කී බැවිනි.
15
එවිට බෝවස් කතා කොට, “ඔබ ඇඳගෙන තිබෙන උතුරු සළුව මෙහි ගෙනවුත් දිග හරින්නැ”යි කී ය. ඈ එසේ කළ විට ඔහු බාර්ලි කිලෝග්‍රෑම් විස්සක් එහි බහා එය ඔසවා ගැනීමට ඈට උපකාර කෙළේ ය. ඈ පෙරළා නගරයට පැමිණියා ය.
16
සිය නැන්දම්මා සිටි තැනට පැමිණි විට, “දුව, තොරතුරු කෙසේ දැ”යි නැන්දම්මා විචාළා ය. බෝවස් තමාට සැලකූ අන්දම ගැන සියලු තොරතුරු ඈ සැළ කළා ය.
17
ඔබ වෙත හිස් අතින් මා නොපැමිණිය යුතු යයි ඔහු මේ බාර්ලි කිලෝග්‍රෑම් විස්ස මට දුන්නේ යැ යි කීවා ය.
18
එවිට නයෝමි “මාගේ දුව, ඊළඟට සිදු වන දේ දැනගන්න තෙක් ඉවසා සිටින්න. මන්ද, කාරණාව අද ම තීන්දු කරගන්න තෙක් බෝවස්ට ඉස්පහසුවක් නැතිවිය හැකි යැ”යි කීවා ය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
All chapters:
1
2
3
4