bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Timothy 2
1 Timothy 2
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 3 →
1
සියල්ලට පළමු උදක්ම මා කියා සිටින්නේ, ඉල්ලීම්, යාච්ඤා, මැදහත්කම් හා ස්තුති දීම් සියලු දෙනා උදෙසා කරන ලෙසයි.
2
හැම අතින්ම භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව සාමකාමී, නිසසල ජීවිතයක් ගත කරන පිණිස, රජුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා එසේ කරන්න.
3
එය යහපත් ය; අප ගැලවුම්කාර දෙවියන්වහන්සේ හමුවේ ප්‍රසන්න ය.
4
සියලු ජනයා ගැලවීමත්, සත්‍යය දැනගැනීමට පැමිණීමත් උන්වහන්සේගේ කැමැත්ත ය.
5
මන්ද සිටින්නේ එක දෙවියන්වහන්සේ හා දෙවියන්වහන්සේත් මිනිසුනුත් අතර එක මැදහත්කරුවාණන් වන මිනිසා වූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේත් ය.
6
එයට නියමිත කාලයේ වූ සාක්ෂිය වශයෙන්, උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක්ව තමන්ම කැප කළ සේක.
7
දේශකයකු හා අපෝස්තුලුවරයකු ලෙස හා අන්‍ය-ජාතීන් උදෙසා ඇදහිල්ලේ හා සත්‍යයේ ගුරුවරයකු ලෙස මා පත් කරනු ලැබ ඇත්තේ ඒ සඳහා ය. මා කියන්නේ ඇත්ත ය; මා බොරු කියන්නේ නැත.
8
එබැවින් හැම තැනක පුරුෂයින් තරහ හා කළහ නැතිව, යාච්ඤාවේදී ශුද්ධ අත් එසවීම මගේ කැමැත්ත ය.
9
එලෙස ස්ත්‍රීන් කොණ්ඩා මෝස්තර, රන්, මුතු හෝ අගනා සළු-පිළිවලින් නො ව විනීතව, සංයමයෙන් යුතුව ශිෂ්ට ඇඳුමින් සැරසී සිටීම මාගේ කැමැත්තයි.
10
භක්තිවන්ත ස්ත්රීන්ට යෝග්‍ය සත් ක්‍රියා ය.
11
ස්ත්‍රිය නිහඬතාවයෙන් හා පූර්ණ යටහත් භාවයෙන් ඉගෙන ගනීවා.
12
ඉගැන්වීමට හෝ පුරුෂයකු කෙරේ ආධිපත්‍යය දැරීමට ස්ත්‍රියකට මා අවසර දෙන්නේ නැත. ඇය නිශ්ශබ්දව සිටිය යුතු ය.
13
මන්ද මුලින්ම නිම වන ලද්දේ ආදම් ය; ඒව, ඉන්පසුව ය.
14
ආදම් රැවටුණේ නැත; රවටනු ලැබ, පවට වැටුණේ ස්ත්‍රියයි;
15
එහෙත්, සංයමයෙන් යුතුව ඇදහිල්ලෙන්, ප්‍රේමයෙන් හා ශුද්ධකමින් පැවත සිටිනවා නම්, දරු ප්‍රසූතිය තුළින් ඈ ගලවනු ලබන්නී ය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6