bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Timothy 6
1 Timothy 6
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
1
දෙවියන්වහන්සේගේ නාමයට හා ඉගැන්වීමට අපවාද නො නැගෙන පිණිස, තම හාම්පුතුන් මුළුමනින් ගෞරවය ලැබීමට සුදුස්සන් යයි දාස භාවයේ වියගහ යටතේ සිටින්නවුන් සිතත්වා.
2
ඇදහිලිවත් හාම්පුතුන් ඇති අය, ඔවුන් සහෝදරයින් නිසා ඔවුන්ට දක්වන ගරුත්වය අඩු නො කළ යුතු ය. කළ යුත්තේ, තම සේවයෙන් සෙත සැලසෙන්නේ තමන්ගේම සහෝදරයින්ට හා ප්‍රේමණීයයනට බැවින් වඩා හොඳින් සේවය කිරීමයි. ඔබ ඉගැන්විය යුත්තේත්, අවධාරණ කළ යුත්තේත් මේවා ය.
3
යමෙක් වෙනස් ධර්ම උගන්වමින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ සාරවූ වචන හා දේව භක්තික ඉගැන්වීම්වලට එකඟ නො වේ නම්,
4
ඔහු අහංකාරයෙන් පිම්ඹෙන්නකු නමුදු කිසිවක් නො වැටහෙන්නෙකි. ඔහු විවාදවලට හා වචන හරඹවලට කැමතිව උමතුවෙන් පෙළෙයි. මේවායින් ඊර්ෂ්‍යාව, කලහය, අපහාස කතා හා දුෂ්ට සැක කිරීම්වලට ද
5
භක්තිවන්තකම ලාභ ඉපැයීමේ මාර්ගයකැයි සිතන, සත්‍යයෙන් ගිලිහී ගියාවූත්, මනස් දූෂිතවූත් මිනිසුන් අතර නිරන්තර අඩ දබරවලට ද මඟ පෑදෙයි.
6
ලද දෙයින් සතුටු වීම සමඟ දේව භක්තිවන්තකම සැබවින් ම මහත් ලාභයකි.
7
මන්ද මෙලොවට අප ගෙන ආ දෙයක් නැත. මෙලොවින් අපට ගෙන යා හැකි දෙයක් ද නැත.
8
එහෙත් අපට කෑම, ඇඳීම ඇත්නම් ඒවායින් අප සෑහීමට පත් වනු ඇත.
9
ධනවත් වීමේ තද උවමනාව ඇත්තෝ පරීක්ෂාවට වැටෙති; උගුලට හසු වෙති; මිනිසුන් විනාශයටත්, නාස්තියටත් කිඳා බස්වන අඥානවූත්, හානිකරවූත් අනේක තෘෂ්ණාවනට ගොදුරු වෙති.
10
මන්ද මුදලට ආලය, සියලු ආකාර නපුරට මුල ය. ඇතමුන් ඇදහිල්ලෙන් මංමුළා වී, අනේක වේදනාවලින් තමන්ම සිදුරු කරගෙන සිටින්නේ මෙම තෘෂ්ණාව නිසා ය.
11
එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ මේ හැම වෙතින් පලා ගොස්, ධර්මිෂ්ඨකම ද දේව භක්තිය ද ඇදහිල්ල හා ප්‍රේමය ද තිරසර බව හා මුදු මෙලෙක් ගුණය ද හඹා යන්න.
12
ඇදහිල්ලේ යහපත් සටනෙහි සටන් වදින්න. ඔබ කැඳවුම් ලැබුවාවූත්, බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියේ ඔබ ප්‍රකාශ කළාවූත් සදාතන ජීවනය තරයේ අල්ලා ගන්න.
13
සෑම සියල්ලට ජීවනය දෙන දෙවියන්වහන්සේ ඉදිරියේදීත්, ආණ්ඩුකාර පොන්තියුස් පිලාත් අබියස තම සාක්ෂිය දෙන අතරේ මනා ප්‍රකාශයක් කළ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියේදීත් මා ඔබට අණ කරන්නේ,
14
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ප්‍රකාශ වන තුරු නො කැළැල්ව හා දෝෂයෙන් තොරව මේ ආඥාව පිළිපදින ලෙසයි.
15
උන්වහන්සේ නිසි කල්හි එය එළිදක්වන සේක. උන්වහන්සේ ආශිර්වාදිත වූ, එකම පරමාධිපතියාණන් වූ, රජවරුන්ගේ රජ්ජුරුවෝ වූ, ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ වූ තැනැන්වහන්සේ ය.
16
එකම අමරණීය වූ, අනෙකකුට ළඟා විය නො හැකි ආලෝකයේ වැඩ වසන්නා වූ, කිසිවකුත් දැක නැති, දකින්නට ද නො හැකි තැනැන්වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේවා! ආමෙන්.
17
මේ වත්මන් ලෝකයේ ධනවත්ව සිටින්නන්ට උඩඟු නො වන ලෙසත්, ඒ සා අස්ථිර ධනය කෙරේ බලාපොරොත්තු නො තබා, භුක්ති විඳින පිණිස අපට හැම දේම බහුලව සපයා දෙන දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබන ලෙසත් අණ කරන්න.
18
ඔවුන් හොඳ දේ කළ යුතුව ඇත; සත් ක්‍රියාවලින් පොහොසත්ව, ත්‍යාගශීලීව හා බෙදා හදා ගත යුතුව ඇත.
19
මෙසේ, අනාගතය උදෙසා හොඳ අත්තිවාරමක් වශයෙන් ඔවුන් තමන්ට වස්තුවක් රැස්කර ගනු ඇත්තේ සැබෑ ජීවනය අත්පත් කර ගනු පිණිස ය.
20
එම්බා තිමෝති, ඔබට බාර දී ඇති දෑ රැකගන්න; හිස් දෙඩවිල්ලෙන් හා දැනුම යැයි බොරුවෙන් හඳුන්වන පරස්පර-විරෝධී අදහස්වලින් ද වළකින්න.
21
එසේ ප්‍රකාශ කළ ඇතැම්හු ඇදහිල්ලෙන් මුළාව ගියහ. අනුග්‍රහය ඔබ සමඟ වේවා!
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
All chapters:
1
2
3
4
5
6