bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
/
1 Timothy 4
1 Timothy 4
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 5 →
1
ආත්මයාණන්වහන්සේ පැහැදිලිව පවසා සිටින්නේ, පසු කාලෙක ඇතමුන් ඇදහිල්ල අතහැර, මුළා කරවන ආත්ම හා යක්ෂාත්මයින්ගේ ඉගැන්වීම්වලට අනුව ගමන් කරන බව ය.
2
ඒවා එන්නේ හෘදය සාක්ෂියේ හංවඩු ලද, වංක බොරුකාරයින් මඟිනි.
3
ඔවුහු විවාහය තහනම් කරති; විශ්වාස කරන, සත්‍යය දැන සිටින ඇදහිලිවතුන් ස්තුති දීමෙන් යුතුව භුක්ති විඳින පිණිස, දෙවියන්වහන්සේ මැවූ ආහාර තහනම් කරති.
4
මන්ද දෙවියන්වහන්සේ මැවූ හැම දෙයක්ම හොඳ ය; ස්තුති දීමෙන් පිළිගන්නේ නම්, කිසිවක් ප්‍රතික්ෂේප කළ යුතු නැත.
5
මන්ද දෙවියන්වහන්සේගේ වචනයෙන් හා යාච්ඤාවෙන් ඒවා ශුද්ධ බවට පත් කරනු ලැබේ.
6
ඔබ මේ දෑ සහෝදරයින්ට පෙන්වා දෙන්නේ නම්, ඔබ ඇදහිල්ලේ වචනයෙන් හා ඔබ අනුගමන කළ සාර ධර්මයෙන් පෝෂණය ලැබූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ හොඳ සේවකයකු වනු ඇත.
7
අභක්තික මිථ්‍යා සහ මැහැලියන්ගේ ප්‍රලාපවල නො පැටලවී, දේව භක්තිය උදෙසා අභ්‍යාස කරන්න.
8
ශාරීරික අභ්‍යාසයේ යම් වටිනාකමක් ඇත. එහෙත් මේ ජීවිතයට මෙන්ම මතු ජීවිතයට ද පොරොන්දු දරා සිටින දේව භක්තිවන්තකම හැම අතින්ම වටින්නේ ය.
9
විශ්වාසනීය, මුළුමනින්ම පිළිගැනීමට යෝග්‍ය කියමනකි මෙය.
10
අප වෙහෙස මහන්සි වන්නෙත්, පරිශ්රම දරන්නෙත් මේ නිසා ය. මන්ද අප බලාපොරොත්තු තබා සිටින්නේ, සියලු මිනිසුන්ගේ, විශේෂයෙන්ම අදහන්නන්ගේ ගැලවුම්කරු වූ ජීවමාන දෙවියන්වහන්සේ කෙරේ ය.
11
මේ දෑ අණ කරන්න; උගන්වන්න.
12
ඔබ තරුණ නිසා ඔබ සුළු කොට තකන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැතිව, කතාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් හා පවිත්‍රතාවෙන් ඇදහිලිවතුන් හමුවේ ඔබම ආදර්ශයක් වන්න.
13
මා එන තුරු ශුද්ධ ලියවිල්ල ප්‍රසිද්ධියේ කියවීමට, උපදෙස් දීමට හා ඉගැන්වීමට ඇප කැප වන්න.
14
සභා වැඩිමහල්ලන් ඔබ මත අත් තබා, දිවැසි පණිවුඩයක් මඟින් ඔබට දානය කරන ලද දීමනාව, නො සලකා නො හරින්න.
15
ඔබගේ ප්‍රගතිය හැම කෙනකුටම පෙනෙන පරිද්දෙන් මෙම කටයුතුවල ක්‍රියාකාරීව, මුළුමනින් ඊට කැප වන්න.
16
ඔබගේ පැවැත්ම ගැනත්, ඉගැන්වීම් ගැනත් සුපරික්ෂාකාරී වන්න. ඒවායේ පැවත සිටින්න. ඔබ එසේ කරන්නේ නම්, ඔබ ඔබම ගලවා ගනු ඇත; ඔබට සවන් දෙන්නන් ද ගලවා ගනු ඇත.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6