bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Amos 2
Amos 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 3 →
1
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෝවබ්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු ඒදොම් රජුගේ ඇට දවා හුනු සෑදුවේය.
2
ඒ නිසා මම කෙරියොත් විනාශකරන ගින්නක් මෝවබ්ට අරින්නෙමි; මෝවබ්වරු කෝලාහලද ඝෝෂාවද හොරණෑ ශබ්දයද ඇතුව මැරෙන්නෝය.
3
මම එය තුළෙන් විනිශ්චයකාරයා සිඳදමා, එහි සියලු අධිපතීන් ඔහු සමඟ මරාදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
4
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යූදාගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව එපාකොට, උන්වහන්සේගේ පනත් නොපවත්වා, ඔවුන්ගේ පියවරුන් ඇදහූ බොරු කරණකොටගෙන මුළාවූවෝය.
5
ඒ නිසා මම යෙරුසලමේ මාළිගා නාස්තිකරන ගින්නක් යූදාට එවන්නෙමි.
6
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ධර්මිෂ්ඨයා රිදීවලටත් දිළින්දා වහන් සඟළකටත් වික්කෝය.
7
දුප්පතාගේ හිසේ පොළොවේ ධූලි තිබෙනවා දකින්ට ඔව්හු ආශාවෙති, යටහත් අයගේ මාර්ගය පෙරළති. මාගේ ශුද්ධවූ නාමය කෙලහෙන ලෙස පුරුෂයෙක්ද ඔහුගේ පියාද එම තරුණිය කරා එළෙඹති.
8
ඔවුන් උකසට ගත් වස්ත්‍ර සියලු පූජාසන ළඟ එළාගන ඉඳිති, දඩගැසුම් කෑ අයගේ මුද්‍රිකපානයද තමුන්ගේ දෙවිවරුන්ගේ ගෘහයේදී බොති.
9
එහෙත් කිහිරි ගස්වල උස හා සමාන උස ඇත්තාවූ, අලෝන ගස් මෙන් ශක්තිමත්වූ මෝරිවරුන් ඔවුන් ඉදිරියෙන් විනාශකරදැමුවේ මමය; ඉහළින් ඔවුන්ගේ ඵලද පහළින් ඔවුන්ගේ මුල්ද නාස්තිකෙළෙමි.
10
අමෝරිවරුන්ගේ දේශය හිමිකරගැනීමට ඔබ සැම මිසර දේශයෙන්ගෙන්වා, සතළිස් අවුරුද්දක් ඔබ සැම කාන්තාරයෙහි ගෙනගියෙත් මමය.
11
ඔබ සැමගේ පුත්‍රයන්ගෙන් අනාගතවක්තෘවරුන්ද ඔබ සැමගේ තරුණයන්ගෙන් නසරියයන්ද නැගිටෙවුවෙමි. ඉශ්රායෙල් පුත්‍රයෙනි, එසේ නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12
එහෙත් ඔබ සැම නසරියයන්ට මුද්‍රිකපානය බොන්ට දුන්නහුය; අනාගතවාක්‍ය නොකියන්නැයි අනාගතවක්තෘවරුන්ට අණ කළහුය.
13
ගොයම් මිටි පිරෙවු ගැළක් නැමෙන්නාක්මෙන් මම ඔබ සැම බිමට නමන්නෙමි.
14
එබැවින් පලායාම ශීඝ්‍ර අයගෙන් නැතිවන්නේය, බලවත් අයද තමාගේ ශක්තිය වැඩිකරගන්නේවත් බලවතා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත.
15
දුනුවායා සිටින්නේවත් ශීඝ්‍ර පාද ඇත්තා ගැළවීයන්නේවත් අශ්වයා පිට නැගීයන්නා තමාගේ ප්‍රාණය ගළවාගන්නේවත් නැත.
16
බලවතුන් අතරෙහි ධෛර්යසිතක් ඇති අයද ඒ දවසේ නිර්වස්ත්‍රව පලායන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 3 →
All chapters:
1
2
3
4
5
6
7
8
9