bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Amos 4
Amos 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 5 →
1
සමාරියේ කඳුකරයෙහි සිටින බාෂාන්හි එළදෙන්නුනි, මේ වචනය අසන්න; ඔබ සැම දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය; අපට බොන්ට ගෙනෙන්නැයි ඔබ සැමගේ ස්වාමිවරුන්ට කියන්නහුය.
2
ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධකම ගැන මෙසේ දිවුරා තිබේ: ඔබ සැමව කොකුවලින්ද ඔබ සැමගෙන් පැවත එන්නන් බිලිකටුවලින්ද අහකට ගෙනයන දවස් ඔබ සැම පිටට පැමිණෙන්නේය.
3
ඔබ සැම කපොලුවලින් එක එකා තම තමා ඉදිරිපිටින් පිටත්ව යන්නහුය; ඔබ සැම හාර්මොන්ට විසිකරනු ලබන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
4
බෙතෙල්ට ඇවිත් වරදකරන්න; ගිල්ගාල්හි බොහෝසෙයින් වරදකොට, හැම උදයම ඔබ සැමගේ පූජාද තුන් දවසකට වරක් ඔබ සැමගේ ඔතුද ගෙනෙන්න;
5
මුහුන් මිශ්‍රවූ ස්තුති පූජාවකුත් ඔප්පුකර, ස්වේච්ඡා පූජා ගැනත් මොරගසා ප්‍රකාශකරන්න. මක්නිසාද ඉශ්රායෙල් පුත්‍රයෙනි, ඔබ සැම ඊට ප්‍රියයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
6
තවද මා විසින් ඔබ සැමගේ සියලු නුවරවල දත් ශුද්ධකමද ඔබ සැමගේ සියලුම ස්ථානවල කෑම හිඟකමද දුන් නුමුත්, ඔබ සැම මා වෙතට හැරීනාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක:
7
තවද කපන කාලයට තුන් මසක් තිබෙද්දී මම වැස්ස ඔබ සැමගෙන් වලක්වාගතිමි. එක නුවරකට වහින්ට සලස්වද්දී තවත් නුවරකට වැස්ස නොදී ඇරියෙමි. එක බිම් කොටසකට වැස්සේය, වැස්ස නොලැබූ කොටස වියළී ගියේය.
8
ඒ නිසා නුවරවල් දෙකක් තුනක් වතුර බීමට වෙන නුවරකට ගමන්කළෝය, නුමුත් සෑහීමට නොපැමුණුණෝය. එහෙත් ඔබ සැම මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9
මම ගොයම් වියළවීමෙන්ද ගොයම් රෝගයෙන්ද ඔබ සැමට පහරදුනිමි. ඔබ සැමගේ බොහෝවූ වතුද මිදිවතුද ඔබ සැමගේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද පළඟැටි පණුවෝ කෑවෝය. එහෙත් ඔබ සැම මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
10
මිසරයට ඇරියාක්මෙන් ඔබ සැම අතරට වසංගතය එවීමි. ඔබ සැමගේ තරුණයන් කඩුවෙන් මරාදැමීමි, ඔබ සැමගේ අශ්වයන්ද අල්ලාගෙනගියෙමි; ඔබ සැමගේ කඳවුරේ සේනාවල දුර්ගන්ධය ඔබ සැමගේ නාස්වලට වදින්ටත් සැලැස්වීමි. එහෙත් ඔබ සැම මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
11
දෙවියන්වහන්සේ සොදොම සහ ගොමොරාව පෙරළාදැමුවාක්මෙන් ඔබ සැම අතරෙන් සමහරෙකු පෙරළා දැමුවෙමි, ඔබ සැම ගින්නෙන් ඇදගත් පෙනෙල්ලක් මෙන් වූවහුය. එහෙත් ඔබ සැම මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12
එබැවින්, ඉශ්රායෙල් මෙසේ ඔබට කරන්නෙමි. මා ඔබට මෙසේ කරන්ට යන බැවින්, එම්බා ඉශ්රායෙල්, ඔබේ දෙවියන්වහන්සේ සම්මුඛවෙන්ට සූදානම්වෙන්න.
13
මක්නිසාද උන්වහන්සේ කඳු සාදන්නාවූ, හුළඟ මවන්නාවූ, මනුෂ්‍යයාට තමාගේ කල්පනාව මොකද කියා දන්වන්නාවූ, පහන් වේලාව අන්ධකාරකරන්නාවූ, පොළොවේ උස්තැන් පිට යන්නාවූ තැනන්වහන්සේය; උන්වහන්සේගේ නාමය සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9