bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Amos 5
Amos 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 6 →
1
එම්බා ඉශ්රායෙල් වංශය, මා විසින් ඔබ සැම ගැන පවත්වන විලාපයවන මේ වචනය අසන්න.
2
ඉශ්රායෙල් කන්‍යාව වැටුණාය; ඈ තවත් නොනැගිටින්නීය. ඈ නැගුටුවන්ට කිසිවෙක් නැතුව ඇගේ භූමිය පිට ඈ වැටී ඉන්නවාය.
3
මක්නිසාද: යම් නුවරකින් දහසක් පිටත්ව ගියෝද ඔවුන්ගෙන් සිය දෙනෙක්ද, යම් නුවරකින් සියයක් පිටත්ව ගියෝද ඔවුන්ගෙන් දසදෙනෙක්ද ඉශ්රායෙල් වංශයට ඉතුරුවන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
4
එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්රායෙල් වංශයට මෙසේ කියනසේක:
5
මා සොයන්න, එවිට ඔබ සැම ජීවත්වන්නහුය. නුමුත් බෙතෙල් නොසොයන්න, ගිල්ගාල්ට ඇතුල් නොවෙන්න, බෙයර්-ෂෙබාට නොයන්න. මක්නිසාද ගිල්ගාල් සැබවින් වහල්කමට යනවා ඇත, බෙතෙල්ද හිස්කමට පැමිණෙවා ඇත.
6
යුක්තිය කොසඹවලට හරවන්නාවූ, ධර්මිෂ්ඨකම බිම හෙළන්නාවූ තැනැත්තෙනි,
7
ස්වාමීන්වහන්සේ සොයන්න, එවිට ඔබ සැම ජීවත්වන්නහුය; නැත්නම් උන්වහන්සේ ගින්නක් මෙන් යෝසෙප් වංශය පිටට පැමිණෙනවා ඇත, බෙතෙල්හි නිවන්ට කෙනෙක් නැතුව එය ඇවිළෙනවා ඇත.
8
උන්වහන්සේ නම් හත්දින්නද මුවසිරසද සෑදුවාවූ, මරණ සෙවණ උදයේ එළියට හරවන්නාවූ, දවාල රාත්‍රිය මෙන් අන්ධකාරකරන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝ තලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.
9
උන්වහන්සේ බලය ඇත්තා පිටට විනාශය හදිසියෙන් පමුණුවනසේක, විනාශය බලකොටුව පිටට පැමිණෙනවා ඇත.
10
දොරටුවෙහි අවවාදකරන්නාට ඔව්හු වෛරවෙති, අවංකලෙස කථාකරන්නාටද පිළිකුල්කරති.
11
එබැවින් ඔබ සැම දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, ඔබ සැම කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් ඔබ සැම ඒවායේ වාසය නොකරන්නහුය; ඔබ සැම ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය.
12
මක්නිසාද ඔබ සැමගේ වරදවල් කොපමණ වැඩිව, ඔබ සැමගේ පාපවල් කොපමණ තදබලව තිබෙනවාද කියාදනිමි; ඔබ සැම ධර්මිෂ්ඨයාට පීඩාකරන්නහුය, අල්ලසක් ගෙන, යුක්තිය නොකොට දිළිඳුන් දොරටුවෙහි අහක්කරන්නහුය.
13
එබැවින් ඒ කාලය නපුරු නිසා නුවණ ඇත්තා ඒ කාලයෙහි නිශ්ශබ්දව සිටින්නේය.
14
ඔබ සැම ජීවත්වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැම කියන ලෙස ඔබ සැම සමඟ සිටිනසේක.
15
නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.
16
එබැවින් ස්වාමිවූ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියලු පළල් මාවත්වල වැලපීමවන්නේය; සියලු වීථිවල ඔව්හු-අනේ, අනේයයි කියන්නෝය; වැලපෙන පිණිස ගොවියාටත් විලාප කියන පිණිස ළතෝනි කීමෙහි දක්ෂ අයටත් අඬගසන්නෝය.
17
සියලු මිදිවතුවලත් වැලපීම වන්නේය. මක්නිසාද ඔබ මැදින් යන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
18
ස්වාමීන්වහන්සේ ගේ දවසට ආශාවන්නෙනි, ඔබ සැමට දුක්වේ! ස්වාමීන්වහන්සේ ගේ දවස ඔබ සැමට ඕනෑකරන්නේ මක්නිසාද? එය ආලෝකය නොව අන්ධකාරයය.
19
එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත බිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය.
20
ස්වාමීන්වහන්සේ ගේ දවස එළිය නොව අඳුර නොවන්නේද? දීප්තියක් නැතිව ඉතා කළුවරව නොතිබෙන්නේද?
21
ඔබ සැමගේ මංගල්‍යවලට ද්වේෂකර ඒවා සුළුකොට සිතමි, ඔබ සැමගේ මංගල්‍ය රැස්වීම්වලටද මම ප්‍රසන්න නොවෙමි.
22
ඔබ සැම දවන පූජාද ඔබ සැමගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. ඔබ සැමගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි.
23
ඔබේ ගීතිකා ඝෝෂාව මා වෙතින් අහක්කරගන්න; ඔබේ වීණා නාදයත් නාසන්නෙමි.
24
නුමුත් යුක්තිය ජලය මෙන්ද ධර්මිෂ්ඨකම බලවත් දියපාරක් මෙන්ද ගලායාවා.
25
එම්බා ඉශ්රායෙල් වංශය, ඔබ සැම යාගද ආහාර පූජාද කාන්තාරයේදී සතළිස් අවුරුද්දක් මට ඔප්පු කළහුද?
26
එසේය, ඔබ සැමගේ රජුගේ මණ්ඩපයත් ඔබ සැම සාදාගත්තාවූ ඔබ සැමගේ දේවරූපවූ කීයුන් වන ඔබ සැමගේ දෙවියන්ගේ තාරකාවත් ඔබ සැම ගෙනගියහුය.
27
ඒ නිසා දමස්කයෙන් එපිටට වහල්කමට ඔබ සැම යවන්නෙමියි සේනාවල දෙවියන්වහන්සේ නම්වූ ස්වාමීන්වහන්සේ කියනසේක.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7
8
9