bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Micah 4
Micah 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 5 →
1
නුමුත් මතු දවස්වලදී ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස්වන්නේය; ජනයෝ එය කරා ගලාගන එන්නෝය.
2
බොහෝ ජාතීන්ද ගොස් කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේ ගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරුසලමෙන්ද නිකුත්වන්නේය.
3
උන්වහන්සේ බොහෝ ජනයන් අතරේ විනිශ්චයකොට, දුරින් සිටින බලවත් ජාතීන්ට තීන්දුව කියනසේක; ඔවුන් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධය ඉගෙනගන්නේවත් නැත.
4
තවද ඔව්හු කිසිවෙකුගෙන් භයක් නොලැබ, එකිනෙකා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද වාසයකරනවා ඇත. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ ගේ මුඛය එය වදාළේය.
5
එසේය, සියලු ජනයෝ තම තමුන්ගේ දෙවිවරුන්ගේ නාමයෙන් හැසිරෙන්නෝය, අපිද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමුව.
6
ඒ කාලයේදී මම කොරගසගසා යන්නන් රැස්කර, පන්නාදමනු ලැබූවන්ද මා විසින් විපත්තියට පැමිණවූ අයද එකතුකරන්නෙමි;
7
මම කොරගසගසා යන්නන් ඉතුරුවෙන්ට සලස්වා, ඈත්කරනු ලැබූ අය බලවත් ජාතියක් කරන්නෙමි. ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ ඔවුන් කෙරෙහි මෙතැන් පටන් සදාකාලයටම රජකම්කරනසේක.
8
එම්බා රැළේ කොත, සියොන් දුවගේ හෙල, ඔබ වෙතට පළමු ආණ්ඩුව එන්නේය, එසේය, යෙරුසලම් දුවගේ රාජ්‍යය එන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9
ඉතින් ඔබ ඝෝෂාකරන්නේ මන්ද? ඔබ තුළ රජෙක් නැද්ද? ඔබේ මන්ත්‍රීවරු නැතිවූද? මක්නිසාද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාව ඔබට අල්ලා තිබේ.
10
සියොන් දුව, බිහිකරන ස්ත්‍රියෙකු මෙන් වේදනා විඳ බිහිකරන්න. මක්නිසාද ඔබ දැන් නගරයෙන් පිටතට ගොස් එළියේ වාසයකොට, බබිලෝනියට පැමිණෙන්නීය; එහිදී ඔබ නිදහස්කරනු ලබන්නීය; එහිදී ස්වාමීන්වහන්සේ ඔබේ සතුරන්ගේ අතින් ඔබ මුදාගන්න සේක.
11
දැන් වනාහි බොහෝ ජාතීන් ඔබට විරුද්ධව රැස්ව සිට: ඈ කිලුටුකරනු ලබාවා, සියොන් කෙරෙහි අපේ ඇසේ ආශාව ඉෂ්ටවේවායි කියති.
12
නුමුත් ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ අදහස් නොදනිති, උන්වහන්සේගේ මන්ත්‍රණය, එනම් උන්වහන්සේ පාවරෙහි ගොයම් මිටි මෙන් ඔවුන් එකතුකරගත් බව ඔව්හු තේරුම් නොගනිති.
13
සියොන් දුව නැගිට මඩින්න. මක්නිසාද මම ඔබේ අඟ යකඩ කරන්නෙමි, ඔබේ කුර පිත්තල කරන්නෙමි. ඔබ බොහෝ ජනයන් පොඩිකර, ඔවුන්ගෙන් ගන්න කොල්ලය ස්වාමීන්වහන්සේටත් ඔවුන්ගේ සම්පත් මුළු පොළොවේ ස්වාමීන්වහන්සේටත් කැප කරන්නෙහිය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7