bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Micah 5
Micah 5
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 6 →
1
ඉතින් හමුදාවල දියණියනි, හමුදා වශයෙන් රැස්වෙන්න. ඔහු අපට විරුද්ධව බලකොටු බැඳ තිබේ. ඔව්හු ඉශ්‍රායෙල්ගේ විනිශ්චයකාරයාගේ කම්මුලට දණ්ඩකින් පහරදෙන්නෝය.
2
නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින ඔබෙන්, ඉශ්රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.
3
එබැවින් බිහිකරන තැනැත්තියගේ ප්‍රසූත කාලය දක්වා උන්වහන්සේ ඔවුන් පාවාදෙනවා ඇත. උන්වහන්සේගේ සහෝදරයන්ගෙන් ඉතිරි අයද ඉශ්රායෙල් පුත්‍රයන් වෙතට හැරී එනවා ඇත.
4
උන්වහන්සේ සිටගෙන ස්වාමීන්වහන්සේ ගේ බලයෙන් සහ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයේ මහිමයෙන්ද තමන් රැළ පෝෂ්‍යයකරනවා ඇත. ඔව්හු පවතින්නෝය; මක්නිසාද උන්වහන්සේ එකල පොළෝ සීමා දක්වා උතුම්ව සිටිනවා ඇත.
5
මේ මනුෂ්‍යයා අපේ සමාදානය වන්නේය. අෂූරියයා අපේ දේශයට එන කලත් අපේ මාළිගාවලට ඇතුල්වන කලත් අපි ඔහුට විරුද්ධව එඬේරුන් සත්දෙනෙකුත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් අටදෙනෙකුත් නැගුටුවන්නෙමුව.
6
ඔව්හු කඩුවෙන් අෂූර් දේශයද ඇතුල්වෙන තැන්වල නිම්රොද් දේශයද පාලනයකරනවා ඇත. මෙසේ අෂූරියයා අපේ දේශයට එන කලත් අපේ සීමාවලට පය තබන කලත් උන්වහන්සේ ඔහුගෙන් අප ගළවන සේක.
7
යාකොබ්ගේ ඉතිරිවූ අය බොහෝ ජනයන් අතරෙහි ස්වාමීන්වහන්සේ ගෙන් පැමිණෙන පිනි මෙන්ද මනුෂ්‍යයා ගැන ප්‍රමාද නොවී, මනුෂ්‍ය පුත්‍රයන් ගැන පමා නොවී, පලා ජාති පිටට බසින වැහිබින්දු මෙන්ද සිටිනවා ඇත.
8
තවද යාකොබ්ගේ ඉතිරි අය ජාතීන් අතරෙහිද බොහෝ ජනයන් මැදද කැලෑවේ මෘගයන් අතරෙහි සිටින සිංහයෙකු මෙන්ද බැටළු රැළවල් අතරට වන කල්හි ගළවන්ට කිසිවෙකු නැතුව උන් පාගා ඉරාදමන තරුණ සිංහයෙකු මෙන්ද සිටිනවා ඇත.
9
ඔබගේ අතද ඔබගේ එදිරිකාරයන්ට වඩා උසස් වේවා, ඔබගේ සියලු සතුරෝද සිඳදමනු ලබත්වා.
10
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි මම ඔබ වෙතින් ඔබේ අශ්වයන් සිඳදමා, ඔබේ රථ විනාශකරන්නෙමි.
11
ඔබේ දේශයේ නුවරවල් සිඳදමා, ඔබේ සියලු බලකොටු බිඳදමන්නෙමි.
12
මම ඔබේ අතින් මායම් සිඳදමන්නෙමි; පේනකියන්නෝ තවත් ඔබට නොසිටින්නෝය.
13
ඔබේ දේව රූපද ඔබේ රූපස්තම්භද ඔබ වෙතින් සිඳදමන්නෙමි; ඔබද ඔබේ අත්වල වැඩයට තවත් නමස්කාර නොකරන්නෙහිය.
14
මම ඔබේ අෂේරා කණු ඔබ වෙතින් උදුරාදමා, ඔබේ නුරවල් විනාශකරන්නෙමි.
15
ඇහුම්කන් නුදුන්නාවූ ජාතීන් පිටට උදහසෙනුත් කෝපයෙනුත් ප්‍රතිඵල දෙන්නෙමි.
← Chapter 4
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 6 →
All chapters:
1
2
3
4
5
6
7