bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Micah 6
Micah 6
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 7 →
1
ඉතින් ස්වාමීන්වහන්සේ කියනදේ අසන්න. නැගිට කඳු ඉදිරියෙහි පැමිණිලිකරන්න, හෙල්ද ඔබේ හඬ අසාවා.
2
එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේ ගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්රායෙල් සමඟ විවාදකරනසේක.
3
මාගේ සෙනඟෙනි, මම ඔබ සැමට කුමක් කෙළෙම්ද? කුමකින් ඔබ වෙහෙසුවෙම්ද? මට විරුද්ධව සාක්ෂි දෙන්න.
4
මම ඔබ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් ඔබ මුදා, ඔබට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.
5
මාගේ සෙනඟෙනි, මෝවබ්හි රජවූ බාලාක් මන්ත්‍රණයකළේ කුමක්ද කියාත් බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම් ඔහුට දුන් උත්තර මොනවාද කියාත් ෂිට්ටීම්හි සිට ගිල්ගාල් දක්වා සිද්ධවුණේ මොනවාද කියාත් ස්වාමීන්වහන්සේ ගේ ධර්මිෂ්ඨකම් දැනගන්න පිණිස සිහිකරන්න.
6
මම ස්වාමීන්වහන්සේ ඉදිරියට කුමක් රැගෙන ඇවිත් උසස්වූ දෙවියන්වහන්සේට වඳිම්ද? මම දවන පූජාද අවුරුද්දක්වූ එළවස්සන්ද රැගෙන උන්වහන්සේ ඉදිරියට පැමිණෙම්ද?
7
දහස් ගණන් බැටළුවන්ටවත් දස දහස් ගණන් තෙල් ගංගාවලටවත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? මාගේ වරද නිසා මාගේ කුලුඳුලාත් මාගේ ආත්මයේ පාපය නිසා මාගේ ශරීරයේ ඵලයත් දෙම්ද?
8
එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ ඔබට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් ඔබේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ ඔබෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?
9
ස්වාමීන්වහන්සේ ගේ හඬ නුවරට මොරගසන්නේය, ඥානවන්තයා ඔබගේ නාමය දකිනවා ඇත. දණ්ඩටත් ඒක නියමකළ තැනන්වහන්සේටත් යටත්වෙන්න.
10
දුෂ්ටයාගේ ගෙයි දුෂ්ටකමේ වස්තුද පිළිකුල්වූ අඩු ඒඵාවද තවම තිබෙනවාද?
11
දුෂ්ටකමේ තරාදි සහ හොර කළන් පඩි මල්ලකුත් තබාගන සිටිද්දී මට නිදොස්කමක් ඇද්ද?
12
මක්නිසාද එහි වස්තුකාරයෝ බලාත්කාරකමෙන් පිරී සිටිති, එහි වැසියෝ බොරුකියති, ඔවුන්ගේ දිව් ඔවුන්ගේ මුඛවල වංචාකාරව තිබේ.
13
එබැවින් මමත් ඔබට තදලෙස පහරදී, ඔබේ පාප නිසා පාළුකෙළෙමි.
14
ඔබ කන නුමුත් තෘප්තියට නොපැමිණ, ඔබේ ඇතුළත හිස්ව තිබෙයි. ඔබ අහකට ගෙනයන නුමුත් ගළවා නොගන්නෙහිය; ඔබ ගළවාගන්න දේත් මම කඩුවට පාවාදෙන්නෙමි.
15
ඔබ වපුරන නුමුත් කපාගන්ට නොලැබේ. ඔබ ඔලීව ඵල මඩින නුමුත් තෙල් ගාගන්ට නොලැබේ; ඔබ මිදියුස මිරිකන නුමුත් මුද්‍රිකපානය බොන්ට නොලැබේ.
16
මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් ඔබ සැම පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට ඔබ සැම ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද ඔබ සැම ඉවසනවා ඇත.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7