bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Nahum 1
Nahum 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
1
නිනිවය පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයය. එල්කොෂියවූ නාහූම්ගේ දර්ශනයේ පොතය.
2
ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ පළිගන්න දෙවිකෙනෙක්ය; ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය; ස්වාමීන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නාසේක, තමන්ගේ සතුරන්ට උදහස තබාගන සිටින සේක.
3
ස්වාමීන්වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටිනසේක, වරදකාරයන් කොයි ප්‍රකාරයකින්වත් නිදොස් නොකරනසේක. ස්වාමීන්වහන්සේ ගේ මාර්ගය සුළිහුළඟෙහිද කුණාටුවෙහිද ඇත්තේය, වලාකුල් උන්වහන්සේගේ පාදවල ධූලිය.
4
උන්වහන්සේ මුහුදට තරවටුකොට, හින්දවා, සියලු ගංගාද හින්දවනසේක. බාෂාන්ද කර්මෙල්ද මැලවෙති, ලෙබනොන්හි දළුත් මැලවෙති,
5
කඳු උන්වහන්සේට භයින් වෙවුලති, හෙල්ද දියවෙති; උන්වහන්සේ ඉදිරියෙහි පොළොවද ලෝකය සහ එහි වාසයකරන සියල්ලෝද කම්පාවෙති.
6
උන්වහන්සේගේ කෝපය ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද? උන්වහන්සේගේ බලවත් උදහසේදී පවතින්නේ කවුද? උන්වහන්සේගේ කෝපය ගිනි මෙන් වැගිරෙන්නේය, පර්වතද උන්වහන්සේ ඉදිරියෙහි කඩාවැටෙන්නේය.
7
ස්වාමීන්වහන්සේ යහපත්ය, විපත්ති දවසේදී බලකොටුවක්ය; උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක.
8
නුමුත් ගලායන ජලගැල්මකින් උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන් සහමුලින්ම විනාශකරනසේක, තමන්ගේ සතුරන්ද අන්ධකාරයට පන්නාදමනසේක.
9
[අෂූර්වරුනි,] ඔබ සැම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කුමක් යෝජනාකරන්නහුද? උන්වහන්සේ මුළුමනින්ම තීන්දුවක් කරනසේක. විපත්තිය දෙවරක් නොපැමිණෙන්නේය.
10
මක්නිසාද ඔව්හු කටු ගස් වාගේ පටලැවී, තමුන්ගේ සුරාපානයෙන් පෙඟී සිටියත්, හොඳට වේළී තිබෙන ඉපනැලි මෙන් දාලායන්නෝය.
11
ස්වාමීන්වහන්සේ ට විරුද්ධව නපුර යෝජනාකරන්නාවූ, දුෂ්ටකම් ගැන මන්ත්‍රණයකරන්නාවූ කෙනෙක් ඔබෙන් නික්ම ආයේය.
12
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් සම්පූර්ණව එපමණ වැඩිව සිටින නුමුත් ඔවුන් එසේ කපාදමනු ලැබ, ඔහුද පහවීයන්නේය. [යූදා,] මම ඔබට පීඩාකළ නුමුත් තවත් ඔබට පීඩා නොකරන්නෙමි.
13
දැන් මම ඔහුගේ වියගහ ඔබ කෙරෙන් බිඳදමා, ඔබේ බැඳුම් කඩාදමන්නෙමි.
14
[අෂූරියයා,] ඔබ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ අණකළසේක: ඔබේ නාමය තවත් පැවත නොඑන්නේය. මම ඔබේ දෙවිවරුන්ගේ ගෘහයෙන් කැපූ රූපයත් වාත්තු රූපයත් සිඳදමා, ඔබ නීච නිසා ඔබේ මිනීවළ පිළියෙළකරන්නෙමි.
15
අන්න, ශුභාරංචි දන්වන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ අයගේ පාද කඳු පිට එති! එම්බා යූදා, ඔබේ මංගල්‍යවල් පවත්වා ඔබේ බාරවල් ඉෂ්ටකරන්න. මක්නිසාද දුෂ්ටයා ඔබ මැදින් තවත් නොඑන්නේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලැබීය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 2 →
All chapters:
1
2
3