bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Nahum 2
Nahum 2
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
1
කැබෙලිකොට කඩන්නා ඔබේ මුහුණට විරුද්ධව නැගී ආයේය. බලකොටුව රැකවල්කර, මාර්ගය මුරකර, ඉඟටි බලවත්කර, ඔබේ ශක්තිය ඉතා බලවත්කරගන්න.
2
එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ තේජස මෙන් යාකොබ්ගේ තේජසත් නැවත පිහිටුවනසේක. මක්නිසාද හිස්කරන්නෝ ඒවා හිස්කර, ඒවායේ රිකිලි නාස්තිකළෝය.
3
ඔහුගේ බලවතුන්ගේ පලිස්වලට රතු සායම් පොවා තිබේ, යුද්ධකාර මනුෂ්‍යයෝ රතු වස්ත්‍ර ඇඳගන සිටිති. ඔහුගේ සූදානම්වීමේ දවසේදී රථ වානෙන් දිලිහෙති, දේවදාර හෙල්ලද සොලවන්නේය.
4
රථ වීථිවල වේගයෙන් යති, පළල් මාර්ගවල එහා මෙහා දුවති. ඒවායේ පෙනීම පන්දම් මෙන්ය, ඒවා විදුලි මෙන් දුවති.
5
ඔහු තමාගේ උත්තමයන් සිහිකරයි. ඔව්හු යනකොට පැකිලෙමින් එහි පවුරට ඉක්මනින් යති, මුවාවද පිළියෙළකරනු ලබන්නේය.
6
ගංගාවල දොරටු අරිනු ලැබ, මාළිගාව දියවී තිබේ.
7
හුශබ් නිර්වස්ත්‍රව ගෙනයනු ලබන්නීය, ඇගේ මෙහෙකාරියෝද තමුන්ගේ ළයට ගසාගනිමින්, පරෙවියන්ගේ හඬින් මෙන් සුසුම්ලති.
8
නිනිවය පුරාණයේ සිට වතුර පොකුණක් මෙන් (මිනිසුන්ගෙන්) පිරී තිබුණේය. නුමුත් ඔව්හු පලායති; සිටින්න, සිටින්නය කියන නුමුත් කිසිවෙක් හැරී නොබලයි.
9
රිදී කොල්ලකාගන්න, රන් කොල්ලකාගන්න. වස්තුද නිමක් නැත, අනර්ඝවූ සියලු ආකාර බඩු රාශියක් ඇත්තේය.
10
ඈ හිස්ව ශුන්‍යව පාළුව සිටියි. සිත දියවීමද දණහිස් වෙවුලීමද සියලු තුනටිවල රුජාවද තිබේ, ඔවුන් සියල්ලන්ගේ මුහුණුද සුදුමැලිව තිබේ.
11
සිංහයන්ගේ ගුහාවත් තරුණ සිංහයන්ගේ ගොදුරු ඉඩමත් කොයිද? එහි කිසිවෙකුගෙන් භයක් නොලැබ සිංහයාත් සිංහධේනුවත් සිංහපැටවාත් ඇවිද්දෝය.
12
සිංහයා උගේ පැටවුන්ට සෑහෙන පමණ ගොදුරු ඉරාදී, උගේ සිංහධේනුන්ට සතුන් මරාදී, උගේ ලෙනවල් ගොදුරෙන්ද උගේ ගුහාවල් ගොදුරුවලින්ද පිරෙවුවේය.
13
බලව, මම ඔබට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; ඇගේ රථ දවා දුම් කරන්නෙමි, කඩුවද ඔබේ තරුණ සිංහයන් කාදමන්නේය. මම ඔබේ ගොදුර පොළෝතලයෙන් සිඳදමන්නෙමි, ඔබේ පණිවිඩකාරයන්ගේ හඬ තවත් නෑසෙන්නේය.
← Chapter 1
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 3 →
All chapters:
1
2
3