bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ruth 3
Ruth 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
1
එවිට ඇගේ නැන්දාවූ නායොමි ඈට කථාකොට: මාගේ දියණියෙනි, ඔබට ශුභසිද්ධියක් වෙන පිණිස මා විසින් ඔබට නිවාසයක් සොයන්ට ඕනෑ නොවේද?
2
ඉතින් ඔබ සමඟ සිටිය යෞවනියන්ගේ ස්වාමියාවූ බෝවස් අපේ නෑයෙක් නොවේද? ඔහු අද රෑ පාවරේ යව පොළන්නේය.
3
එබැවින් ඔබ නා, තෙල්ගාගෙන, ඔබේ වස්ත්‍ර ඇඳගෙන, පාවරට යන්න. ඒ මනුෂ්‍යයා කා බී නිමවන තුරු ඔබ දකින්ට ඔහුට ඉඩනාරින්න.
4
ඔහු නිදාගන්න විට, ඔහු නිදාගන්න තැන බලාගන ඇතුළට ගොස් ඔහුගේ පාවැසුම් ඇර නිදාගන්න; එවිට ඔබ විසින් කළ යුතු දේ ඔහු ඔබට දන්වනවා ඇතැයි කීවාය.
5
ඔබ මට කියන සියල්ල කරන්නෙමියි ඈ ඈට කීවාය.
6
ඈ පාවරට ගොස් ඇගේ නැන්දා ඈට අණකළ සියල්ල ලෙස කළාය.
7
බෝවස් කා බී ඔහුගේ සිත ප්රීතිවූ කල, ඔහු ධාන්‍ය ගොඩේ කෙළවරෙහි නිදාගන්ට ගියේය. ඈද හෙමින් අවුත් ඔහුගේ පාදවලින් වැස්ම ඇර නිදාගත්තාය.
8
මධ්‍යම රාත්‍රියේ ඒ මනුෂ්‍යයා භයපත්ව හැරී බලා, ස්ත්‍රියක් තමාගේ පාද ළඟ නිදාඉන්නවා දැක: ඔබ කවුදැයි ඇසීය.
9
ඈද: මම ඔබගේ මෙහෙකාරීවූ රූත්ය; එබැවින් ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරී පිට අතුරනු මැනවි; මක්නිසාද ඔබ ළඟ නෑයෙකැයි කීවාය.
10
ඔහු: මාගේ දියණියෙනි, ස්වාමීන්වහන්සේ ගෙන් ඔබට ආශීර්වාද ලැබේවා. ඔබ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් ඔබ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය.
11
දැන් මාගේ දියණියෙනි, භයනොවෙන්න; ඔබ කියන සියල්ල ඔබට ඉෂ්ටකරන්නෙමි. මක්නිසාද මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ ඔබ සුශිලවත් ස්ත්‍රියක් බව දනිති.
12
ඉතින් මා ඔබට ළඟ නෑයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නෑයෙක් ඇත්තේය.
13
අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම ඔබට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම ඔබට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය.
14
ඈ පහන්වන තෙක් ඔහුගේ පාමුල නිදාහිඳ, එකිනෙකා ඇඳිනගන්ට පුළුවන්වෙන්ට මත්තෙන් නැගුටුණාය. ඔහුද: ඒ ස්ත්‍රිය පාවරට ආ බව කිසිවෙකුට නොදැනේවයි කීවේය.
15
තවද ඔහු: ඔබ පොරවා සිටින සළුව මෙහි ගෙනත් අල්ලන්නැයි කීවේය; ඈ ඒක ඇල්ලූ කල යව නැළි හයක් මැන ඈ පිට තබා නුවරට ගියේය.
16
ඈ තම නැන්දා ළඟට ආ කල: මාගේ දියණියෙනි, ඔබ කවුදැයි ඇසුවාය.
17
එවිට ඈ ඒ මනුෂ්‍යයා තමාට කළ සියල්ල නැන්දාට දන්වා-ඔබේ නැන්දා ළඟට හිස් අතින් නොයන්නැයි ඔහු මට කියා මේ යව නැළි හය මට දුන්නේයයි කීවාය.
18
එවිට ඈ: මාගේ දියණියෙනි, කාරණය කෙසේ සිදුවන්නේද කියා දැනගන්නා තුරු ඉන්න; මක්නිසාද ඒ මනුෂ්‍යයා අද මේ දේ තීන්දුකරනතුර නිවාඩු නොගන්නේයයි කීවාය.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 4 →
All chapters:
1
2
3
4