bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Ruth 4
Ruth 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
1
බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේය. බලව, බෝවස් කී ළඟ නෑයා එහි පැමිණියේය. බෝවස් නම කියා: ආ! ඔබද? මෙහි ඇවිත් වාඩිවෙන්නැයි කීය. ඔහු ගොස් වාඩිවුණේය.
2
එවිට ඔහු නුවර වැඩිමහල්ලන්ගෙන් දසදෙනෙක් කැඳවාගන: ඔබ සැමත් මෙහි වාඩිවෙන්නැයි කීවේය. ඔව්හුද වාඩිවුණෝය.
3
ඔහු ඒ ළඟනෑයාට කථාකොට: මෝවබ් රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලීමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නීය.
4
මෙහි හිඳින්නන් සහ මාගේ සෙනඟගේ වැඩිමහල්ලන් ඉදිරියෙහි ඒක මිලේට ගන්න කියා කාරණය ඔබට දන්වන්ට සිතුවෙමි. ඉතින් ඒක ගළවාගන්ට කැමතිනම් ගළවාගන්න. ගළවාගන්ට අකැමැතිනම් ඒ බව දැනගන්නා පිණිස මට කියන්න. මක්නිසාද ඒක ගළවාගන්ට ඔබ සහ ඔබට පසුව මාත් ඇර වෙන කිසිවෙක් නැතැයි කීවේය. ඒක මම ගළවා ගන්නෙමියි ඔහු කීය.
5
එවිට බෝවස්: නායොමි අතින් ඒ බිම මිලේට ගන්නා දවසේදී, මැරුණු අයගේ නම උරුමය කෙරෙහි පවතින පිණිස මැරුණු අයගේ භාර්යාවවූ මෝවබිය රූත්ගෙනුත් ඒක මිලේට ගන්ට ඕනෑයයි කීවාය.
6
ඒ ළඟ නෑයා කථාකොට: මට ඒක ගළවාගන්ට බැරිය; එසේ කළොත් මාගේ උරුමයට අලාභවෙයි. මට ගළවාගන්ට බැරි නිසා මට තිබෙන මිදීමේ බලය ඔබම භාරගන්නැයි කීවාය.
7
පෙර කාලයේ මුදාගැනීමද හුවමාරු කරගැනීමද ගැන සියලු කාරණා ඉශ්රායෙල්වරුන් අතරේ ස්ථිරකිරීමේ සිරිත මෙසේය: එක්කෙනෙක් තමාගේ මිරිවැඩිය ගළවා අනික් අයට දෙන්නේය. ඒක ඉශ්රායෙල්වරුන් අතරේ සහතිකකිරීමේ විධියව තිබුණේය.
8
ඒ නිසා ළඟ නෑයා: ඔබ ඒක මිලේට ගන්නැයි බෝවස්ට කියා තමාගේ මිරිවැඩිය ගැළෙවුවේය.
9
බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට ඔබ සැම අද සාක්ෂිකාරයෝය.
10
ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට ඔබ සැම අද සාක්ෂිකාරයෝයයි කීවේය.
11
දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ ඔබේ ගෙට එන මේ ස්ත්රිය ඉශ්රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. ඔබ එප්රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.
12
ස්වාමීන්වහන්සේ මේ යෞවනීගෙන් ඔබට දෙන බීජය කරණකොටගෙන ඔබේ වංශය යූදා නිසා තාමාර් බිහිකළ පෙරෙශ්ගේ වංශය හා සමානවේවයි කීවෝය.
13
මෙසේ බෝවස් රූත් පාවාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වූවාය. ඔහු ඈ වෙතට පැමිණි කල ස්වාමීන්වහන්සේ ඈට ගර්භෝත්පත්තිය දුන්සේක, ඈ පුත්රයෙකු බිහිකළාය.
14
ස්ත්රියෝ නායොමිට කථාකොට: අද ඔබට ළඟ නෑයෙක් නැතුව සිටින්ට නෑරියාවූ ස්වාමීන්වහන්සේ ට ප්රශංසා වේවා, ඔහුගේ නාමය ඉශ්රායෙල්හි කීර්තිමත් වේවා.
15
ඔහු වනාහි ඔබේ ජීවිතය ප්රාණවත් කරන්නෙක්ද ඔබේ මහලු වයසේදී ඔබ පෝෂ්යකරන්නෙක්ද වන්නේය. මක්නිසාද ඔබට ආදරය ඇත්තාවූද පුත්රයන් සත්දෙනෙකුට වඩා ඔබට යහපත් වූද ඔබේ යෙහෙළිය ඔහු බිහිකළායයි කීවෝය.
16
නායොමි ළදරුවා ගෙන තමාගේ ළයෙහි හොවා ඇතිකළාය.
17
අසල්වාසි ස්ත්රියෝ: නායොමිට පුත්රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය.
18
පෙරෙශ්ගේ පෙළපත් මේය: පෙරෙශ් හෙශ්රොන් ඉපදවිය;
19
හෙශ්රොන් රාම් ඉපදවිය, රාම් අම්මිනාදාබ් ඉපදවිය;
20
අම්මිනාදාබ් නාෂොන් ඉපදවිය, නාෂොන් සල්මොන් ඉපදවිය;
21
සල්මොන් බෝවස් ඉපදවිය, බෝවස් ඕබෙද් ඉපදවිය;
22
ඕබෙද් යෙස්සේ ඉපදවිය, යෙස්සේ දාවිත් ඉපදවිය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
All chapters:
1
2
3
4