bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Song of Solomon 1
Song of Solomon 1
Sinhala Bile - Revised Old Version (SROV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 2 →
1
සාලමොන්ගේ උතුම් ගීතිකාවය.
2
ඔහු තමාගේ මුඛයේ සිඹීම්වලින් මා සිඹීවා. මක්නිසාද ඔබේ ප්‍රේමය මුද්‍රිකපානයට වඩා හොඳය.
3
ඔබේ විලවුන් මිහිරි සුවඳින් යුක්තය; ඔබේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය; එබැවින් කන්‍යාවෝ ඔබට ප්‍රේමකෙරෙති.
4
මා ඇදගන්න; අපි ඔබ අනුව දුවන්නෙමුව. රජ තමාගේ ඇතුල් ගෙවලට මා පැමිණෙවුවේය. අපි ඔබ කෙරෙහි ප්‍රීති සන්තෝෂවන්නෙමුව, මුද්‍රිකපානයට වඩා ඔබේ ප්‍රේමය සඳහන්කරන්නෙමුව. ඔවුන් ඔබට ප්‍රේමකරනවා හරිය.
5
යෙරුසලමේ දූවරුනි, මම කේදාර්හි කූඩාරම් මෙන් කළු නුමුත්, සාලමොන්ගේ තිර මෙන් ශෝභනව සිටිමි.
6
අව්ව මා පිට වැටීමෙන් මා කළුවී සිටින නිසා, මා දෙස බලානොසිටින්න; මාගේ මවුගේ පුත්‍රයෝ මට කෝපවී, මිදිවතු බලාගන්ට මට නියමකළෝය; මාගේම මිදිවත්ත මම බලා නොගතිමි.
7
මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්ත, ඔබේ රැළට කවන්නේ කොහේද? ඉරමුදුන් වේලේ උන් ලග්ගවන්නේ කොහේද කියා මට දන්වන්න. ඔබේ යහළුවන්ගේ රැළවල් ළඟ මුහුණ වසාගත්තියෙකු මෙන් සිටින්ට ඕනෑ මන්ද?
8
ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, ඔබ නොදන්නෙහි නම්, රැළේ අඩිපාරේම ගොස්, එඬේරුන්ගේ කූඩාරම් ළඟ ඔබේ එළු පැටවුන්ට කවන්න.
9
මාගේ සොඳුර, ඵාරාවෝගේ රථවල අශ්වධේනුවකට ඔබ සමානකෙළෙමි.
10
ඔබේ කම්මුල් හිසකේ ගෙතීම්වලින්ද ඔබේ බෙල්ල මැණික් මාලාවලින්ද ශෝභනව තිබේ.
11
රිදී පොහොට්ටු ඇති රන් මාලා ඔබට සාදා දෙන්නෙමුව.
12
රජ තමාගේ මේසය ළඟ හිඳිද්දී මාගේ ජටාමාංශ තෙලේ සුවඳ විහිදුණේය.
13
මාගේ ප්‍රේමවන්තයා මට මාගේ පියයුරු අතරේ තිබෙන සුවඳලාටු පොදියක් හා සමානය.
14
මාගේ ප්‍රේමවන්තයා මට එන්ගෙදියේ උයන්වල වැවුණ සපුමල් පොකුරක් වැනිය.
15
බලව, මාගේ සොඳුර, ඔබ රුව ඇත්තීය; එසේය, ඔබ රුව ඇත්තීය; ඔබේ ඇස් පරෙවියන් හා සමානය.
16
බලව, මාගේ ප්‍රේමවන්තය, ඔබ රුව ඇත්තෙහිය, එසේය, ප්‍රියකරුය. අපේ යහනද නිල්පාටය.
17
අපේ ගෙයි බාල්ක කිහිරි ගස්ය, අපේ පරාළ දේවදාර ගස්ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8