bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Song of Solomon 3
Song of Solomon 3
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 4 →
1
රාත්‍රියෙහි මාගේ යහනේදී මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සෙවීමි. ඔහු සෙවු නුමුත් මට සම්බවුණේ නැත.
2
ඉතින් මම නැගිට නුවර වීදිවලද එළිමහන් තැන්හිද ඇවිද: මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සොයන්නෙමියි කීයෙමි. ඔහු සෙවු නුමුත් මට සම්බවුණේ නැත.
3
නුවර ඇවිදින රැකවලුන් මට සම්බවී: මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා දුටුවහුදැයි ඇසීමි.
4
මා මදක් දුර ඔවුන් පසුකර ගියවිට, මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා මට සම්බවිය. මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙටත් මා බිහිකළ තැනැත්තියගේ ඇතුල් ගෙටත් ඔහු පමුණුවන තෙක් ඔහු යන්ට නෑරියෙමි.
5
යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමැතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදු වන ලෙසත් වනයේ මුවදෙනුන් සහ ඕලුදෙනුන් නමින් ඔබ සැම දිවුරවමි.
6
ගන්ධරස හා තුවරලාවලත් වෙළෙන්දාගේ සියලු කුඩුවලත් සුවඳින් යුක්තව, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැගීඑන මේ තැනැත්තිය කවුද?
7
බලව, ඒ සාලමොන්ගේ දෝලාවය; ඉශ්රායෙල් බලවතුන්ගෙන් බලවන්තයන් සැටදෙනෙක් එය පිරිවරා සිටිති.
8
ඔවුන් සියල්ලෝ කඩුගත් යුද්ධ දක්ෂයෝය. රාත්‍රියෙහි භය නිසා එකිනෙකා තම තමාගේ කඩුව කළවයේ බැඳගෙන සිටියි.
9
සාලමොන් රජ ලෙබනොන්හි ලී වලින් යහනාවක් සාදාගත්තේය.
10
එහි කණු රිදීයෙන්ද එහි පතුළ රනින්ද, එහි ආසනය රත්නිල් රෙදිවලින්ද සෑදීය, එහි ඇතුළත යෙරුසලමේ දූවරුන්ගේ ප්‍රේම ලකුණෙන් සරසනලද්දේය.
11
සියොන් දූවරුනි, පිටත ගොස්, සාලමොන් ස්වකීය සරණවීමේ දවසේදී, තමාගේ සිතේ ප්‍රීතියේ දවසේදී, ඔහුගේ මෑණියන් විසින් ඔහුට පැළඳෙවු ඔටුන්න පැළඳ සිටිනවා බලන්න.
← Chapter 2
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 4 →
All chapters:
1
2
3
4
5
6
7
8