bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Song of Solomon 4
Song of Solomon 4
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 5 →
1
බලව, මාගේ සොඳුර, ඔබ රුව ඇත්තීය; එසේය ඔබ රුව ඇත්තීය; ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන් වැනිය. ඔබේ වරලස ගිලයද් කඳු බෑවුමෙහි ලැග ඉන්න එළු රැළක් මෙන්ය.
2
ඔබේ දත් වනාහි තනිවූ එකෙක්වත් නැතුව, සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, ලොම් කපා නාවනු ලැබ නැගීඑන්නාවූ බැටළු රැළකට සමානය.
3
ඔබේ තොල් රතු නූලක් මෙන්ය, ඔබේ මුඛය ශෝභමානය. ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ කම්මුල් දෙළුම් පළුවක් මෙන්ය.
4
ඔබේ බෙල්ල බලවතුන්ගේ වැසුම් වන පලිස් දහසක් එල්ලා තිබෙන්නාවූ, ආයුධ තැබීමට ගොඩනැගූ දාවිත්ගේ කොත මෙන්ය.
5
ඔබේ දෙතන මහනෙල් අතරේ ගොදුරු කන මුවදෙනකුගේ නිඹුල් පැටවුන් දෙදෙනෙකු මෙන්ය.
6
දවාල සිසිල්වී සෙවණැලි පහව යනතුරු මම ගන්ධරස කන්දටත් තුවරලා හෙලටත් යන්නෙමි.
7
මාගේ සොඳුරිය, ඔබ මුළුමනින්ම රුව ඇත්තීය; කැලලක් නැත්තීය.
8
මාගේ මනමාලිය, ලෙබනොන්හි සිට, එසේය, ලෙබනොන්හි සිට මා සමඟ එන්න. අමානායේ මුදුනෙත් සෙනීර් සහ හෙර්මොන් මුදුනෙත් සිංහයන්ගේ ගුහාවලත් අඳුන්දිවියන්ගේ කඳුවලත් සිට බලන්න.
9
මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, ඔබ මාගේ සිත අල්ලාගත්තෙහිය; ඔබේ එක ඇසකින්, ඔබේ බෙල්ලේ එක මාලාවකින්, මාගේ සිත අල්ලාගත්තෙහිය.
10
මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, ඔබේ ප්‍රේමය කොපමණ මිහිරිද! ඔබේ ප්‍රේමය මුද්‍රිකපානයටත්, ඔබේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ හොඳද!
11
මාගේ මනමාලිය, ඔබේ තොල්වලින් මීවදය මෙන් පැණි වැගිරෙයි. ඔබේ දිව යට මීපැණිත් කිරිත් තිබේ; ඔබේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන්ය.
12
මාගේ සහෝදරී, මාගේ මනමාලී, වැටකින් වටකළ උයනක්ය, වසා තිබෙන ළිඳක්ය, මුද්‍රාකර තිබෙන උල්පතක්ය.
13
ඔබේ පැලෑටි පංක්තිය වනාහි දෙළුම් ගසුත් අනර්ඝ ඵල ගසුත් සපු සහ ජටාමාංසත්
14
ජටාමාංස හා කුංකුමත් වදකහ සහ කුරුඳුත් සෑම තුවරලා ගසුත් ගන්ධරස හා අගිල්ද සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍යද දරන ගසුත් යන මේවාය.
15
ඔබ උයන් උල්පතකුත් ජීවමාන දිය ඇති ළිඳකුත් ලෙබනොන් සිට ගලායන ඔයවලුත්ය.
16
එම්බා, උතුරු හුළඟ, පිබිදෙන්න; දකුණු හුළඟ, එන්න; මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට හමාඑන්න. මාගේ ප්‍රේමවන්තයා තමාගේ උයනට ඇවිත් තමාගේ අනර්ඝ ඵල කෑවාවේ.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8