bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Zechariah 8
Zechariah 8
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 9 →
1
තවද සේනාවල ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2
මම සියොන් උදෙසා මහත් ජ්වලිතයෙන් ජ්වලිතවී, මහත් කෝපයෙන් ඈ ගැන ජ්වලිතව සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
3
මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසයකරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවල ස්වාමීන්වහන්සේ ගේ කන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබන්ට යෙදේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
4
නැවත මහල්ලෝද මහලු ස්ත්‍රීහුද එකිනෙකා වයස් වැඩිකම නිසා තමාගේ සැරයටිය අතේ තබාගන යෙරුසලමේ වීථිවල ඉඳගන ඉන්නවා ඇත.
5
එහි වීථිවල සෙල්ලම්කරන පිරිමි ළමයින්ගෙන් හා ගෑනු ළමයින්ගෙන් නුවර වීථි පිරී තිබෙන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
6
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ සෙනඟගෙන් ඉතිරි අයට ඒ දවස්වලදී ඒක පුදුමයක්ව පෙනුණත් මටත් පුදුමයක්ව පෙනේදැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
7
බලව, මම මාගේ සෙනඟ නැගෙනහිර දේශයෙන්ද බස්නාහිර දේශයෙන්ද මුදා, ඔවුන් යෙරුසලම තුළ වාසයකරන පිණිස ඔවුන් ගෙනෙන්නෙමි;
8
ඔව්හු සැබෑකෙමනුත් ධර්මිෂ්ඨකෙමනුත් මාගේ සෙනඟවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
9
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සේනාවල ස්වාමීන්වහන්සේ ගේ ගෘහය වන මාළිගාව ගොඩනැගීමට එහි අත්තිවාරම තැබූ දවසේදී අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් ලැබුණ මේ වචන මේ දවස්වලදී අසන්නාවූ ඔබ සැමගේ අත් බලවත් වේවා.
10
මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් මනුෂ්‍යයාට කුලියක් ලැබුණේවත් මෘගයාට කුලියක් තිබුණේවත් නැත; පිටතට යන අයටත් ඇතුළට එන අයටත් එදිරිකාරයා නිසා සමාදානය තිබුණෙත් නැත. එසේය, මම සියලු මනුෂ්‍යයන් එකිනෙකාට විරුද්ධකෙළෙමි.
11
නුමුත් දැන් මේ සෙනඟගෙන් ඉතිරි අයට මම පළමු දවස්වල මෙන් නොකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
12
මක්නිසාද සමාදාන බීජ තිබෙයි; මුද්‍රිකවැල එහි ඵලද භූමිය එහි අස්වැන්නද ආකාශය එහි පිනිද දෙනවා ඇත; මේ සෙනඟගෙන් ඉතිරි අයට මේ සියල්ල උරුමකරදෙන්නෙමි.
13
එම්බා යූදා වංශය, එම්බා ඉශ්රායෙල් වංශය, ඔබ සැම ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් ඔබ සැම ආශීර්වාදයක් වෙන හැටියට මම ඔබ සැම ගළවන්නෙමි. භය නොවන්න, ඔබ සැමගේ අත් බලවත් වේවා.
14
මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ පියවරුන් මා උදහස්කෙරෙවු විට ඔබ සැම විපත්තියට පමුණුවන්ට අදහස්කොට මා නොතැවී සිටියාක්මෙන්ම,
15
මේ දවස්වලදී යෙරුසලමටත් යූදා වංශයටත් යහපත කරන්ට මම නැවත අදහස්කරගන සිටිමි. භය නොවෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
16
ඔබ සැම විසින් කටයුතු දේ මේවාය-එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න; ඔබ සැමගේ දොරටුවල සැබෑලසෙත් සමාදානය පිණිසත් විනිශ්චයකරන්න.
17
ඔබ සැමගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුරු යෝජනා නොකරන්න; බොරු දිවිරීමට ප්‍රිය නොවෙන්න. මක්නිසාද මේ සියල්ලටම මම ද්වේෂකරමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
18
තවද සේනාවල ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
19
හතරවෙනි මාසයේ උපවාසයත් පස්වෙනි මාසයේ උපවාසයත් සත්වෙනි මාසයේ උපවාසයත් දසවෙනි මාසයේ උපවාසයත් යූදා වංශයට ප්‍රීති සන්තෝෂ ප්‍රස්තාවල්ද ප්‍රසන්නවූ මංගල්‍යවල්ද වන්නේය; එබැවින් සැබෑකමටත් සමාදානයටත් ප්‍රේමවෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
20
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍ය වර්ගයෝද බොහෝ නුවරවල වැසියෝද මින්මතු එන්නෝය.
21
එක් නුවරක වැසියෝ තවත් නුවරකට ගොස්-අපි ස්වාමීන්වහන්සේ ට කන්නලව්කරන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ සොයන්ටත් ඉක්මනින් පිටත්ව යමු, මමත් යමියි කියන්නෝය.
22
එසේය, බොහෝ සෙනඟද බලවත් ජාතීහුද සේනාවල ස්වාමීන්වහන්සේ යෙරුසලමෙහි සොයන්ටත් ස්වාමීන්වහන්සේ ගෙන් කරුණාව ඉල්ලන්ටත් එන්නෝය.
23
ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන-අපි ඔබ සැම සමඟ යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ ඔබ සැම සමඟ සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14