bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - Revised Old Version (SROV)
/
Zechariah 9
Zechariah 9
Sinhala Bile - Revised Old Version (SROV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 10 →
1
හද්‍රාක් දේශය කෙරෙහි ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය, එය පිහිටෙන තැන දමස්කයය. මක්නිසාද මනුෂ්‍යයන්ගෙත් සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලත් ඇස් ස්වාමීන්වහන්සේ දෙසටය.
2
ඊට යාව තිබෙන හමාතටත් ඉතා ප්‍රඥාවන්ත තීර්ටත් සීදොන්ටත් ඒක විරුද්ධය.
3
තීර් වනාහි බලකොටුවක් ගොඩනඟාගන, දූවිලි මෙන් රිදීද වීථිවල මඩ මෙන් රන්ද රැස්කරගත්තාය.
4
බලව, ස්වාමීන්වහන්සේ එය අල්ලාගෙන එහි පවුර මුහුදේ හෙළාදමනවා ඇත; එය ගින්නෙන් විනාශවන්නේය.
5
අෂ්කෙලොන් ඒ දැක භයවෙනවා ඇත; ගාසාත් ඒ දැක තද වේදනා විඳින්නීය; එක්‍රොන්ටද එසේම සිදුවේ, මක්නිසාද එහි බලාපොරොත්තුව ලජ්ජාවට පැමිණෙන්නේය. ගාසායෙන් රජ නැතිවීයන්නේය, අෂ්කෙලොන්හිද වැසියෝ නොසිටින්නෝය.
6
අෂ්දොද්හි අවජාත සෙනඟක් වසන්නෝය, පිලිස්තිවරුන්ගේ පාරට්ටුවද සිඳදමන්නෙමි.
7
ඔහුගේ ලේ ඔහුගේ කටින්ද ඔහුගේ පිළිකුල්කම් ඔහුගේ දත් අතරෙන්ද පහකරන්නෙමි; ඔහු අපේ දෙවියන්වහන්සේ උදෙසා ඉතිරිවී, යූදාහි අධිපතියෙකු මෙන් සිටිනවා ඇත, එක්‍රොන් යෙබූසියයෙකු මෙන් වන්නේය.
8
මම සේනාව නිසා කිසිවෙකුට යන්ටවත් එන්ටවත් නොලැබෙන ලෙස මාගේ ගෘහය අවටින් අන්දායම් බැඳගන සිටින්නෙමි. පීඩාකරන්නෙක් තවත් ඔවුන් මැදින් නොයන්නේය. මක්නිසාද දැන් මාගේ ඇසින්ම දුටිමි.
9
සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, ඔබේ රජ ඔබ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.
10
මම එප්‍රායිම් කෙරෙන් රථයද යෙරුසලමෙන් අශ්වයාද සිඳදමන්නෙමි, යුද්ධ දුන්නද සිඳිනු ලබන්නේය; උන්වහන්සේද ජාතීන්ට සමාදානය ප්‍රකාශකරනසේක. උන්වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේය.
11
ඔබ ගැන වනාහි ඔබේ ගිවිසුමේ ලේ නිසා ඔබේ හිරකාරයන් වතුර නැති වෙළන් පිටත යැවීමි.
12
බලාපොරොත්තු ඇති හිරකාරයෙනි, බලකොටුවට හැරී එන්න. මම ඔබට දෙගුණයක් දෙන්නෙමියි අදම ප්‍රකාශකරමි.
13
මක්නිසාද මම යූදා දුන්නක් කොට තැත්කවා, එප්‍රායිම් ඊගහක් කොට තබාගතිමි; එම්බා සියොන්, මම ඔබේ පුත්‍රයන් ග්‍රීසියේ පුත්‍රයන්ට විරුද්ධව පොලඹවා, ඔබ බලවන්තයෙකුගේ කඩුවක් මෙන් කරන්නෙමි.
14
ස්වාමීන්වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙනසේක, උන්වහන්සේගේ ඊගහද විදුලිය මෙන් විහිදෙන්නේය. ස්වාමිවූ දෙවියන්වහන්සේ හොරණෑව පිඹ, දකුණු දිශාවේ කුණාටුව ඇතුව යනවා ඇත.
15
සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන් ආරක්ෂාකරනසේක; ඔව්හුද කාදමා ගල්පටියේ ගල් පාගාදමන්නෝය; ඔව්හු බී මුද්‍රිකපානය බීවාක්මෙන් ඝෝෂාකරන්නෝය. පාත්‍රාද පූජාසනයේ කොන්ද මෙන් ඔව්හු පුරවනු ලබන්නෝය.
16
ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් සෙනඟවූ රැළ මෙන් ඒ දවසේ ඔවුන් ගළවනසේක. මක්නිසාද ඔව්හු උන්වහන්සේගේ දේශය කෙරෙහි එසවී තිබෙන ඔටුන්නක මැණික් මෙන් වන්නෝය.
17
එසේය, උන්වහන්සේගේ යහපත්කම කොපමණ මහත්ද! උන්වහන්සේගේ අලංකාරකම කොපමණ මහත්ද! ධාන්‍යයෙන් තරුණයෝද අලුත් මිදිරසින් තරුණියෝද සමෘද්ධවන්නෝය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14