bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Corinthians 14
1 Corinthians 14
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 15 →
1
ප්‍රේමය ඔබේ පරමාර්ථය කර ගන්න. ආත්මික දීමනා, ප්‍රධාන කොට දිවැස් වැකි දෙසීම අත් කරගැනීමට වීර්ය කරන්න.
2
අන් භාෂා කථනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයාණන් කරණකොටගෙන අබිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම්ගත නොහැක.
3
එහෙත් දිවැස් වැකි දෙසන්නා, අභිවෘද්ධිය ද ධෛර්යය හා සැනසීම ද දෙන වචන මිනිසුන්ට කතා කරයි.
4
අන් භාෂා කථනය කරන්නා තමාගේ ම අභිවෘද්ධිය සලසාගනියි. එහෙත් දිවැස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේ ය.
5
ඔබ හැම දෙන ම අන් භාෂා කථනය කරනවාට මම කැමැත්තෙමි. එහෙත් ඔබ දිවැස් වැකි දෙසන්නේ නම් ඊටත් වඩා කැමැත්තෙමි. අන් භාෂා කථනය කරන්නා, සභාවේ අභිවෘද්ධිය සඳහා කියන දෙය විසඳා නොදේ නම් ඔහුට වඩා දිවැසි වැකි දෙසන්නා උතුම් ය.
6
සහෝදරවරුනි, මා ඔබ වෙත පැමිණ එළිදරව් කිරීමේ ද ප්‍රඥාවේ ද දිවැසි වැකි දෙසීමේ ද අනුශාසනාවේ ද වචනවලින් ඔබට කතා නොකොට, අන් භාෂා කථනය කළොත් එයින් ඔබට කුමන ප්‍රයෝජනයක් ද?
7
එලෙස ම, නළාව හෝ වීණාව හෝ වැනි අප්‍රාණික භාණ්ඩ වාදනය කරන විට නික්මෙන සංගීත ස්වර අතර වෙනසක් නැත්නම්, ඒවායින් කුමන තාලයක් වාදනය වන්නේ දැ යි හඳුනාගන්නේ කෙසේ ද?
8
යුද හොරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසේ ද?
9
එසේ ම, ඔබ අන් භාෂා කථනය කරන විට, පැහැදිලි ව කතා නොකරන්නෙහි නම්, ඔබ කියන දේ තේරුම්ගන්නේ කෙසේ ද? එය ඔබ සුළඟට කතා කරන්නාක් මෙන් වේ.
10
ලෝකයේ විවිධ භාෂා ඇතත්, ඉන් එකක් වත් අර්ථ විරහිත නොවේ.
11
ඒ නිසා කතා කරන භාෂාවේ තේරුම නොදනිම් නම් එය කතා කරන්නාට මම විදේශිකයෙක් වෙමි. ඔහු ද මට විදේශිකයෙක් වන්නේ ය.
12
එසේ ම ඔබත් ආධ්‍යාත්මික කුශලතා අත්කර ගැන්මට උද්යෝගිමත් බැවින්, සභා අභිවෘද්ධිය සැලසෙන ඒවායින් පූර්ණ ව සිටීමට උත්සාහ කරන්න.
13
එබැවින් අන් භාෂාවක් කථනය කරන්නා, එය විසඳා දීමට ද හැකි වන ලෙස යාච්ඤා කරාවා.
14
මා අන් භාෂාවකින් යාච්ඤා කරන විට මාගේ ආධ්‍යාත්මය යාච්ඤා කරන නමුත් මාගේ සිහිකල්පනාව ක්‍රියා විරහිත ය.
15
එසේ නම් කුමක් කරම් ද? මම ආධ්‍යාත්මයෙන් යාච්ඤා කරමි; සිහිකල්පනාවෙන් ද යාච්ඤා කරමි; ආධ්‍යාත්මයෙන් තුති ගී ගයමි, සිහිකල්පනාවෙන් ද තුති ගී ගයමි.
16
ඔබ ආධ්‍යාත්මයෙන් තුති පුදන විට, එය පිළිබඳ උගැනුම නොලත් තැනැත්තා, ඔබ කියන්නේ කුමක් දැ යි නොදන්නා බැවින්, ඔබගේ තුති පිදීමට ‘ආමෙන්’ යයි කියන්නේ කෙසේ ද?
17
ඔබගේ තුති පිදීම ඉස්තරම් විය හැකි ය. එහෙත් එයින් අනික් අයට වන යහපතක් නැත.
18
ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කථනය කරන බැවින්, මම දෙවියන් වහන්සේට ස්තුති කරමි.
19
එහෙත් සභාවේ දී අන් භාෂාවකින් වචන දහසක් කථනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි.
20
සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.
21
“අන් භාෂාවලිනුත්, අන්‍යයන්ගේ මුවිනුත්, මම මේ සෙනඟට කතා කරමි. එසේ වුවත් ඔව්හු මාගේ වචන නොඅසන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත.
22
ඒ අනුව අන් භාෂා කථනය, අදහන්නන්ට නොව නොඅදහන්නන්ට ලකුණක් පිණිස වේ. එහෙත් දිවැසි වැකි දෙසීම නොඅදහන්නන් උදෙසා නොව අදහන්නන් උදෙසා ය.
23
එබැවින් මුළු සභාව එක්රැස් වූ කල සියල්ලෝ ම අන් භාෂා කථනය කරත් නම් මේ ගැන උගැනුම නොලත් අය හෝ නොඅදහන්නන් හෝ එහි පැමිණියොත් ඔබට ඔල්මාද යයි ඔවුන් කියන්නේ නැද් ද?
24
එහෙත් සියල්ලෝ ම දිවැස් වැකි දෙසත් නම්, නොඅදහන්නෙකු හෝ මේ ගැන උගැනුම නොලත් කෙනෙකු හෝ එහි පැමිණියොත්, සියල්ලන් කියන දෙයින් ඔහුගේ පාපය ඔහුට හඟවනු ලැබ, විනිශ්චය කරනු ලැබේ.
25
තවද ඔහුගේ සිතෙහි රහස් හෙළිවනු ඇත. එවිට ඔහු මුණින්තලා වී, “සැබැවින් ම ඔබ අතර දෙවියන් වහන්සේ වැඩ සිටින සේකැ”යි ප්‍රකාශ කරමින් උන් වහන්සේ නමදින්නේ ය.
26
එසේ නම්, සහෝදරවරුනි, කුමක් කළ යුතු ද? ඔබ එක්රැස් වන විට එක් එක්කෙනාට ගීතයක් ද අනුශාසනාවක් ද එළිදරව් කිරීමක් ද අන් භාෂා කථනයක් ද එය විසඳීමක් ද තිබිය හැකි ය. මේ සියල්ල ම සභාවේ අභිවෘද්ධිය පිණිස වේ වා!
27
අන් භාෂා කථනය කෙරේ නම්, එය දෙදෙනෙකු හෝ වැඩිම වුණොත් තිදෙනෙකු හෝ පමණක් කළ යුතු ය. එය ද කළ යුත්තේ කෙනෙකුට කෙනෙක් පසුව යි. විසඳා දෙන කෙනෙක් ද විය යුතු ය.
28
විසඳා දෙන කෙනෙක් නැත්නම්, අන් භාෂා කථනය කරන්නා සභාවේ නිශ්ශබ්ද ව සිටිය යුතු ය. ඔහු කතා කළ යුත්තේ තමාටත් දෙවියන් වහන්සේටත් ය.
29
දිවැසි වැකි දෙසන්නෝ දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ කතා කරත් වා. සෙසු අය ඔවුන් කියන දෙය විමසා බලත් වා.
30
එහෙත් එහි වාඩි වී සිටින යමෙකුට එළිදරව්වක් පහළ වූවොත් කතා කරමින් සිටින තැනැත්තා නිශ්ශබ්ද ව සිටිය යුතු ය.
31
සියල්ලන්ගේ ඉගෙනීම පිණිසත්, සියල්ලන්ගේ ධෛර්යය පිණිසත්, ඔබ සැමට ම, පිළිවෙළින් දිවැසි වැකි දෙසීමේ අවස්ථාව සැලසෙනු ඇත.
32
දිවැස් වැකි දෙසන අයගේ ආධ්‍යාත්මික කුශලතා ඔවුන්ගේ ම පාලනයෙහි තිබිය යුතු ය.
33
මන්ද, දෙවියන් වහන්සේ ව්‍යාකූලත්වයේ නොව සාමයේ දෙවියන් වහන්සේ ය. කිතුනුවන්ගේ සෑම සභාවල දී මෙන්
34
ස්ත්‍රීහු සභා රැස්වීම්වල දී නිශ්ශබ්ද ව සිටිත් වා. මන්ද, කතා කිරීමට ඔවුන්ට අවසරයක් නැත. ව්‍යවස්ථාවේ කියා තිබෙන පරිදි ඔව්හු ප්රමුඛ ව නොසිටිත් වා.
35
ඔව්හු යමක් දැනගන්නට කැමැති නම් ගෙදර දී ස්වකීය ස්වාමි පුරුෂයන්ගෙන් අසා දැනගනිත් වා. මන්ද, සභා රැස්වීමක දී කතා කිරීම ස්ත්‍රියකට නොහොබී.
36
දෙවියන් වහන්සේගේ වචනය නික්ම ගියේ ඔබ කෙරෙන් ද? නොහොත් එය පැමිණියේ ඔබ වෙත පමණක් ද?
37
යමෙක් තමා දිවැස් වැකි දෙසන්නෙකු හෝ ආධ්‍යාත්මික කුශලතා ඇත්තෙකු හෝ යයි සිතන්නේ නම්, මා ඔබට ලියන කරුණු සමිඳාණන් වහන්සේගෙන් එන ආඥාවක් බව ඔහු ඒත්තු ගනී වා.
38
යමෙක් මේ කරුණ නොසලකන්නේ නම් ඔබ ද ඔහු නොසලකා හැරිය යුතු ය.
39
එබැවින්, සහෝදරවරුනි, දිවැස් වැකි දෙසීමට තදින් ආසා වන්න; අන් භාෂා කථනය තහනම් නොකරන්න.
40
සියල්ල විනීත ව ද විධිමත් ව ද කළ යුතු ය.
← Chapter 13
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 15 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16