bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Corinthians 8
1 Corinthians 8
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 9 →
1
දේවතාවන්ට පුදන පිදේනි ගැන මම දැන් කතා කරමි. අප සියල්ලන්ට ම ඥානය ඇති බව අපි දනිමු. ඥානය අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය ශුභසිද්ධිය සලසයි.
2
යමෙක් තමා යමක්කමක් දන්නේ යයි සිතයි නම්, දත යුතු අන්දමට ඔහු තව ම දැනගෙන නැත.
3
එහෙත් යමෙක් දෙවියන් වහන්සේට ප්‍රේම කරයි නම් දෙවියන් වහන්සේ ඔහු දන්නා සේක.
4
දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමු ද? දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත්, එක ම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු.
5
සුරලොව හා නරලොව ‘දෙවිවරුන්’ යයි කියන අය ඇතත් මෙවැනි ‘දෙවිවරුන්’ හා ‘ස්වාමිවරුන්’ බොහෝ දෙනෙකු සිටියත්,
6
අපට ඇත්තේ එක ම දෙවි වන පියාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේ උන් වහන්සේ ය. අප ජීවත් වන්නේත් උන් වහන්සේ උදෙසා ය. තවද, අපට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් නම් එක ම සමිඳාණන් වහන්සේ ය. සියල්ල මවා ඇත්තේත්, අප ජීවත් වන්නේත් උන් වහන්සේ කරණකොටගෙන ය.
7
එහෙත් හැම දෙන ම එය නොදනිති. දේවතා පූජාවට පුරුදු වී සිටින සමහරු ඔවුන් වළඳන ආහාර දේවතාවන්ට පිදූ පිදේනි යයි තවමත් සිතති. මෙලෙස ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය කෙලෙසී ඇත.
8
ආහාරය නිසා දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධයක් ඇති නොවේ. නොකෑමෙන් වන අවැඩක් නැත; කෑමෙන් වන වැඩක් ද නැත.
9
ඔබට ඇති මේ නිදහස කිසි ලෙසකින් දුබලයනට බාධාවක් නොවන්නට වග බලාගන්න.
10
දැනුම ඇති ඔබ, දේවාලයක කෑමට වාඩි වී සිටින බව දුර්වල යමෙකු දුටුවොත්, දේවතාවන්ට පිදූ පිදේනි කෑමට, ඔහුගේ හෘදය සාක්ෂියටත් ඉන් අනුබල නොලැබේ ද?
11
එසේ නම් ඒ සහෝදරයා උදෙසා ක්‍රිස්තුන් වහන්සේ මළ නමුත් දුර්වල වූ ඔහු, ඔබගේ දැනගැන්ම නිසා විනාශයට පත් වේ.
12
මෙසේ ඔබගේ සහෝදරයන්ට විරුද්ධ ව පව් කොට ඔවුන්ගේ දුර්වල හෘදය සාක්ෂිය තුවාළ කරන කල්හි ඔබ පව් කරන්නේ ක්‍රිස්තුන් වහන්සේට විරුද්ධ ව ය.
13
එබැවින් ආහාරය නිසා මාගේ සහෝදරයාට බාධාවක් වේ නම්, මාගේ සහෝදරයාට බාධාවක් නොපැමිණෙන පිණිස මින් මතු කිසි කලෙක මාංස නොවළඳමි.
← Chapter 7
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 9 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16