bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Corinthians 9
1 Corinthians 9
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 10 →
1
මම නිදහස් කෙනෙක් නොවෙම් ද? මම ප්‍රේරිතවරයෙක් නොවෙම් ද? අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ මම නුදුටිම් ද? ඔබ හැම, සමිඳාණන් වහන්සේ උදෙසා මා කළ සේවයේ ප්‍රතිඵල නොවන්නහු ද?
2
අන්‍යයන්ට මා ප්‍රේරිතවරයෙකු නොවෙතත්, යටත් පිරිසෙයින් ඔබට මම ප්‍රේරිතවරයෙක් වෙමි. මන්ද, සමිඳාණන් වහන්සේ තුළ මාගේ ප්‍රේරිතකම පිළිබඳ සහතිකයේ මුද්‍රාව ඔබ ය.
3
මට අභියෝග කරන්නන්ට මගේ පිළිතුර මේ ය.
4
කන්නත් බොන්නත් අපට අවසර නැද් ද?
5
සෙසු ප්‍රේරිතවරුන් ද සමිඳාණන් වහන්සේගේ සහෝදරයන් ද, කේපස් ද මෙන් කිතුනු බිරිඳක කැටුව යාමට අපටත් අවසර නැද් ද?
6
දිවි පෙවෙත සඳහා වැඩ කිරීමට බැඳී සිටින්නේ මා හා බාර්ණබස් පමණක් ද?
7
සිය වියදමෙන් යුද හමුදාවේ සේවයට යන කෙනෙක් ඇද් ද? මිදි වත්තක් වවා එහි පල නොකන කෙනෙක් ඇද් ද? ගව රැළක් ඇති කර උන්ගේ කිරි නොබොන්නේ කවරෙක් ද?
8
මේවා පොදු ජීවිතයෙන් ගත් උපහැරණ යයි නොසිතන්න. ව්‍යවස්ථාවත් එම දේ ම නොකියයි ද?
9
මන්ද, මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇත්තේ: “ගොයම් පාගන ගවයාගේ කට නොබඳිනු” කියා ය. මෙයින් හැඟෙන්නේ දෙවියන් වහන්සේ ගවයන් ගැන සිතන බව ද?
10
සැබැවින් ම උන් වහන්සේ මෙය පවසා ඇත්තේ අප උදෙසා නොවේ ද? නිසැක ව ම එය ලියන ලද්දේ අප උදෙසා ය. හාන්නා හෑ යුත්තේ ද, ගොයම් පාගන්නා පෑගිය යුත්තේ ද, අස්වැන්නෙන් හිමි කොටස ලැබීමේ බලාපොරොත්තුවෙන් යයි ලියා ඇත.
11
අපි ඔබ අතර ආධ්‍යාත්මික දේ වපුළෙමු නම්, එහි අස්වැන්න වශයෙන් ලෞකික ලාභයක් නෙළාගැනීම එතරම් ලොකු දෙයක් ද?
12
අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇත්නම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැද් ද? එසේ වුව ද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවන සේ අපි සියල්ල දරාගනිමු.
13
දේව මාලිගාවේ සේවය කරන්නන් දේව මාලිගාවෙන් ආහාර ලබන බවත්, පූජාසනය මත පුදපූජා ඔප්පු කිරීමට සහාය වන්නන් පූජාවලින් කොටසක් ලබන බවත් ඔබ නොදන්නහු ද?
14
එසේ ම සුබ අස්න දේශනා කරන්නන්, ඒ සුබ අස්නේ සේවයෙන් තමන්ගේ දිවි පෙවෙත සලසාගත යුතු ය කියා සමිඳාණන් වහන්සේ නියෝග කර ඇත.
15
එහෙත් මේ අයිතිවාසිකම් කිසිවකින් මා ප්‍රයෝජන ගත්තේ නැත. මේ කාරණා මා ලියන්නේ එවැනි ප්‍රයෝජනයක් ලබාගැනීමේ අදහසින් නොවේ. එසේ කිරීමට වඩා මරණය මට හොඳ ය. කිසිවෙක් මාගේ මේ පාරට්ටුව නිෂ්ප්රභා නොකෙරෙත් වා!
16
මා සුබ අස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කරගැනීමට කාරණයක් නොවේ. මන්ද, සුබ අස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුබ අස්න දේශනා නොකළොත් මම මහා කාලකණ්ණියෙක් වෙමි.
17
මාගේ ම කැමැත්තෙන් මම සුබ අස්න දේශනා කරම් නම්, වැටුපක් ලබාගැනීමේ අයිතියක් මට ඇත. එහෙත් මම මාගේ කැමැත්ත නොතකා, එම සේවය කරම් නම්, මා එසේ කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරූ කාර්යයක් ලෙස ය.
18
එසේ නම් මාගේ වැටුප කුමක් ද? ඒ වැටුප නම්, අය කිරීමක් නැති ව, සුබ අස්නේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර හැර, සුබ අස්න දේශනා කිරීමයි.
19
මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත්, බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි.
20
ජුදෙව්වරුන් දිනාගන්නා පිණිස මම ජුදෙව්වරුන්ට ජුදෙව්වෙක් වීමි. ව්‍යවස්ථාව යටතේ සිටින ඔවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවට යටත් නොවූ මම, ව්‍යවස්ථාවට යටත් වූ කෙනෙක් වීමි.
21
ව්‍යවස්ථාවෙන් බැහැර වූවන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාවෙන් බැහැර වූවන්ට, මම ව්‍යවස්ථාවෙන් බැහැර වූ කෙනෙක් වීමි. මා එසේ කෙළේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවෙන් බැහැර නොවූවත්, ක්‍රිස්තුන් වහන්සේගේ ව්‍යවස්ථාවට ඇතුළත් වී සිටින කෙනෙකු වශයෙනි.
22
දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළෙමි.
23
මා මේ සියල්ල කරන්නේ, සුබ අස්න උදෙසා එහි ආශීර්වාදවලට හවුල්කාරයෙකු වන පිණිස ය.
24
දිවීම් තරඟයක දී බොහෝ දෙනෙකු දුවන නමුත්, ත්‍යාගය දිනා ගන්නේ එක් කෙනෙකු පමණක් බව ඔබ නොදන්නහු ද? එසේ ම ඔබත් දිනන පිණිස දුවන්න.
25
දිනන පිණිස වීර්ය කරන සෑම ක්‍රීඩකයෙක් ම හැම අතින් ම දැඩි පුහුණුවක් ලබයි. ඔවුන් එසේ කරන්නේ පර වී යන මල් ඔටුන්නක් ලබාගන්නා පිණිස ය. අප එසේ කරන්නේ පර වී නොයන ඔටුන්නක් ලබාගන්නා පිණිස ය.
26
එහෙයින් මා දුවන්නේ දිනුම් කණුව දෙස නොබලා දුවන්නෙකු මෙන් නොවේ. පහර දෙන්නේ සුළඟට පහර දෙන මල්ලව ක්‍රීඩකයෙකු මෙන් නොවේ.
27
මම මාගේ ශරීරය දැඩි ලෙස දමනය කර එය වහල් කරගනිමි. එසේ කරන්නේ අන්‍යයන්ට දේශනා කළායින් පසු, කිසි ලෙසකින් වත් මා ප්‍රතික්ෂේප කරනු නොලබන පිණිස ය.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16