bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
1 Corinthians 4
1 Corinthians 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 5 →
1
ඔබ අප ගැන සිතිය යුත්තේ, ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයන් ද දෙවියන් වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකාරයන් ද හැටියට ය.
2
භාරකාරයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්ත ව සිටී ම ය.
3
එහෙත් ඔබ විසින් හෝ මනුෂ්‍ය අධිකරණයකින් හෝ මා විනිශ්චය කරනු ලැබීම, මා සලකන්නේ ඉතා සුළු දෙයක් ලෙස ය. තවද, මම මා ම විනිශ්චය කර නොගනිමි.
4
මන්ද, මට විරුද්ධ ව කිසිවක් ඇති බව මම නොදනිමි. ඒ නිසා ම මම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ සමිඳාණන් වහන්සේ ය.
5
එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.
6
සහෝදරයෙනි, මම ඔබ උදෙසා මේ දේ උපමානුසාරයෙන්, අපොල්ලොස්ටත් මටත් අදාළ කොට කීමි. එසේ කීවේ නීතිරීති කඩ නොකිරීමට ඔබ අපෙන් ඉගෙනගන්නා පිණිසත්, ඔබෙන් කවරෙකු වත් එක් කෙනෙකු ගැන ආඩම්බර වී අන් කෙනෙකු හෙළා නොදකින පිණිසත් ය.
7
ඔබට එතරම් ප්රමුඛත්වයක් දුන්නේ කවරෙක් ද? දෙවියන් වහන්සේ දුන් දේ හැර අන් කිසිවක් ඇද් ද? ඉතින්, එය දෙන ලද දෙයක් නම් ඔබ සතු දෙයක් සේ ම සලකා පාරට්ටු කරගන්නේ මන් ද?
8
අවශ්‍ය හැම දේ ම දැනට ම ඔබට ඇත; දැනට ම ඔබ ධනවත් ය. දැනට ම අප නැතුව ඔබ රජවරු ය. ඔබ සැබෑවට ම රජවරු නම් මම කෙතරම් කැමැති වෙම් ද? එවිට අපටත් ඔබ සමඟ රජවරුන් වෙන්න ඉඩ තිබිණි.
9
මට පෙනෙන්නේ, දෙවියන් වහන්සේ ප්‍රේරිතවරයන් වන අප මරණයට නියම කළ අය මෙන්, අන්තිම තැන අපට දී තිබෙන බව යි. මෙලෙස අපි දේව දූතයන් හා මනුෂ්‍යයන් හා ඇතුළු මුළු ලොවට ම ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් වී සිටිමු.
10
ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත.
11
මේ මොහොත දක්වා ම අපි කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙමු. වැරහැලි අඳිමු; පහර ලබමු; ගෙයක්දොරක් අපට නැත.
12
දෑතින් වැඩ කර වෙහෙස මහන්සි වෙමු. නින්දා ලබන කල, අපි ආශීර්වාද කරමු; පීඩා ලබන කල, අපි ඉවසමු;
13
අපකීර්තිය ලබන කල අපි මෙත් සිත් වඩමු. මේ දක්වා ම අපි කුණුකසළ මෙන් වී සිටිමු.
14
මා මෙලෙස ලියන්නේ ඔබ ලජ්ජා කරන අදහසින් නොව, මාගේ ප්‍රියාදර දරුවන්ට මෙන් ඔබට අවවාද කරන පිණිස ය.
15
කිතුනු ජීවිතයේ ඔබට දස දහසක් ගුරුවරුන් සිටියත්, පියවරු වැඩි දෙනෙක් නැත. මන්ද, සුබ අස්න දේශනා කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබගේ පියා වූයේ මම ය.
16
එහෙයින් මාගේ ආදර්ශය අනුගමනය කරන මෙන් උදක් ම ඉල්ලමි.
17
එබැවින් මේ සඳහා සමිඳාණන් වහන්සේ තුළ මට ප්‍රියාදර, විශ්වාසවන්ත පුත්‍රයෙකු වන තිමෝතියස් ඔබ වෙත එවමි. ඔහු හැමතැන, හැම සභාවල මා උගන්වන ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ මාගේ සදාචාර පිළිවෙත් ඔබට සිහිගන්වනු ඇත.
18
මා ඔබ වෙත නොඑති යි කියමින් සමහරුන් අහංකාර වී ඇත.
19
එහෙත් සමිඳාණන් වහන්සේ කැමැති වන සේක් නම්, මම නොපමා ව ඔබ වෙත අවුත්, අහංකාර අයගේ කථිකත්වය නොව ඔවුන්ගේ බලයේ තරම දැනගන්නෙමි.
20
මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය වනාහි කතා ශක්තියෙන් නොව දේව බලයෙන් ක්‍රියා කරන්නකි.
21
ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් මෛත්‍රී කරුණා සහගත ව ඔබ වෙත එනවාට ද?
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16