bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Esther 1
Esther 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 2 →
1
ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය.
2
අහෂ්වේරොෂ් රජුගේ රාජ්‍ය සමයේ තුන් වන අවුරුද්දේ දී ඔහු තමාගේ සියලු අධිපතීන්ට ද විධායකයින්ට ද මංගල භෝජනයකින් සංග්‍රහ කෙළේ ය.
3
පර්සියාවේ හා මේදියාවේ හමුදාවල අධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයෝ හා ප්‍රභූවරයෝ ද ඒ අවස්ථාවේ දී පැමිණ සිටියහ.
4
එකල්හි ඔහු තමාගේ රාජ්‍යයේ යස ඉසුර ද තමාගේ මහිමශ්‍රීයේ තේජස හා අලංකාරය ද බොහෝ දවස් එනම්, දවස් එකසිය අසූවක් මුළුල්ලේ ප්‍රදර්ශනය කෙළේ ය.
5
මේ කාලය අවසන් වූ විට රජ තෙමේ සූසා නම් අගනුවර සිටි ලොකු කුඩා සියලු දෙනාට රාජ මාලිගා උයනේ වූ මළුවෙහි සත් දවසක් මුළුල්ලේ මංගල්‍ය භෝජනයක් දුන්නේ ය.
6
එහි සුදු හා දම් පාට තිර, සිහින් හණ ලණුවලිනුත්, රත්නිල් ලණුවලිනුත්, රිදී මුදුවලට සවි කර, කිරිගරුඬ කුළුණුවලට බැඳ තිබිණි. එහි රතු, සුදු, කහ, කළු යන පාට ඇති මැණික් ගල් අල්ලන ලද බිමක් මත රන් රිදී යහන් විය.
7
ඔවුන්ට බොන්න දුන්නේ රන් කුසලාන්වලින් ය. කුසලාන් ද එකිනෙකට වෙනස් විය. රජුගේ ත්‍යාගවන්තකමට සරිලන ලෙස රාජකීය මුද්‍රික පානය බොහෝ සෙයින් තිබිණි.
8
කිසිවෙකුට බල නොකළ යුතු ය යනු බීම සම්බන්ධයෙන් වූ නියෝගය වේ. එකිනෙකාගේ කැමැත්ත පරිදි කරන ලෙස රජු තමාගේ මාලිගාවේ සියලු මුලාදෑනීන්ට නියම කර තිබුණේ ය.
9
ඒ අතරතුර, වස්තී බිසව ද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේ දී ස්ත්රීන්ට මංගල්‍ය භෝජනයක් දුන්නා ය.
10
සත් වන දා රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනාගිය විට, අහෂ්වේරොෂ් රජ තමාට සේවය කළ මෙහුමාන් ද බිශ්තා ද හර්බෝනා ද බිග්තා ද අබගතා ද සේතර් ද කර්කස් ද යන නපුංසකයන් සත් දෙනා කැඳවී ය.
11
වස්තී බිසව ඉතා සුරූපී නිසා ඇගේ අලංකාරය සිය සෙනඟටත්, අධිපතීන්ටත් පෙන්වන පිණිස ඇගේ රාජකීය කිරීටය ද පළඳවාගෙන ඈ තමා ඉදිරිපිටට කැඳවාගෙන එන්නට රජ ඔවුන්ට අණ කෙළේ ය.
12
එහෙත්, නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු ව රජු වෙත එන්නට වස්තී බිසව අකමැති වූවා ය. එබැවින් රජ තෙමේ තදින් කිපිණි. ඔහු කෝපාග්නියෙන් දැවිණි.
13
එවිට රජ තෙමේ නීතිය හොඳින් දත් නැණවතුන්ට කතා කෙළේ ය. එසේ කෙළේ, නීතියත්, ආගමත් පිළිබඳ කටයුතු මනා ලෙස දත් සියලු දෙනාගෙන් කරුණු විමසීම රජුගේ පුරුද්ද වී තිබුණ බැවිනි.
14
මොවුන් අතරෙන් රජුට ඉතා හිතවත් වූ ද රජු ඉදිරියට නිදහසේ පැමිණීමේ වරය ලද්දා වූ ද අය නම්, පර්සියාවේ ද මේදියාවේ ද අධිපතීන් සත් දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සේනා සහ මෙමුකාන් ය.
15
රජ ඔවුන් අමතා, “නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු නොවූ වස්තී බිසවට නීත්‍යනුකූල ව කුමක් කළ යුතු දැ”යි ඇසී ය.
16
රජු ද අධිපතීන් ද ඉදිරියෙහි මෙමුකාන් පිළිතුරු දෙමින්, “වස්තී බිසව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත්, අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල සිටින සියලු ම ජාතීන්ටත් වරදක් කර ඇත.
17
මන්ද, බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්රීන්ට සැළ වුණ විට, ‘අහෂ්වේරොෂ් රජතුමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්නට අණ කළ නමුත් ඈ නොපැමිණියා ය’යි ඔවුන් කියා තමන්ගේ පුරුෂයන් සුළු කොට සිතනු ඇත.
18
පර්සියාවේ ද මේදියාවේ ද වංශවත් ස්ත්රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැළ වුණු විට, රජුගේ සියලු අධිපතීන්ට එපවත් අද දවසේ දී ම කියනු ඇත. ඒ හේතුවෙන් අපහාස ද උදහස ද බොහෝ සෙයින් හට ගනු ඇත.
19
රජතුමෙනි, ඔබ සතුටු නම්, වස්තී තවත් අහෂ්වේරොෂ් රජු ඉදිරියට නොඑන ලෙස රජ්ජුරුවන්ගෙන් රාජ ආඥාවක් පතළ කළ මැනව. එය වෙනස් නොවන පිණිස පර්සිවරුන්ගේ ද මේදවරුන්ගේ ද නීති ග්‍රන්ථවල ලියා තබන්නට සැලැසුව මැනව. ඇගේ අගබිසෝකම ද ඈට වඩා සුදුසු තැනැත්තියකට රජ්ජුරුවන් විසින් දෙනු ලැබේ වා!
20
විශාල වූ ස්වකීය රාජ්‍යය මුළුල්ලෙහි රජතුමා පණවන නියෝගය ඇසූ කල්හි සියලු ම භාර්යාවන් තම තමන්ගේ පුරුෂයෝ උසස් හෝ පහත් හෝ වෙත්වා, ඔවුන්ට ගෞරව දෙනු ඇතැ”යි කීවේ ය.
21
ඒ කීමට රජ ද අධිපතීහු ද ප්‍රසන්න වූ හ. රජතුමා මෙමුකාන්ගේ කීම ලෙස කරමින්,
22
හැම පුරුෂයෙකු ම තමාගේ ගෙදර ප්‍රධානියා විය යුතු ය කියා තමාගේ සෙනඟගේ භාෂාවෙන් ද එක එක රටේ අකුරුවලින් ද ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ප්‍රකාශ කරන හැටියට ලියුම් ලියා යැවී ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10