bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Esther 6
Esther 6
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 7 →
1
එදා රාත්‍රියේ රජුට නින්ද නොගියේ ය. එබැවින් ඔහු සිහි කටයුතු සිදුවීම් පිළිබඳ වාර්තා පොත ගෙනෙන්නට අණ කෙළේ ය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේ ය.
2
අහෂ්වේරොෂ් රජු මරන්න සෙවූ වාසල රැකවලුන්ගෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වන බිග්තාන් ද තෙරෙෂ් ද ගැන මොර්දෙකයි සැළ කළ වග එහි සටහන් කර තිබිණි.
3
“මේ ගැන මොර්දෙකයිට මොන ගරු සම්මානයක් කරන ලද්දේ දැ”යි රජු ඇසී ය. “ඔහුට කිසි දෙයක් කෙළේ නැතැ”යි රජුට සේවය කරන මෙහෙකරුවෝ කී හ.
4
රජතුමා කතා කරමින්, “රාජාංගණයේ සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. ඒ අවස්ථාවේ දී හාමාන් තමා සෑදූ එල්ලුම්ගහේ මොර්දෙකයි එල්ලා දමන්න රජුට කියන පිණිස මැදුරේ පිටත රාජාංගණයට පැමිණ සිටියේ ය.
5
“හාමාන් මිදුලේ සිටින්නේ ය”යි රජුගේ මෙහෙකරුවෝ ඔහුට කී හ. “ඔහු ඇතුළට ඒවා”යි රජතුමා කී ය.
6
හාමාන් ඇතුල් වූ විට රජතුමා ඔහුට කතා කොට, “රජු ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය. එවිට හාමාන්, “මා මිස රජු ගෞරව කරන්නට කැමැති වෙන කෙනෙක් නැතැ”යි සිතාගෙන, රජුට මෙසේ පිළිතුරු දෙමින්,
7
“රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කළ යුතු ය:
8
රජ්ජුරුවන් පළඳින රාජ වස්ත්‍රයක් ද රජ්ජුරුවන් නැඟයන, රාජකීය ඔටුන්නක් හිසේ දරන අශ්වයා ද ගෙනවුත්,
9
වස්ත්‍රය ද අශ්වයා ද රජුගේ ඉතා උතුම් අධිපතීන්ගෙන් එක් කෙනෙකු අතට භාර දෙන්නත්, රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එය පළඳවා ඔහු අශ්වයා පිට නංවා නුවර වීදිය දිගේ ගෙන යමින්, ‘රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට මෙසේ කරනු ලැබේ ය’යි ඔහුට පෙරටුවෙන් ප්‍රකාශ කරමින් යන්නත් යෙදේ වා”යි කී ය.
10
එවිට රජ හාමාන්ට කතා කොට, “ඉක්මන් කර ඔබ කී වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන, රජ වාසල් දොරටුව ළඟ හිඳින ජුදෙව් ජාතික මොර්දෙකයිට එසේ කරන්න. ඔබ කී සියල්ලෙන් අඩුවක් නැතිව කරන්නැ”යි කීවේ ය.
11
එවිට හාමාන් වස්ත්‍රය ද අශ්වයා ද රැගෙන ගොස්, මොර්දෙකයි සරසා, ඔහු නුවර වීදිය දිගේ අසුපිටින් ගෙන යමින්, “රජ්ජුරුවන් ගෞරව කරන්නට කැමැති මනුෂ්‍යයාට එතුමා විසින් මෙසේ කරනු ලැබේ ය”යි ඔහුට පෙරටුව ප්‍රකාශ කරමින් ගියේ ය.
12
ඉන්පසු මොර්දෙකයි රජ වාසල් දොරටුව ළඟට හැරී ආවේ ය. එහෙත්, හාමාන් වැලපෙමින්, මුහුණ වසාගෙන තමාගේ ගෙදරට ඉක්මනින් ගොස්
13
තමාට සිදු වූ සියල්ල තම බිරිඳ වන සෙරෙෂ්ට ද තමාගේ සියලු මිත්‍රයන්ට ද කීවේ ය. එවිට ඔහුගේ උපදේශකයෝ ද ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුට කතා කොට, “ඔබ මොර්දෙකයි ඉදිරියෙහි පිරිහීයන්නට පටන්ගත්තෙහි ය. ඔහු ජුදෙව් වංශයේ කෙනෙක් නම්, ඔහුට විරුද්ධ ව සිටින්න ඔබට නොහැකි ය. ඔහු ඉදිරියෙහි ඔබ නිසැක ව පිරිහී වැටී ඇතැ”යි කී හ.
14
ඔවුන් ඔහු සමඟ කතා කරද්දී ම රජුගේ නපුංසකයෝ අවුත් එස්තර් පිළියෙළ කළ මංගල භෝජනයට හාමාන් ඉක්මනින් කැඳවාගෙන ගියෝ ය.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10