bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Esther 4
Esther 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 5 →
1
සිදු වූ සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු ශෝකයෙන් සිය වස්ත්‍ර ඉරාගෙන, ඇඟේ අලු තවරාගෙන, ගෝණි රෙදි හැඳගෙන, ඉමහත් දුකින් හඬා වැලපෙමින් නගරය මැදින් ගියේ ය.
2
මෙසේ ඔහු රජ වාසල ඉදිරිපිටට ම පැමිණියේ ය. ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට රජ වාසලට පිවිසීමට අවසර නොතිබිණි.
3
රාජාඥාව ප්‍රකාශ කරනු ලැබූ සියලු රටවල ජුදෙව්වරුන් අතරේ මහා වැලපීම ද නිරාහාර ව සිටීම ද හැඬීම ද විලාප කීම ද ඇති විය. බොහෝ දෙනෙක් ගෝණි රෙදි හැඳගෙන අලු පිට වැතිර සිටියහ.
4
එවිට එස්තර්ගේ මෙහෙකාරියෝ ද නපුංසකයෝ ද අවුත් එපවත් ඈට දැන්වූ හ. එකල බිසව ශෝකයෙන් ඇලළී ගියා ය. ඈ මොර්දෙකයිට ගෝණි රෙදි ඉවත ලා ඇඳගැනීමට ඇඳුම් යැවූවා ය. එහෙත්, ඔහු ඒවා පිළිගත්තේ නැත.
5
එවිට එස්තර්, ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත් කරන ලද නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හාතාක් කැඳවා, කාරණාව කුමක් ද කියාත්, ඔහු මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ මන්ද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්නට අණ කළා ය.
6
හාතාක් ද අගනුවර රජ වාසල ඉදිරිපිට තිබුණු වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේ ය.
7
එවිට මොර්දෙකයි තමාට සිදු වූ සියල්ලත්, ජුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් රාජ භාණ්ඩාගාරයට ගෙවන්නට පොරොන්දු වූ මුළු මුදල් ගණනත් ඔහුට දැන්වී ය.
8
තවද, ඔවුන් විනාශ කරන්නට සූසාහි දී දුන් නියෝග පත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණ කරන බව ද ඔහුට කීයේ ය.
9
හාතාක් අවුත් මොර්දෙකයි කී දේ එස්තර්ට දැන්වී ය.
10
එකල එස්තර් හාතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගෙන යන පිණිස පණිවුඩයක් දෙමින් මෙසේ කීවා ය:
11
“කැඳවනු නොලැබ ඇතුළු මළුවේ රජු වෙත පැමිණෙන ස්ත්‍රී-පුරුෂ කවරෙක් හෝ වේවා නීතිය අනුව මරණයට පත් කළ යුතු බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සෙනඟ ද දනිති. ඒ නීතිය බල නොපාන්නේ, යමෙකු දෙසට රජු රන් ජයකොන්තය දිගු කළොත් ඒ අයට පමණකි. එහෙත්, රජු වෙත පැමිණෙන්නට කැඳවීමක් දැනට තිස් දවසකින් මට ලැබී නැත.”
12
එස්තර්ගේ මේ පණිවුඩය මොර්දෙකයිට දන්වන ලදී.
13
එවිට මොර්දෙකයි එස්තර්ට පිළිතුරු යවමින්, “ඔබ රජ ගෙදර සිටින නිසා සියලු ජුදෙව්වරුන් අතරෙන් ඔබ පමණක් ගැළවෙන්නෙහි ය කියා නොසිතන්න.
14
මන්ද, මේ අවස්ථාවේ දී ඔබ නිශ්ශබ්ද ව ම සිටියොත් වෙනතකින් ජුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනු ඇත. එහෙත්, ඔබ සහ ඔබේ පිය වංශය නැති වනු ඇත. ඔබ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි අවස්ථාවක් නිසා ම නොවේ ද කියා දන්නේ කවුරු දැ”යි කියන්නට අණ කෙළේ ය.
15
එවිට එස්තර් මොර්දෙකයිට උත්තර යවමින්,
16
“ගොස් සූසාහි සිටින සියලු ජුදෙව්වරුන් රැස් කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දවල් නොකා නොබී නිරාහාර ව සිටින්න. මාගේ සේවිකාවෝත්, මමත්, එසේ ම නිරාහාර ව සිටින්නෙමු. එවිට නීති විරෝධි වුවත් මම රජු ළඟට යන්නෙමි. මා මැරුණොත් මැරුණාවේ” කියා කියන්නට කීවා ය.
17
එවිට මොර්දෙකයි ගොස් තමාට එස්තර් අණ කළ ලෙස සියල්ල කෙළේ ය.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10