bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Esther 9
Esther 9
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 10 →
1
රජුගේ ආඥාවේ නියෝගය ක්‍රියාත්මක වන දිනය වන අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දිනය පැමිණියේ ය. ජුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් සිය බලයට යටත් කරගැනීමට බලාපොරොත්තු වූ දිනය එය වූ නමුත්, එය ජුදෙව්වරුන් විසින් සිය සතුරන් යටත් කරගැනීමේ දිනයකට හරවාගන්නා ලදී.
2
තමන්ට අනතුරු කරන්නට උපා යෙදූ අයට පහර දෙන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල ජුදෙව්වරු තම තමන්ගේ නගරවල රැස් වූ හ. සියලු ජනයා ඔවුන් කෙරෙහි බියපත් ව සිටි බැවින් ඔවුන්ට විරුද්ධ ව සිටින්නට කිසිවෙකුට නුපුළුවන් විය.
3
ඒ ඒ ප්‍රදේශවල සියලු අධිපතියෝ ද දිශාධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රාජකාරිය කරන්නෝ ද ජුදෙව්වරුන්ට උපකාර කළෝ ය. මන්ද, මොර්දෙකයිට බියෙන් ඔව්හු මිරිකී සිටියෝ ය.
4
මොර්දෙකයි වූකලී රජ මැදුරේ බලසම්පන්න ව සිටියේ ය. ඔහුගේ කීර්තිය ද සියලු ප්‍රදේශවල පතළ වී ගියේ ය. මොර්දෙකයි වඩ වඩාත් බලසම්පන්න විය.
5
එබැවින් ජුදෙව්වරු තමන්ගේ සියලු සතුරන්ට කඩුවෙන් පහර දී මරා විනාශ කළෝ ය. ඔව්හු සිය සතුරන්ට තමන්ගේ කැමැත්තේ හැටියට කළෝ ය.
6
සූසා අගනුවර ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් මරා විනාශ කර දැමූ හ.
7
ජුදෙව්වරුන්ගේ එදිරිකාරයා වූ හම්මෙදාතාගේ පුත් හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා වූ පර්ෂාන්දාතා ද දල්පොන් ද අස්පාතා ද
8
පෝරාතා ද අදලියා ද අරීදාතා ද
9
පර්මෂ්තා ද අරිසයි ද අරීදයි ද වයිසාතා ද ඔවුන් විසින් මරා දමනු ලැබුවෝ ය.
10
එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.
11
එදා සූසා අගනුවර මැරුම් කෑ අයගේ ගණන රජුට දන්වන ලද්දේ ය.
12
එවිට රජු එස්තර් රැජිනට කතා කොට, “සූසා අගනුවර පමණක් ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් ද හාමාන්ගේ පුත්‍රයන් දස දෙනා ද මරා දැමූ හ. රජුගේ සෙසු ප්‍රදේශවල ඔවුන් කුමක් කර ඇද් ද? ඉතින් ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබ තවත් අයැදින්නේ කුමක් ද? එය ඉල්ලූ පමණින් ඉෂ්ට කරනු ලැබේ ය”යි කීවේ ය.
13
එවිට එස්තර් කතා කොට, “රජතුමා කැමැති නම්, සූසාහි සිටින ජුදෙව්වරුන්ට අද දවසේ නියෝගය ලෙස හෙටත් කරන්නට අවසර ලැබේ වා! හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලුම් ගහේ එල්ලා තබත්වා”යි කීවා ය. රජතුමා එසේ කරන්නට අණ කෙළේ ය.
14
එවිට රාජ නියෝගය ප්‍රසිද්ධ කරන ලදී. ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලා තැබුවෝ ය.
15
සූසාහි සිටි ජුදෙව්වරු ද අදාර් මස දහහතර වන දවසේත් රැස් වී සූසාහි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.
16
රජුගේ ප්‍රදේශවල සිටි සෙසු ජුදෙව්වරු ස්වකීය ජීවිතාරක්ෂාව සඳහා ද සතුරන්ගෙන් නිදහස් වන පිණිස ද සංවිධාන වූ හ. ඔව්හු සිය සතුරන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.
17
අදාර් මස දහතුන් වන දා ඔව්හු එසේ කර, දහහතර වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්හ.
18
එහෙත්, ඒ මාසයේ දහතුන් වන දාත්, දහහතර වන දාත් සංවිධාන ව සූසාහි විසූ ජුදෙව්වරු පහළොස් වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්තෝ ය.
19
කුඩා නුවරවල වාසය කරන පිටිසර ජුදෙව්වරුන් අදාර් මාසයේ දහහතර වන දවස ප්‍රීතිමත්, ආනන්දජනක, එකිනෙකාට කෑම හා තෑගි යවන මංගල්‍ය දවසක් කරගෙන තිබෙන්නේ ඒ නිසා ය.
20
මොර්දෙකයි ද මේ සිද්ධීන් වාර්තාගත කර අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ළඟ හා දුර සිටි සියලු ජුදෙව්වරුන්ට ලියුම් යවමින්,
21
වසරක් පාසා වසරක් අදාර් මාසයේ දහහතර වන දාත් පහළොස් වන දාත් උත්සව දිනයක් ලෙස පවත්වන්නට නියම කෙළේ ය.
22
එසේ කෙළේ, ඒ දෙදවසේ දී, ජුදෙව්වරුන් නිදහස ලැබූ නිසාත්, ඒ මාසයේ දී ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ දොම්නස සොම්නසටත් හැරුණ නිසාත් ය. ඒවා ප්‍රීතිමත්, එකිනෙකාට කෑම හා තෑගි යවන දිළිඳුන්ට දන් දෙන මංගල්‍ය දවස් ලෙස පවත්වන්නට යැයි ඔවුන්ට නියම කරන ලදී.
23
එබැවින් ඔවුන් කරන්නට පටන්ගත් එම චාරිත්‍රය මොර්දෙකයි ඔවුන්ට ලියා එවූ අන්දමට ජුදෙව්වරු ඉන් පසුවත් කරන්නට එකඟ වූ හ.
24
ජුදෙව්වරුන්ගේ එදිරිකාරයා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් ජුදෙව්වරුන් නැති කිරීමට ඔවුන්ට විරුද්ධ ව යෝජනා කර විනාශ කරන්නට පූර් නම් පස ඇට දැමුවේ ය.
25
එහෙත්, ඒ බව රජුට සැළ වූ කල, එස්තර්ගේ ඉල්ලීම පරිදි රජතුමා හාමාන් විසින් ජුදෙව්වරුන්ට විරුද්ධ ව කරන ලද නපුරු යෝජනාව ඔහුට ම විරුද්ධ ව හැරෙන හැටියටත්, ඔහු සහ ඔහුගේ පුත්‍රයන් එල්ලුම් ගසේ එල්ලා තබන හැටියටත් අණ කර ලියා යැව්වේ ය.
26
එබැවින් පූර් යන නාමය අනුව ඒ දවස්වලට පූරීම් යන නම තබන ලදී. එබැවින්, මේ හසුනේ ලියා තිබුණ දේ නිසා ද තමන් දුටු දේ නිසා ද තමන්ට සිද්ධ වූ දේ නිසා ද
27
ජුදෙව්වරු නියමිත විධියටත්, නියම කාලයටත් වසරක් පාසා වසරක් නොවරදවා ඒ දවස් දෙක උත්සව දවස් ලෙස පැවැත්වීමේ වගකීම තමන් උදෙසා ද මතු පරම්පරාවන් උදෙසා ද තමන්ට එකතු වන අය උදෙසා ද භාරගන්නට තීරණය කරගත්හ.
28
පරපුරෙන් පරපුරට හැම පවුලකට ම, හැම ප්‍රදේශයකට ම, හැම නගරයකට ම ජුදෙව්වරුන් විසින් පූරීම් දවස් පැවැත්විය යුතු බවත්, මතු පරම්පරාවල දී එය අමතක නොකළ යුතු බවත් තීරණය කරගන්නා ලදී.
29
අබිහයිල්ගේ දුව වූ එස්තර් රැජින මොර්දෙකයි නම් ජුදෙව් ජාතිකයා සමඟ පූරීම් උත්සවය සම්බන්ධයෙන් ලියා දුන් පූර්ණ බලය මෙම දෙ වන ලියුමෙන් ස්ථීර කළා ය.
30
අහෂ්වේරොෂ්ගේ රාජ්‍යයේ ප්‍රදේශ එකසිය විසි හතේ සිටි සියලු ජුදෙව්වරුන්ට සාමයත්, ආරක්ෂාවත් පතමින් ලියුම් යවන ලදී.
31
ඒ ලියුම් මඟින්, ජුදෙව් ජාතික මොර්දෙකයි නියම කළ පරිදි මේ පූරීම් උත්සව දවස් නියමිත කාලයට පැවැත්වීම අනිවාර්ය කටයුත්තක් කරන ලදී. ඔවුන්ටත්, ඔවුන්ගේ පරපුරටත් උපවාස හා ශෝකවීම් පිළිබඳ නියමිත නීති රීති තිබුණ ලෙස ම මෙම නියෝග ද පණවන ලදී.
32
පූරීම් උත්සව දවස් පිළිබඳ නීති රීති එස්තර්ගේ මේ ආඥාවෙන් ස්ථිර කරන ලදී. එය වාර්තාගත කර ඇත.
← Chapter 8
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 10 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10