bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Hebrews 1
Hebrews 1
Sinhala Bile - New Revised Version (NRSV)
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 2 →
1
දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක.
2
එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක.
3
උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
4
මෙසේ දේව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයාණන් වහන්සේට උරුම වූ බැවින් උන් වහන්සේ ඔවුන්ට වඩා බොහෝ සේ උතුම් වන සේක.
5
මන්ද: “ඔබ මාගේ පුත්‍රයා ය; මම අද ඔබ ජනිත කෙළෙමි”යි කියාත්, “මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය” කියාත්, උන් වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළ සේක.
6
උන් වහන්සේ තමන්ගේ කුලුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල: ‘දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේට නමස්කාර කරත්වා”යි වදාරන සේක.
7
දේව දූතයන් ගැන: “උන් වහන්සේ ස්වකීය දූතයන් සුළං ද, ස්වකීය සේවකයන් ගිනි ජාලාවක් ද කරන සේකැ”යි වදාරන සේක.
8
එහෙත් පුත්‍රයාණන් ගැන: “දෙවියන් වහන්ස, ඔබගේ සිංහාසනය සදහට ම පවත්නේ ය; ධර්මිෂ්ඨකමේ ජයකොන්තය ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය වේ.
9
ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය ව අධර්මිෂ්ඨකමට ද්වේෂ කළ සේක; එබැවින් දෙවියන් වහන්සේ, ඔබේ ම දෙවියන් වහන්සේ, ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබේ සහකාරයන්ට ඉහළින් ඔබ අභිෂේක කළ සේකැ”යි වදාරන සේක.
10
යළිත්: “ස්වාමීනි, ආරම්භයේ දී ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක, ස්වර්ගලෝක ඔබගේ මැවිලි ය.
11
ඒවා පහ ව යන්නේ ය, එහෙත් ඔබ පවතින සේක. ඒ සියල්ල වස්ත්‍ර මෙන් පරණ වන්නේ ය;
12
ඔබ ඒවා සළුවක් මෙන් අකුළන සේක, වස්ත්‍ර මෙන් ඒවා මාරු කරනු ලබයි. එහෙත් ඔබ ඒකාකාර ම ය, ඔබගේ වයසට සීමාවක් නැතැ”යි වදාරන සේක.
13
එහෙත්: “මා විසින් ඔබේ සතුරන් ඔබට පා පුටුවක් කරනු ලබන තෙක්, මාගේ දකුණත අසුන් ගන්නැ”යි උන් වහන්සේ, දේව දූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළ සේක් ද?
14
එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 2 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13