bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Hebrews 4
Hebrews 4
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 5 →
1
එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබිය දී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේ දෝ කියා අපි බියක් ඇති කර ගනිමු.
2
මන්ද, ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින්, ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නො වී ය.
3
ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත. “මාගේ උදහසින් දිවුළ ලෙස, ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය.” එසේ වුව ද, අදහාගත් අපි ඒ විශ්‍රාමයට ඇතුළු වෙමු. සැබැවින් ම ලෝකය මැවීමේ සිට, දෙවියන් වහන්සේගේ වැඩ නිම වී තිබුණේ ය.
4
උන් වහන්සේ එක් තැනක සත් වන දවස ගැන කතා කොට, “දෙවියන් වහන්සේ තමන් සියලු කටයුතුවලින් සත් වන දවසේ දී නිවාඩු ගත් සේකැ”යි කියා තිබේ.
5
නැවත මේ පාඨයෙහිත්: “ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ ය”යි කියා ඇත.
6
එබැවින් සමහරුන් ඊට ඇතුළු විය යුතු බැවින් ද, ඒ සුබ අස්න පළමුකොට ඇසූ අය, අකීකරුකම නිසා ඇතුළු නො වූ බැවින් ද,
7
උන් වහන්සේ බොහෝ කලකට පසු දාවිත් මඟින් ඉහත කී ලෙස කතා කරවමින්: “අද නුඹලා උන් වහන්සේගේ හඬ අසන්නහු නම්, නුඹලාගේ සිත් දැඩි කර නොගන්න,” යන පාඨයෙහි ‘අද’ කියා එක්තරා දවසක් නියම කරන සේක.
8
මන්ද, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම්, ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත.
9
එබැවින් දෙවියන් වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතිරි ව ඇත.
10
දෙවියන් වහන්සේ සිය කටයුතුවලින් නිවාඩු ගත්තාක් මෙන්, උන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වූ තැනැත්තා ද, සිය කටයුතුවලින් නිවාඩු ගන්නේ ය.
11
එබැවින් අපි ඔවුන් මෙන් අකීකරු වී නොවැටෙන පිණිස ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට උත්සාහ කරමු.
12
දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
13
උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.
14
එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු.
15
මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි.
16
එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු.
← Chapter 3
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 5 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13