bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Hebrews 6
Hebrews 6
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 7 →
1
එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ මූලික ඉගැන්වීම් පසුකර යමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීම ද දෙවියන් වහන්සේ කෙරේ ඇදහීම ද
2
බව්තීස්ම-ස්නාපනය ද අත් තැබීම ද මළවුන්ගේ උත්ථානය ද සදාතන විනිශ්චය ද යන මේවා පිළිබඳ ඉගැන්වීම් ගැන නැවත වෙහෙසීමට වුවමනාවක් නැත. ඒ වෙනුවට පරිණත ධර්මය කරා ඉදිරියට යමු.
3
දෙවියන් වහන්සේ කැමැති සේක් නම් අපි එසේ කරමු.
4
වරක් දහම් එළියෙන් පැහැදීම ලැබූවන් වැටී ගිය විට ඔවුන් නැවත පසුතැවී සිත් හරවා ගැනීමට පැමිණවීම කළ නොහැකි ය. ඔව්හු ස්වර්ගීය දීමනාව රසාස්වාදනය කර, ශුද්ධාත්මයාණන් සමඟ පංගුකාරයෝ වූ හ.
5
දේව වචනය යහපත් බව ද, එන්නට තිබෙන යුගයේ බලවේගයන් ද ඔව්හු අත්දැකීමෙන් දැනගත්හ.
6
ඔවුන් නැවත වැටී ගියොත් නැවත පාපයෙන් හරවාගැනීමට නුපුළුවන, මන්ද ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, නැවතත් කුරුසියේ ඇණ ගසා උන් වහන්සේට ප්‍රසිද්ධියේ නින්දා කරති.
7
වරින් වර වහින වැහි වතුර උරාගනිමින් ගොවීන්ට සුදුසු අස්වැන්නක් දෙන පොළොවට දෙවියන් වහන්සේගෙන් ආශීර්වාද ලැබේ.
8
එහෙත් ඒ පොළොව කටු ගස් ද, ගොකටු ද දරයි නම් ඉන් වැදගැම්මක් නැත; සාපය ඒ පිට පැමිණෙයි. දැවී යාමෙන් එය අවසන් වේ.
9
එහෙත් ප්‍රේමවන්තයෙනි, අප මෙසේ කතා කළත්, ගැළවීම ගෙන දෙන වඩා යහපත් දේ ඔබට ඇති බව අපි නිසැක ව ම විශ්වාස කරමු.
10
මන්ද, ඔබගේ සේවය ද, ඔබ සැදැහැවතුන්ට කළා වූ, කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමය ද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක.
11
එහෙත් ඔබ එකිනෙකා අග දක්වා ම බලාපොරොත්තු මුදුන්පත් වන තෙක්, එම උද්යෝගය පෙන්වනවාට අපි ආශා වෙමු.
12
තවද ඔබ අලස නොවී, ඇදහීමෙන් හා ඉවසීමෙන් යුතු ව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාව ය.
13
මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල, දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේ ම නාමයෙන් දිවුරමින්;
14
“සැබැවින් ම නුඹට අතිශයින් ආශීර්වාද කරන්නෙමි, නුඹේ දරු පරම්පරා බොහෝ වැඩි කරන්නෙමි”යි වදාළ සේක.
15
එසේ ඔහු ඉවසිල්ලෙන් සිට ඒ පොරොන්දුව ලබා ගත්තේ ය.
16
සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි.
17
එමෙන් ම දෙවියන් වහන්සේ: පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස, දිවුරුමකින් එය සහතික කළ සේක.
18
මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත.
19
අප සතු මේ බලාපොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනි ය. එය සුරක්ෂිත ය, ස්ථීර ය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට, ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුව ය.
20
ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව, සදහට ම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසි සේක.
← Chapter 5
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 7 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13