bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Hebrews 13
Hebrews 13
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
1
සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න.
2
ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ.
3
සිර ගෙයි සිටින අය සමඟ ඔබත් සිටිනවා යයි සිතා, ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින්, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න.
4
විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.
5
ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.
6
මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.
7
දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මේ ප්‍රතිඵල දෙස බලමින්, එම ඇදහිල්ල අනුගමනය කරන්න.
8
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය.
9
නා නා ප්‍රකාර අමුතු ඉගැන්වීම් සොයා ගොස් මුළා නොවන්න. ආහාර පිළිබඳ නීතිරීතිවලින් නොව, දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති. ඒ නීතිරීතිවලින් කිසිවෙකුට යහපතක් නො වී ය.
10
අපට පූජාසනයක් ඇත. පූජා මණ්ඩපයෙහි සේවය කරන්නන්ට එයින් වළඳන්ට අවසර නැත.
11
මන්ද, නායක පූජකයා විසින් පාප පූජාවක් සඳහා සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගිය පසු, ඒ සතුන්ගේ මළසිරුරු කඳවුරෙන් පිටත දී පුළුස්සා දමනු ලැබේ.
12
එහෙත් ජේසුස් වහන්සේ ද තමන් රුධිරයෙන් සෙනඟ පවිත්‍ර කරන පිණිස වාසල් දොරින් පිටත දී වද වින්දේ ඒ නිසා ය.
13
ඒ නිසා උන් වහන්සේ දැරූ නින්දාව උසුලාගෙන අපිත් කඳවුරෙන් පිටත උන් වහන්සේ වෙත යමු.
14
සදාතන නුවරක් මිහි පිට අපට නැත. අප සොයන්නේ මතු පැමිණෙන්නට තිබෙන නුවර ය.
15
එබැවින් උන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේට අපේ පැසසුම් පූජාව නොකඩව පුද කරමු. ඒ පූජාව නම්, උන් වහන්සේගේ නාමයට අපේ මුවින් ම පැසසුම් දීමයි.
16
යහපත කිරීමට ද, ඔබ සතු දෙය අනුන් සමඟ බෙදාහදා ගැනීමට ද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වන සේක.
17
ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන් ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ.
18
අප ගැන යාච්ඤා කරන්න. මන්ද, සියල්ලේ දී යහපත කිරීමට ආශාවෙන් යුත් නිදොස් හෘදය සාක්ෂියක් අපට ඇති බව සහතික ය.
19
නොපමා ව මා ඔබ වෙත නැවත එන පිණිස, වඩාත් උනන්දු ලෙස යාච්ඤා කරන මෙන් ඉල්ලමි.
20
සදාතන ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහා එඬේරාණන් වන, අප ජේසුස් සමිඳාණන් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ සාමදානයේ දෙවියන් වහන්සේ,
21
ඔබ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස, සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක් වා! තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ අප තුළ ඉටු කරන සේක් වා! උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
22
සහෝදරවරුනි, මේ අවවාදාත්මක පණිවුඩය ඉවසිල්ලෙන් අසන මෙන් ඉල්ලමි. මා මෙය ලියා ඇත්තේ ලුහුඬින් ය.
23
අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි. ඔහු පමා නොවී ආවොත්, මම ඔහු සමඟ ඔබ බලන්නට එන්නෙමි.
24
ඔබගේ සියලු නායකයන් ඇතුළු දෙවියන් වහන්සේගේ සියලු ජනතාවට මා වෙනුවෙන් ආචාර කරන්න. ඉතාලියේ හිතමිතුරෝ ඔබට සුබ පතති.
25
දේව කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13