bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Matthew 13
Matthew 13
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 14 →
1
එදින ම ජේසුස් වහන්සේ ගෙදරින් නික්ම ගොස් මුහුද අද්දර වැඩහුන් සේක.
2
අතිවිශාල සමූහයක් උන් වහන්සේ වෙත රැස් වූ බැවින් උන් වහන්සේ ඔරුවකට නැඟී හිඳගත් සේක. මුළු ජනකාය වෙරළෙහි සිටියහ.
3
උන් වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින්, මෙසේ වදාළ සේක: “බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේ ය.
4
ඔහු වපුරන කල මෙසේ සිදුවිය: බීජ සමහරක් මඟ දිගේ වැටිණි. කුරුල්ලෝ අවුත් ඒවා අවුලාගෙන කෑහ.
5
සමහරක් පස තුනී ගල් බිම්වල වැටී, පස ගැඹුරු නුවූ බැවින් වහා ම පැළ විය.
6
එහෙත්, හිරු නැඟුණු කල, ඒවා දැවී මුල් නැති බැවින් වියළී ගියේ ය.
7
අන් සමහරක් කටු ගස් අතර වැටිණි; කටු ගස් වැවී ඒවා යටකර දැමී ය.
8
තවත් සමහරක් සරු බිමෙහි වැටී එකකින් සිය ගුණයක් ද එකකින් සැට ගුණයක් ද එකකින් තිස් ගුණයක් ද බැගින් පල දැරී ය.
9
සවන් ඇත්තෝ සවන් දෙත් වා!”
10
එවිට ශ්‍රාවකයෝ අවුත්, “ඔබ වහන්සේ ඔවුන්ට උපමාවලින් කතා කරන්නේ මන්දැ”යි ඇසූ හ.
11
උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.
12
යමෙකුට ඇත්තේ ද ඔහුට දෙනු ලැබේ; පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේ ද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ.
13
එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසා ද, අස අසාත් නොඅසන නිසා ද, වටහා නොගන්න නිසා ද ඔවුන්ට උපමා මඟින් කතා කරමි.
14
මෙසේ, යෙසායාගේ දිවැස් කීම ඔවුන් කෙරේ ඉෂ්ට වනු ඇත. එනම්: ‘ඔබ අස අසාත් තේරුම් නොගන්නහු ය; දැක දැකත් නොදක්නහු ය.
15
මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි.
16
එහෙත්, ඔබට ඇසින් පෙනෙන නිසා ද, කනින් ඇසෙන නිසා ද, ඔබ භාග්‍යවන්ත ය.
17
සැබැවින් ම මම ඔබට කියමි, බොහෝ දිවැසිවරයන් ද දැහැමි අය ද ඔබ දකින දේ දකින්ටත්, අසන දේ අසන්ටත් ආසා වූ නමුත්, ඔවුන් ඒවා දුටුවේ වත්, ඇසුවේ වත් නැත.”
18
“එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න.
19
යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.
20
පණිවුඩය ඇසූ කෙණෙහි ම එය සතුටින් පිළිගනිතත්, සිත්හි තැන්පත් වී නැති බැවින්, මඳ කලක් පැවත, පණිවුඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහා ම කෙනෙක් පැකිළී වැටෙති. ගල් බිම්වල වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.
21
***
22
පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.
23
පණිවුඩය අසා එය වටහා ගෙන සිය ගුණයක් ද හැට ගුණයක් ද තිස් ගුණයක් ද බැගින් කෙනෙක් පල දරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.”
24
උන් වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක:
25
“ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුළ මිනිසෙකුට සමාන ය. මිනිසුන් නිදා සිටිය දී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේ ය.
26
තිරිඟු පැල නැඟී, කරල් හටගත් කල කිරිඳිත් මතු විය.
27
එවිට ගෘහ මූලිකයාගේ දාසයෝ අවුත්, ‘ස්වාමීනි, ඔබේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේ ද? එසේ නම් කිරිඳි කොහෙන් දැ’යි ඔහුගෙන් ඇසූ හ.
28
‘මෙය සතුරෙකුගේ වැඩක් ය’යි ඔහු කී ය. එවිට දාසයෝ කතා කොට, ‘එසේ නම්, අප ගොස් ඒවා උදුරාදමන්න දැ’යි ඔහුගෙන් ඇසූ හ.
29
එහෙත්, ඔහු උත්තර දෙමින්, ‘එසේ නොකරන්න. ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟුත් ඉදිරෙන්නට පුළුවන.
30
ගොයම් කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්න හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේ දී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැ යි කපන්නන්ට කියමි’යි කීවේ ය.”
31
උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි තවත් උපමාවක් වදාරමින්, “ස්වර්ග රාජ්‍යය මෙබඳු ය. එක්තරා මිනිසෙක් සිය කෙතෙහි අබ ඇටයක් වපුළේ ය.
32
එය සියලු ම බීජවලට වඩා කුඩා වුවත්, වැඩුණු කල හැම පලා වර්ගවලට වඩා විශාල වී, අහසේ කුරුල්ලන් අවුත් එහි අතුවල ලැගුම් ගන්න තරම් ලොකු ගසක් වන්නේ ය”යි කී සේක.
33
උන් වහන්සේ තවත් උපමාවක් වදාරමින්, “ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් සහමුලින් ම පිපෙන තුරු එහි දමන ලද මුහුන් පිඩකට ස්වර්ග රාජ්‍යය සමාන ය”යි කී සේක.
34
ජේසුස් වහන්සේ මේ සියල්ල ජනකායට උපමා මඟින් පැවසූ සේක. උපමාවක් නැති ව කිසිවක් ඔවුන්ට නොවදාළ සේක.
35
මෙසේ වූයේ: “මම උපමා මඟින් කතා කරමි, ලෝකයේ මුල සිට ම රහස් ව තිබුණු දේ හෙළි කරන්නෙමි”යි දිවැසිවරයන් ලවා පවසන ලද කරුණු ඉටු වන පිණිස ය.
36
එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ.
37
උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හොඳ බීජ වපුරන තැනැත්තේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය;
38
කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය; කිරිඳි නම් නපුරාට අයිති අය ය.
39
ඒවා වපුළ සතුරා නම් යක්ෂයා ය; කපන කාලය නම් යුගාන්තය ය; කපන්නෝ නම් දේව දූතයෝ ය.
40
කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය.
41
මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට,
42
ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි දී වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.
43
එකල දැහැමි අය තම පියාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝ ය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!”
44
“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබුණු නිධානයකට සමාන ය. එක්තරා මිනිසෙකුට එය සම්බ විය. ඔහුත් එය සඟවා තබා, මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිළ දී ගත්තේ ය.
45
“ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා ගිය වෙළෙන්දෙකුට සමාන ය.
46
ඉතා අගනා මුතු ඇටයක් සම්බ වූ විට ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිලට ගත්තේ ය.
47
“ස්වර්ග රාජ්‍යය වනාහි, මුහුදේ හෙළන ලද, සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමාන ය.
48
ඒ දැල පිරුණු කල, ධීවරයෝ එය වෙරළට ඇද, හිඳගෙන, හොඳ මසුන් භාජනවලට එකතු කොට නරක මසුන් ඉවත දැමූ හ.
49
යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. දේව දූතයෝ නික්ම අවුත්, දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන් කොට,
50
අදමිටුන් ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය.
51
“ඔබ මේ සියල්ල වටහා ගත්තහු දැ”යි උන් වහන්සේ ඇසූ සේක. “එසේ ය”යි ඔව්හු කී හ.
52
එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “එහෙයින් ස්වර්ග රාජ්‍යයෙහි ගෝලයෙකු බවට පත් වන යම් විනයධරයෙක් වේ ද, ඔහු සිය ගබඩාවෙන් නවීන දේත්, පැරණි දේත් පිටතට ගෙනෙන ගෘහ මූලිකයෙකුට සමාන ය”යි වදාළ සේක.
53
ජේසුස් වහන්සේ මේ උපමා කියා නිම කළ පසු එතැනින් නික්ම ගිය සේක.
54
උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, “මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද?
55
මොහු වඩුවාගේ පුතා නොවේ ද? මොහුගේ මවගේ නම මරියා නොවේ ද? මොහුගේ සහෝදරයෝ ජාකොබ්, ජෝසෙප්, සීමොන් සහ ජූදස් නොවෙත් ද?
56
මොහුගේ සියලු සහෝදරියෝත් අප අතරෙහි නොවෙත් ද? එසේ නම්, මේ සියල්ල මොහුට කොහෙන් පහළ වී ද?” කියා,
57
උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. එහෙත් ජේසුස් වහන්සේ කතා කොට, “දිවැසිවරයෙකුට ගරුබුහුමන් නොලැබෙන්නේ සිය රටේ දීත්, සිය ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක.
58
ඔවුන්ගේ අවිශ්වාසය නිසා උන් වහන්සේ එහි දී බොහෝ හාස්කම් නොකළ සේක.
← Chapter 12
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 14 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28