bible
ra
🌐 Language
English
Español
Français
Deutsch
Português
Italiano
Nederlands
Русский
中文
日本語
한국어
العربية
Türkçe
Tiếng Việt
ไทย
Indonesia
All Languages
Home
/
Sinhala
/
Sinhala Bile - New Revised Version (NRSV)
/
Matthew 24
Matthew 24
Sinhala Bile - New Revised Version (NRSV)
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 25 →
1
ජේසුස් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යද්දී, එහි ගොඩනැඟිලි උන් වහන්සේට පෙන්වන පිණිස ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.
2
එහෙත්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “මේ සියල්ල ඔබට පෙනෙනවා නො වේ ද? සැබැවින් ම මම ඔබට කියමි, ගලක් මත ගලක් ඉතිරි නොවන ලෙස ඒවා සියල්ල ම බිඳ හෙළනු ඇතැ”යි වදාළ සේක.
3
උන් වහන්සේ ඔලීව කන්දේ වැඩසිටි කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, පෞද්ගලික ලෙස කතා කර, “ඒ දේ සිදුවන්නේ කවදා ද? ඔබේ පුනරාගමනය හා කල්පාන්තය පිළිබඳ පෙර ලකුණු මොනවා ද කියා අපට කිව මැනව”යි කී හ.
4
ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ඔබ කිසිවෙකු අතින් මුළා නොවන හැටියට බලාගන්න.
5
මන්ද, බොහෝ දෙනෙක්, ‘මම ක්‍රිස්තුස් වෙමි’ කියමින් මාගේ නාමයෙන් ඉදිරිපත් වී බොහෝ දෙනෙකු මුළා කරති.
6
යුද්ධ හා යුද්ධ පිළිබඳ කටකතා ඔබට ඇසෙනු ඇත. ඒවාට බිය නොවන්න. මන්ද, මේ සියල්ල සිදුවනු නියත ය. එහෙත්, අවසානය තව ම පැමිණ නැත.
7
ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.
8
මේ සියල්ල නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්ම ය.
9
එකල ඔව්හු ඔබ වධබන්ධනවලට පාවා දී මරන්නෝ ය. මා නිසා සියලු ජාතීහු ඔබට වෛර කරන්නාහ.
10
එකල බොහෝ දෙනෙකුගේ ඇදහිල්ල බිඳ වැටෙනු ඇත. ඔව්හු ඔවුනොවුන් පාවා දෙන්නාහ; ඔවුනොවුන් කෙරෙහි වෛර බැඳගන්නාහ.
11
බොහෝ බොරු දිවැසිවරු නැඟිට බොහෝ දෙන මුළා කරන්නාහ.
12
අධර්මය වැඩෙත් ම බොහෝ දෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේ ය.
13
එහෙත්, අවසානය දක්වා ම ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය.
14
රාජ්‍යය පිළිබඳ මේ සුබ අස්න සියලු ජාතීන් හට සාක්ෂියක් වන පිණිස ලොව පුරා ප්‍රකාශ කරනු ලබන්නේ ය. එවිට අවසානය පැමිණෙන්නේ ය.”
15
“එබැවින් දානියෙල් දිවැසිවරයා සඳහන් කළ, ‘බිහිසුණු දූෂිතය, ශුද්ධස්ථානයෙහි තිබෙනු ඔබ යම් කලක දකින්නහු ද, (පාඨකයා තේරුම්ගනීවා)
16
එකල ජුදයෙහි සිටින අය කඳුවලට පලා යෙත් වා.
17
පියස්ස මත සිටින්නා තම ගෙයි තිබෙන තමා සතු කිසිවක් ගන්නා පිණිස නොබසී වා.
18
කෙතෙහි සිටින්නා ද තමාගේ ඇඳුම් ගැනීමට පෙරළා නොයේ වා,
19
ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි මවුවරුන්ට ද ඇතිවන දුකක මහත!
20
හේමන්තයේ දී වත් සබත් දිනක දී වත් මෙය සිදු නොවන ලෙස යාච්ඤා කරන්න.
21
මන්ද, ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ විරූ, මතු ද සිදු නොවන විරූ දරුණු පීඩාවක් එකල්හි සිදුවන්නේ ය.
22
ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් වත් නොගැළවෙන්නෝ ය. එහෙත්, තෝරාගත්තවුන් උදෙසා ඒ කාලය කෙටි කරනු ලබන්නේ ය.
23
එකල, ‘බලන්න, ක්‍රිස්තුන් වහන්සේ මෙන්න, මෙතැන ය’ නැත්නම් ‘අන්න, අතන ය’යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.
24
කුමක්නිසා ද ව්‍යාජ ක්‍රිස්තුවරයන් ද ව්‍යාජ දිවැසිවරයන් ද පහළ වී, හැකි නම්, තෝරාගත්තවුන් පවා මුළා කරන ලෙස ලකුණු හා අරුමපුදුම දේ දක්වනු ඇත.
25
බලන්න, මම ඔබට කල්තියා කීවෙමි.
26
‘අන්න, උන් වහන්සේ පාළුකරයේ සිටින සේකැ’යි ඔවුන් ඔබට කීවොත්, පිටත් ව නොයන්න, ‘උන් වහන්සේ කාමරයක සැඟවී සිටින සේකැ’යි කීවත්, විශ්වාස නොකරන්න.
27
මන්ද, විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා විහිදෙන්නේ යම් සේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය එසේ ම වන්නේ ය.
28
“මළසිරුර යම් තැනෙක්හි ද එතැනට ගිජු ලිහිණියෝ රැස් වෙති.”
29
“ඒ දවස්වල පීඩා නිම වූ කෙණෙහි ම, හිරු අඳුරු වන්නේ ය; සඳ එළිය නොදෙන්නේ ය; තාරකාවෝ අහසින් පතිත වන්නාහ; අහසේ බලපරාක්රම දෙදරා යයි.
30
එකල මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ සලකුණ අහසෙහි පහළ වෙයි. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝ ය. ඔව්හු මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද අහසේ වලාකුළු මත වඩිනු දකින්නෝ ය.
31
උන් වහන්සේ මහත් හොරණෑ හඬක් සහිත ව තම දූතයන් එවන සේක. ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සිව් දිගින් තෝරාගත්තවුන් රැස් කරන්නෝ ය.”
32
“අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ යයි ඔබ දන්නහු ය.
33
එලෙස ම ඔබත් මේ සියල්ල සිදුවනු දකින විට උන් වහන්සේ දොරකඩ ම යයි දැන ගන්න.
34
සැබැවින් ම මම ඔබට කියමි, මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහ වී නොයන්නේ ය.
35
අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.”
36
“මාගේ පියාණන් වහන්සේ මිස, ඒ දිනය හා පැය අන් කිසිවෙක් නොදනිති; ස්වර්ගයෙහි දේව දූතයෝ වත්, පුත්‍රයාණෝ වත් නොදනිති.
37
තවද නෝවාගේ දවස්වල සිදු වූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය වන්නේ ය.
38
එකල, ජල ගැල්මට ප්‍රථමයෙන්, නෝවා නැවට ඇතුළු වූ දිනය දක්වා, ඔව්හු කමින් බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ.
39
ජල ගැල්ම පැමිණ සියල්ලන් ගසා ගෙන යන තුරු ඔව්හු කිසිවක් නොදත්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය ද එලෙස ම වනු ඇත.
40
එකල මනුෂ්‍යයෝ දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් තැනැත්තෙක් ගනු ලබන්නේ ය; අනික් තැනැත්තා හැරදමනු ලබන්නේ ය.
41
ස්ත්‍රීහු දෙදෙනෙක් ඇඹරුම් ගලේ අඹරමින් සිටිති; එක් තැනැත්තියක් ගනු ලබන්නී ය; අනික් තැනැත්තිය හැරදමනු ලබන්නී ය.
42
එබැවින් අවදි ව ඉන්න. ඔබගේ සමිඳාණන් වහන්සේ කිනම් දවසක එන සේක් දැ යි ඔබ නොදන්නහු ය.
43
සොරා කොයි යාමයේ එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.
44
එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. කුමක්නිසා ද ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණෝ වඩින සේක.”
45
“තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ස්වාමියා විසින් පත් කරන ලද විශ්වාසී, සිහි නුවණ ඇති දාසයා කවරෙක් ද?
46
ස්වාමියා ආ කල යම් දාසයෙකු සිය සේවයෙහි යෙදී සිටිනු දුටුවොත්, ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය.
47
සැබැවින් ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමා සන්තක සියල්ලේ භාරකාරයා කොට ඔහු පත් කරන්නේ ය.
48
එහෙත්, ඔහු අයහපත් දාසයෙකු නම්, ‘මාගේ ස්වාමියා පමාවනු ඇතැ’යි සිතින් සිතා,
49
තම දැසිදසුන්ට තළන්න පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටියොත්,
50
ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී, ඔහුගේ ස්වාමියා අවුත්,
51
ඔහුට දරුණු ලෙස දඬුවම් කර, කෛරාටිකයන්ට නියමිත තැන ඔහුටත් නියම කරනු ඇත. එහි දී වැලපීමත් දත්මිටිකෑමත් වන්නේ ය.”
← Chapter 23
Jump to:
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 25 →
All chapters:
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28